26 කොටස

3.8K 541 155
                                    

"ඇයි සිරී මේ ළමයට මොනවා වෙලාද....මම.ඇහුවා පහුගිය දවස්වල ප්‍රශ්නයක් තියෙයිනම් කියන්න කියල ඒකත් නෑ....දැන් එක පාරට ගහෙන් ගෙඩි එන්නා වගේ යන්න යනවලු....මං දන්නෑ සිරී මට තේරෙන්නෑ...."

"ඔයා කියෙව්වා කියල වැඩක් නෑනෙ සාගරී....කොල්ලට යන්න ඕනි නම් යන්න දෙමු....එයා ඉන්නෙ අපිට බලෙන් අල්ලලා නවත්තන්න පුලුවන් වයසක නෙවෙයි තනියෙන් තීරණ ගන්න පුලුවන් වයසක....මෙහෙට වඩා එහෙ හොඳයි කියල හිතනවා නම් ගිය දෙන්...."

"ඔයාට තේරෙන්නෑ සිරී....ඔයාට තියා මට තේරෙන්නෙත් නෑ...."

කේන්තියි දුකයි දෙකම එකතු වෙලා සාගරී කියවනවා...කොච්චර උනත් ඒ සාගරීගෙ එකම දරුවා....සාගරීට ගොඩක්ම දුක දිහාන් කිසි දෙයක් ගැන සාගරී එක්ක කතා නොකරන එක....ගිය පාර ගෑණු ළමයෙක් හින්දා රට දාල යන්න ගියා ..මේ පාර යන්න හදන හේතුව මොකද්ද කියලවත් දන්නෙ නෑ....

"දෙව් අපිව අතඇරලා යනවා නෙවෙයිනෙ සාගරී....ඒ ළමයට නිදහස තියෙනවා කැමති විදිහට ජීවත් වෙන්න....ඒක එයාගෙ ජීවිතේ..."

"හ්ම්ම්....මං තේ හදන්නම් හැමෝටම....පුතාලා දෙන්නට කතා කරන්න ගිහින්...."

හොඳ හුස්මක් ගත්ත සාගරී නැගිටලා කුස්සියට යන්න යද්දි සිරිවර්ධන නැගිට්ටෙ කොල්ලො දෙන්නට කතා කරන්න යන්න....

.
.
.
.
.
.

ආව ගමන් අහන්න ලැබිච්ච දේත් එක්ක විදුල් ඉන්නෙ ශොක් වෙලා වගේ....කාමරේට ආවා ආවමයි කොල්ලා ඔහේ ඇඳ උඩට වෙලා බලා ගත්ත අතේ බලාගෙන....විදුල්ට තේරෙන්නෑ එයා මොනවා කරන්නද කියලා....

'ඒ කියන්නෙ ඔයා මට නැත්තටම නැති වෙන්නද යන්නෙ අයියෙ....ඒකනෙ වෙන්නෙ ඔයා යන්න ගියොත්...අයියෙ මං කොහොමද ඔයාට යන්න දෙන්නෙ....මට බෑ දෙයියනේ...මට බෑ....

ඔයා නැතුව පහුගිය දවස් හය ගෙවාගත්ත අමාරුව දන්නෙ මම විතරයි.....එහෙම එකේ ඔයා රටින්ම යන්න ගියොත් මගෙ පපුව පැලිලා යයි...මම මොකද කරන්නෙ අයියෙ....මම මොකද කරන්නෙ....මට ඔයාව නැති කරගන්න බෑ....මට ඔයාව ඕනිනෙ....'

හදවතට දැනෙන වේදනාව වැඩිවෙද්දි විදුල්ගෙ කම්මුල් දිගේ එයාට නොදැනිම කඳුලු ගලාගෙන යනවා....හීනෙන්වත් නොහිතපු විදිහට අයියා යනවා කියද්දි විදුල්ට ඒක කොහෙත්ම දරාගන්න ලේසි නෑ....

විදූWhere stories live. Discover now