31 කොටස

3.6K 458 97
                                    

බ්‍රැන්ඩිගෙ ප්‍රශ්නෙන් පස්සෙ සතියක් විතරම කැම්පස් ගියත් කිසි ප්‍රශ්නයක් නොවුණු තැන විදුල් හිතුවෙ බ්‍රැන්ඩි ඒක අමතක කරල දාන්න ඇති කියල වෙද්දි කොල්ලත් ඒ සිද්දිය හිතින් අමතක කරලම දැම්මා....සුජාන් ගෙ නම් අදහස උනේ බ්‍රැන්ඩි කියන්නෙ එහෙම ලේසියෙන් දෙයක් අමතක කරන ජාතියේ එකෙක් නොවෙන හින්දා කෝකටත් අවදානෙන් ඉන්න එක හොඳයි කියන එක...කොහොමත් විදුලුත් නොදැක්කා නෙවෙයි අතන මෙතන ඉදන් බ්‍රැන්ඩියා එයා යන එන දිහා ඇහැ දාගෙන ඉන්නවා....ඒ උනත් විදුල් අවදානයක් දෙන්නවත් ගනන් ගන්නවත් නොගියා වගේම සුජාන් හැමවෙලේම වගේ විදුල් එක්ක හිටියා....

ඊයෙයි අදයි දෙකේම කැම්පස් එකේ ස්ට්‍රයික් එකක් කියලා ඇකඩමික් නවත්තද්දි දැන් දවස් දෙකක් තිස්සෙ විදුල් ගෙදර....ඊයෙ අයියා කම්පැනියට නොයාම බෑ කියලා ගියාට අද නම් විදුල් කුරු කුරු ගාලම අයියව නවත්තගත්තා වෙද්දි දවල් වෙලා රවුමක් එක්ක යන්න කියල දස වද දුන්නා...වදෙන් බේරෙන්න බැරි තැනම දිහාන් හා කියල පොරොන්දු උනාම විදුල් මෙච්චර වෙලා හිටියෙ ඒ ඕපාදූපෙ නැන්දගෙ කනේ තිය තිය....

"විදූ...!! මෙහෙ එනවා...."

දිහාන් අල්මාරිය දිහා බලන් මහ හයියෙන් බෙරිහන් දෙද්දි පහළ සාගරී එක්ක ඉඳපු විදුල් අඩියට දෙකට කාමරේට දුවගෙන ආවෙ අයියට මොකක් උනාද බලන්න....උදෙත් කිසි ප්‍රශ්නයක් නැතුව හිටියා මතකයි....

"ඇයි අප්පා කෑගහන්නෙ..."

"කෑගහන්නෙ.... ඇවිත් බලහන් මේ අල්මාරියෙ හැටි....මේක අල්මාරියක්ද පිස්සන් කොටුවක්ද...."

දිහාන් ආයෙම බෙරිහන් දෙද්දි අල්මාරියට එබිලා බලපු විදුල් ඔලුවත් කහ කහ පැත්තකට උනේ මදිපාඩුවට කටත් උල් කරගෙන....

"ඔය තියෙන්නෙ අප්පා ශෝක් එකට...."

"මගෙන් ගුටි නොකා අස් කරපන් මේ ටික එකක් නෑර....ඇඳුම් ගුලි කර කර විසික් කරල....මගෙ ඇඳුමක් හොයා ගන්නවත් තියෙද බලහන්....අල්ලලා විසි කරනවා සේරම කහල ගොඩට...."

"අනේ ම්හු බයින්නෙ...."

"බනින්නෙ නෙවෙයි පට්ට ගහන්නෙ....වෙනදටත් අල්මාරිය මෙහෙමද ආ...රෙදි මෙහෙම ගුලි කරල හරියන්නෑ නවලා දාන්න ඕනි....නවලා...."

විදූWhere stories live. Discover now