"ඔක්කොම හරි නේද චූටි පුතා...කෝ සුජාන් පුතා තව ආවෙ නෑනෙ...."
"දැන් මේ ලඟ කිව්වා ආ අර එන්නෙ කියද්දිම...."
"එහෙනම් පිටත් වෙමු නේද සාගරී....තව පරක්කු වෙවී හිටියොත් එහෙට යද්දි හවස් වෙයි...."
සිරිවර්ධන මහත්තයා ඩ්‍රයිවින් ශීට් එකට නගිද්දි දිහාන් පැසෙන්ජර් ශීට් එකට නැග්ගා වෙද්දි සාගරී වෑන් එකේ ඉස්සරහම ශීට් එකේ ඉඳගනිද්දි විදුල් සුජාන් දෙන්නා පිටිපස්සටම ගියෙ දෙනෙත්ලට මැද ශීට් එක ඉතුරු කරල....
"දෙනෙත් පුතාට කෝල් කරාද බබා...."
"ම්ම් පාරට ඇවිත් ඉන්නෙ කිව්වා...."
මේ පාර නිවාඩුවට විදුල්ගෙ ගමේ යන්න සෑහෙන පිරිසක් එකතු වෙලා....සුජානුත් විදුල්ලා එක්කම ගෙදර යන්න එද්දි කාලෙකින් කොහෙවත් යන්න බැරි උනා කියල දෙනෙත් නිසලි දෙන්නත් ගමනට එකතු උනා....අන්තිමේ වාහන ගොඩක් බොරුවට ගිහින් ගමේ මිනිස්සුන්ගෙ අනවශ්‍ය අවදානයක් ගන්න ඕන්නෑ කියපු සිරිවර්ධන මහත්තයා හැමෝටම යන්න පුලුවන් වෙන්න වෑන් එකක් කුලියට ගමු කීවා වෙද්දි හැමෝම ඒ අදහසට එකඟ උනා....
දිහානුත් තිබ්බ මීටින් අනම් මනම් කැන්සල් කරල ලෑස්ති උනා වෙද්දි අද උදෙන්ම හැමෝම වෑන් එකට නැග්ගෙ විදුල්ගෙ ගමේ ගිහින් එන්න....දවසක් දෙකක් නැවතිලා එන්න තමයි කට්ටියගෙ බලාපොරොත්තුව....
අතරමගින් දෙනෙතුයි නිසලියි චූටික්කිවත් නග්ගගත්ත වෑන් එක සිරිවර්ධන මහත්තයායි දිහානුයි මාරුවෙන් මාරුවට ඩ්‍රයිව් කරා වෙද්දි පැය හතරක හතර හමාරක විතර ගමනකට පස්සෙ විදුල්ගෙ ගමට එන්න කට්ටියට පුලුවන් උනා....
හැමෝම මහ හයියෙන් සිංදු කියන්න ගත්ත හින්දම ගමට එනකල්ම විදුල්ට නිදාගන්න හම්බුණේ නැති වෙද්දි පලවෙනි පාරට විදුල් පැයගානක් වාහනේක ඇස් ඇරගෙන ආවා.... ඒක මුලින්ම නෝට් උනේ සාගරීට ...
"චූටි පුතා අද නම් නිදි යෑවෙ නෑ නේද...."
"අඩෝ ඇත්තටම මූ අද නිදියෑවෙ නෑ නේද....ලෝකපුදුමයක්..."
අනිත් අයත් ඒකට පුදුමය ප්‍රකාශ කරද්දි ගස්සපු විදුල් රවාගෙන ජනේලෙන් එලිය බලාගත්තෙ හැමෝටම හිනා යද්දි....
.
.
.
.
.
.
YOU ARE READING
විදූ
Romanceසමාවෙයන්... මුල්ම ආදරේ උඹ වෙනුවෙන් ඉතිරි කර නොගත්තට... ඒත් , මගේ අවසානම ආදරේ... උඹ... උඹම විතරයි මගෙ විදූ... __________________________________________ විදූ විදුල් දෙව්සිත × දිහාන් දෙව්මික Start - 2024.05.23 End - 2024.06.25