06 කොටස

3.7K 545 143
                                    

"ලස්සන්නැන්දේ....ලස්සන්..."

"අනේ මගෙ පැටියා....එන්න එන්න නැන්දියා බලාගෙනමයි හිටියේ...."

අද හවස එකහමාර පහුවෙනකල් සාගරී හිටියෙ ඇඟිලි ගැන ගැන....කිරියට ආව ගමන් කන්න දෙන්න කියල සාගරී පෑන් කේක් වගේකුත් හදල තිබ්බා....එදා යවපුවා ආසාවෙන් කෑවා කියල සුනිල් බොක්ස් එක ගෙනැත් දුන්න වෙලේ කියල තිබ්බනෙ....සෙටියට වෙලා පොතක් කියව කියව ඉඳපු සාගරී කිරියගෙ කටහඬ ඇහෙද්දිම එලියට ආවා විතරක් නෙවෙයි කොල්ලව ලඟට අරන් තුරුල් කරගත්තා....

"නෝනෙ මේ බෑග් එකේ තියෙනවා ඇඳුමක්....කොල්ලට ඇඟ හෝදගන්න පෙන්නන්ඩකො...ඒකා හෝදගනී....කිරියට ඉස්කෝලෙ ඇරිලා ආව ගමන් ඇඟ හෝදන්න ඕනි ඒකයි...."

සාගරී අතට ඇඳුම් බෑග් එක දීලා සුනිල් යන්න යද්දි කිරියගෙ අතින් අල්ලගත්ත සාගරී ගේ ඇතුලට එක්කන් ආවා...

"කෝ නැන්දියෝ අයියා..."

"අයියා ඇති කාමරේ....එලියට එන්නෑ දවල්ට ගෝනිබිල්ලෙක්නෙ....අපි ගිහින් වොශ් දාලා පෑන් කේක් කමු හාද....ඔයා ආසා හින්දා නැන්දි හදල තිබ්බා...."

"හිහී....හා..."

කිරියව එක්කගෙන ගිහින් ඇඟ හෝදවල සුනිල් දුන්න ඇඳුම අන්දවපු සාගරී එයා ගාව තිබ්බ බේබි කොලෝන් එකෙනුත් ටිකක් කොල්ලට දාලා හාදුවකුත් තිබ්බා....

"ම්ම් සුවඳේ බෑ....යන් කාලා බණ්ඩි පුරවගමු..."

සාගරී කොයි දරුවටත් එකයි....දරුවො කීවොත් සාගරීට ලෝකෙම අමතකයි....පේනවනෙ දැන් මේ කිරියව ලෝකෙම කරන් ඉන්න හැටි....ලස්සන්නැන්දා හදලා දීපු පෑන් කේක් කාලා ෆෘට් ජූස් එක්කුත් බීව කිරියා හොඳට බඩ පුරවගත්තා...හැබැයි කිරියට දැන් නලියනවා....ගෝනිබිලි බබා අයියා දැක්කෙ නෑනෙ...

"නැන්දියෝ...."

"ම්ම්...."

"අයියා එලියට එන්නෑ..."

"අයියා දොයිද දන්නෑ....යන්කො බලන්න....ඇහැරලා හිටියොත් අයියා එක්ක ඉන්න...."

දිහාන් කාමරේ ගාවට ගිය සාගරී දොරට තට්ටු කරේ දොර වහලා හින්දා....ඇතුලෙ ඉදන් දිහාන් කතා කරාම නිදි නෑ කියල තේරුන සාගරී කිරියට දොර ඇරලා දීලා ඇතුලට යන්න කියල ආපහු එන්න ආවා....සාගරීට දැන් දිහාන් එක්ක පොඩි එකා තියන්න බය නෑ....මොකද දිහාන් නපුරුකම් කරන්නෑ කියල විශ්වාසයි....ඊයෙ එයාම පිලිගත්තනෙ පොඩි එකාට ආදරේ හිතුනා කියල....

විදූWhere stories live. Discover now