34 කොටස

3.1K 437 32
                                    

හතට කිට්ටු වෙද්දි දිහාන්ට ඇහැරුනා වෙද්දි මුලින්ම මූණෙ ඇඳුනෙ හිනාවක්....සාගරී ලවා බත් කවාගෙන ආච්චි කියපු දේවල් එකක් නෑර දිහාන් එක්ක කියල මදිපාඩුවට අඬලා මහ රෑ වෙලා නිදාගත්ත පොඩි කොල්ලා දිහාන්ගෙ ඇඟ උඩින් කකුලකුත් දාගෙන සැපට නිදි ...කැම්පස් යන්නෙත් නැති එකේ දැම්ම ඇහරවන්න ඕන්නෑ කියල හිතපු දිහාන් විදුල්ට ඇහැරෙන්නෙ නැති වෙන්න නැගිටලා වොශ් එකක් දාගෙන පහලට ගියා වෙද්දි සාගරී ගුණවතීට දෙන්න සුප් එකක් හදන ගමන් හිටියා....

"චූටි පුතා තව නිදිද බබා..."

"ම්ම්...."

සාගරී හදලා දුන්න තේ එකත් අරගෙන සාලෙට ආව දිහාන් සිරිවර්ධන එක්කම වාඩිවෙලා වෙද්දි ගොඩ දවසකට පස්සෙ සිරිවර්ධන පුතණ්ඩියා එක්ක නිදහසේ කතාවක් පටන් ගත්තා....

"පුතා දැන් ඔයාගෙ ප්ලෑන්ස් මොනවද ඉස්සරහට....අයි මීන් චූටි පුතයි ඔයයි....."

"විදූගෙ ඩිග්‍රි එක කම්ප්ලීට් වෙනකල් මොකුත් ප්ලෑන්ස් නෑ අප්පච්චි....ඊට පස්සෙ නම්...."

"මෙහෙන් යන්නද බලාපොරොත්තුව..."

"ම්ම්...කොහොමත් මෙහෙ මැරේජ් එකක් කරන්නත් බැරි එකේ යන්න තමයි හිතුවෙ..."

"ඒක ඇත්ත මෙහෙට වඩා එහෙ ඔය දෙන්නට නිදහස්...මොනදේ කරන්නත් කලින් සුනිල්ගෙන් අවසර ගත්තා නම් හොඳයි දෙව්...මම කැමතියි ඔයා ඒක ඉක්මනටම කරනවා නම්...."

"අද සුනිල් අංකල් ආවම මම කතා කරන්න ඉන්නෙ අප්පච්චි...."

අප්පච්චිගෙයි පුතාගෙයි කතා බහ අතරතුරේ ගෙදර බෙල් එක ගහනවා ඇහෙද්දි සාගරී ගිහින් දොර ඇරියා වෙද්දි ඇවිත් හිටියෙ සුනිල් උනා....සුනිල් එක්ක ගංගා නෙතුල් දෙන්නත් ඇවිත් තිබුණා වෙද්දි සාගරී හැමෝටම ඇතුලට කතා කරා....

"මෙයාලා කුකුළත් අතේ අරන් ඇවිත්නෙ...අපි හිතුවා දවල් වෙයි කියල...."

"උදෙන්ම ආවා නෝනෙ....දවල් ගමන් වලට වඩා උදෙන්ම ගමන් පහසුයිනෙ...."

"ඒක නම් එහෙම තමා සුනිල් මල්ලි...එන්න පුතේ අයියා නම් අන්න තවම නිදි...."

සාගරී ආව අයට කතා කරල වාඩිවෙන්න කියද්දි සිරිවර්ධන මහත්තයාත් කතාවට එකතු වෙද්දි දිහාන් උඩට ගියෙ විදුල්ව ඇහැරවන්න හිතාගෙන....

විදූWhere stories live. Discover now