දිහාන් දෙව්මික....බ්‍රිගේඩියර් ගාමිණී සිරිවර්ධනගෙත් සාගරී සිරිවර්ධනගෙත් එකම දරුවා....අප්පච්චිගෙම අනුරුවක් වෙච්ච දිහාන් වයස විසි දෙකක කඩවසම් තරුණයෙක්....තද කලු ගැඹුරු ඇස් තද කලු කෙස් එක්ක පැහැපත් හම දිහාන්ගෙ කඩවසම්කම තවත් වැඩි කරා....
දිහාන් ප්‍රයිවට් යුනිවර්සිටි එකක බිස්නස් මැනේජ්මන්ට් ඉගෙනගන්න දෙවන අවුරුද්දෙ ශිෂ්‍යයෙක්....අප්පච්චිට නිවාඩු ලැබුණ හින්දම අම්මගෙ වදෙන් ගැලවෙන්න බැරිම තැන නිකේතනේට ආවා මිසක් මෙහෙ එන්න දිහාන්ගෙ වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ....යාලුවො පාර්ටි ස්ටඩීස් අනම් මනම් එක්ක බිසී ලයිෆ් එක්කට හුරුවෙලා ඉන්න දිහාන් ගමකට ඇවිත් ගස් කොලන් දිහා බලන් ඉන්න එක තේරුමක් නැති කම්මැලි දෙයක් විදිහටයි දැක්කෙ....අඳුරන කෙනෙක් නෑ යාලුවෙක් නෑ....
දිහාන් හිටියෙ ඇඳේ මෙහා කොනෙන් කොට්ටෙ ඇඳ වියලට තියල හේත්තු වෙලා....අම්මි එකපාරටම කොහෙන්දෝ අරගෙන ආව පොඩි ඇටයා දිහාන්ගෙ ඇඳේ බිත්තිය පැත්ත අයිති කරගෙන හොඳ නින්දක....ටික වෙලාවක් එෆ්බී වෝල් එකේ ඉහල පහල ගියත් කම්මැලි හිතෙද්දි ෆෝන් එක පැත්තකට දාපු දිහාන් ඇඳේ නිදන් ඉන්න පොඩි එකා දිහා බැලුවා....
කිරිම කිරි පාටයි....අත පය උනත් හරි පුංචියි....කෝටු වගේ...කොට්ටෙට තද වෙලා රෝස පාට චූටි කටත් පොඩ්ඩක් උල් වෙලා....ඉන්නෙ කොහෙද මෙලෝ සිහියක් නැතුව හීන බල බල නිදි...
"හහ්....පුදුමයක් නෑ අම්මා පිස්සු හැදිලා ඉන්න එක...නිදන් ඉන්න හැටි....පොඩි ඇටයා...."
සහෝදර සහෝදරියො නැතුව හැදුන දිහාන්ට පොඩි උන් කියන්නෙම දිරවන්නැති මාතෘකාවක්....දිහාන් සාගරීගෙ අනිත් පැත්ත....සාගරී පොඩි උන්ට පණ ඇරල වෙද්දි දිහාන් කරේම පොඩි එකෙක් අහුවුණොත් ඒකාට අඩන්තේට්ටම් කරපු එක....අඬවපු එක....
ඒත් මොනහේතුවකටදෝ ආපහු ෆෝන් එක ගත්ත දිහාන් නිදාගෙන ඉන්න කිරියගෙ ෆොටෝ එකක් අරගත්තා....අරගෙන ඒක දිහා ටික වෙලාවක් බලා ඉඳල ෆෝන් එක පැත්තකට දාලා කොට්ටෙත් හරියට හදාගෙන නැප් එකක් දාන්න ලෑස්ති උනා....
සමහරවිට මේ පාර අම්මි පිස්සු වැටුණ පොඩි එකාගෙ හුරතල්පාට හින්දම දිහාන්ටත් ආදරේ හිතෙන්න ඇති...
YOU ARE READING
විදූ
Romanceසමාවෙයන්... මුල්ම ආදරේ උඹ වෙනුවෙන් ඉතිරි කර නොගත්තට... ඒත් , මගේ අවසානම ආදරේ... උඹ... උඹම විතරයි මගෙ විදූ... __________________________________________ විදූ විදුල් දෙව්සිත × දිහාන් දෙව්මික Start - 2024.05.23 End - 2024.06.25