22 කොටස

3.6K 505 79
                                    

හැමෝම තම තමන්ගෙ වැඩ එක්ක බිසී වෙද්දි මාසයක කාලයක් ගෙවිලා ගිහින් තිබ්බෙ කාටත් නොදැනීම....

මොනදේ කොහොම ඒ විදිහටම තිබ්බත් විදුල්ගෙ හිත නම් මේ කාලෙ ඇතුලත සෑහෙන්නම වෙනස් වෙලා...මීට ටික කාලෙකට කලින් උත්තර නැතුව හිතට වද දුන්න ප්‍රශ්නෙට උත්තරේ විදුල් දැන් හොඳටම දන්නවා...සුජාන් දැන් ඇහුවොත් දිහාන් උඹේ අයියා විතරමද කියල විදුල්ට පුලුවන් දෙපාරක් නොහිතම උත්තර දෙන්න....

විදුල් එයාගෙ අයියගෙන් බලාපොරොත්තු වෙන ආදරේ සහෝදරයෙක්ගෙන් ලැබෙන ආදරේ නෙවෙයි කියන්න විදුල්ට දැන් තේරෙනවා..

'මං අයියට ආදරෙයි....ඉස්සර විදිහට නෙවෙයි....ආදරවන්තයෙක් විදිහට...මට අයියව ඕනි සහෝදරයෙක් විදිහට නෙවෙයි මගෙ ආදරේ විදිහට...මේක හරිද වැරදිද මන්දන්නෑ....හැබැයි මම අයියට ආදරෙයි....'

අයියගෙ හිතේ තමන් ගැන තියෙන්නෙ මොනවගේ හැඟීමක්ද කියන්න විදුල් දන්නෙ නෑ.... අයියව වෙන කාටවත් දීලා බලා ඉන්නත් විදුල්ට කොහෙත්ම බෑ....එහෙමයි කියල කෙලින්ම ගිහින් අයියට තමන්ගෙ ආදරේ කියන්නත් කොල්ලට හයියක් නෑ....අයියා මොනවා හිතයිද විදුල්ට බයයි....අයියා එයාගෙ හිතේ එහෙම දෙයක් නෑ කීවොත් ඒක දරාගන්නත් කොල්ලට බැරිවෙයි....

අයියගෙ හිත තේරුම් ගන්න විදුල්ට තවම අමාරුයි....දිහාන් කියන්නෙ ලේසියකට හැඟීම් පෙන්නන කෙනෙක් නෙවේ හින්දා ඒක කොහොමත් අමාරුයි....දිහාන් කරන සමහර දේවල් වලින් විදුල්ගෙ හිතට බලාපොරොත්තුවක් දැනුනත් ආයෙම වෙන දේවල් හින්දා ඒක බිඳිලා යනවා....විදුල්ට තේරෙන්නෑ එයා මොකද කරන්නෙ කියල ...අයියට කලින් අක්කෙක් හිටියා....විදුල් ඒක දන්නවා....දැනුත් ඉන්නවද නැද්ද ඒ අක්කා ගැන තවම හිතනවද විදුල් දන්නෙ නෑ....අයියා කැමති ගැණු ලමයින්ට විතරනම් කීයටවත් තමන්ට ඒ හිතේ ඉඩක් නෑ කියන්නත් විදුල්ට නොතේරෙනවා නෙවෙයි....

සාගරී ගාවට ආව දවසෙ ඉඳන් විදුල් හිතට මොන ප්‍රශ්නයක් ආවත් මුලින්ම කතා කරේ සාගරී එක්ක....ඒක මොන විදිහෙ දෙයක් උනත් සාගරී ගාව හැමදේටම උත්තරයක් තිබ්බා....විදුල් ගොඩක් දේවල් දැනගත්තෙ ඉගෙනගත්තෙ සාගරීගෙන්....ඒ හින්දමයි හිතේ පැසවන මේ ප්‍රශ්නෙත් වටින් ගොඩින් හරි නැන්දා එක්කම කතා කරන්න කොල්ලා තීරණේ කරේ....විදුල්ට ඕනි උනා කොල්ලෙක් තවත් කොල්ලෙක්ට ආදරේ කරන එක ගැන නැන්දා හිතන්නෙ කොහොමද කියල දැනගන්න....

විදූWhere stories live. Discover now