Chapter 1

437 24 2
                                    


"අම්මා මම දැන් එකපාරක් ඔයාට කිවුවා..ට්‍රාන්සර් එක ආවේ ඔයාට මිසක් මට නෙවෙයි..මම එන්නෑ නෑ නෑ නෑමයි.."

අඩිත් පොලවේ හප්පන් මම කාමරේට ගිහින් මහ සද්දෙට දොර වහගත්තේ මට මේ මල මගුල දරාගන්න බැරිම තැන..

''අම්මට හැ####''
ආව වේගෙට එකපාරට කාමරේට ඇතුල් වෙන ගමන් තිබ්බ මගේ කැරකෙන පුටුවේ මගේ සූටි ඇගිල්ල වැදුනේ මට හදේ හාවගේ නැට්ටේ හිටපු කිනිතුල්ලවත් අන්න බලහන් පුතේ කිනිතුල්ලා කියලා පෙන්නලා..

එහෙම්මම නොන්ඩි ගගහා ඇදට වැටුන මම කල්පනා කලේ හොදට හිටපු උදාර මට මේ මොන මලෝත්තක්ද උනේ කියලා..

මම අශික නිර්වාන් දුනුසිංහ . දුනුසිංහ පරම්පරාවේ දැනට ඉන්න බුලට් එක.අවුරුදු 18යි.සුදු හීන්‍ දෑරි කොලුගැටයෙකු වන මා සතුව ඇත්තේ දුටුවන් නෙත් වසග කරන රූපයක් කියලා අපේ ආච්චි මට නිතරම කියනවා .එයට ඇතුලත් අංග නම් ලා ඇත් දල පාට සම , ඝනට වැඩුන දෙබැම, ඇග පුරා දුවන  ඔන්න පුපුරන්න මෙන්න පුපුරන්න වගේ නහර පෙනෙන අත , තනි කෙලින් පිහිටා ඇති දන්ත කල්‍යානිය, අස්ස නැට්ට වැනි කීරි කොන්ඩය  වැනි අංග තමා.ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර මචාංලා අපි..

කලින් කිවුවා වගේ මම අශික නිර්වාන් .අපේ ගෙදර වන් ඇන්ඩ් ඔන්ලි සන් .මම ඉන්නේ නුවර යන්නේ නුවර ප්‍රසිද්ද බෝයිස් ස්කූල් එකකට..එතකොට අපේ අම්මා එරංදතී වර්ශා දුග්ගන්නාරාල එයා වෘත්තියෙන් මෙහෙ ප්‍රසිද්ද පාසලක උප විදුහල්පතිනියක්..මගේ තාත්තා නන්දන දුනුසිංහ ආර්යුවේද වෛද්‍යවරයෙක්..උපතින්ම මගේ පවුල් පසුබිම ගොඩක් හොද එකක් වෙද්දි , මමත් ඒ පවුලේ එකම ලමයා විදිහට හැදුනේ ගොඩක් හොද පරිසරයක ..ඒත් ඒකේ මොකක්දෝ අඩුවක් මට හැම වෙලේම දැනුනා..මගේ අම්මා ගොඩාක් සැර චරිතයක්..මට හැමවෙලේම හිතුනේ එයා හොද උගන්නන්න නෙවෙයි හමුදාවට යන්න කියලා..එච්චර දන්ඩ නීති සංග්‍රහයක මාව හැදුවේ. නිවුන චරිතෙකට ඉන්නේ තාත්තා විතරයි..එයානන් ඇල් වතුරත් නිවලා බොන සයිස් එකේ ඩයල් එකක්..අපේ ගෙදර එයාගේ කාමරෙන් නිතරම දැනුනේ අමුතු බෙහෙත් සුවදවල්..එක එක බෝතල් වල දාපු තෙල් , චූර්න එයාගේ කාමරේ පිරිලා..එයත් වැඩි හරියක් ඉන්නේ එයා බෙහෙත් දෙන තැන.ගමේ ගොඩක් අය මාව හොදට දන්නේ අම්මලා තාත්තලා දෙන්නම ගමට ගොඩක් සේවය කරන දෙන්නෙක් නිසා..ඒ නිසා ගමේ ඔක්කොම හිතන් ඉන්නේ මමත් ඒ වගේ කියලා..අනේ මොන පිස්සුද..මම කවුද කියලා තොපි තාම දන්නෑ.
පොඩි කාලේ ඉදන් මම හැදුනේ වැඩුනේ තනියෙන්.ඒ නිසා මම ටිකක් මුරණ්ඩු ලමයෙක් උනා..ඒක නිකන් උබ ඕන මගුලක් කියපන් මම කරන්නේ මට ඕන දේ වගේ එකක්.පෙනුමෙන් මම අහිංසක උනාට මගේ හිත තනිකරම  අංගුලිමාල ultra pro max.

දෑස්..Where stories live. Discover now