Chapter 4

191 21 1
                                    

"නැගිටින්න නැගිටින්න..අශික නැගිටින්න..සෑම් සීයගේ ඇටේ වැටිලා..නැගිටින්න නැගිටින්න.."

මොකගෙද හු#ත මේ පාන්දර ඇටේ වැටිලා තියෙන්නේ..මම කොට්ටෙන් ආයේ මූණ වහගෙන පුපත් උඩ දාන් ආයේ ඇදේ එහා පැත්තට හැරුනා..අම්මට සිරි මේ වදින්නේ මගේ එලාම් එක නේද.ටහුකන්ට.අද අම්මගේ අලුත් බාලිකා පාසලට යන්න ඕනේ නේද..දැන් වෙලාව කියද.අහ් 6:45 යි.
අහ් ශේප්. ලෑස්ති වෙන්න ටයිම් එක තියෙනවා.මගේ එලාම්  ටෝන් එක ෂෝක් නේද.ඕක මමමයි වොයිස් එක වෙනස් කරන ඇප් එකකින් රෙකෝඩ් කරලා මගේ එලාම් ටෝන් එකට දාගත්තේ.ඔයැයිටත් ඕනේනම් කියන්ට මම හොරාට එවන්නම්.
මම ඉක්මනට බාතෲම් එකට පැනගත්තේ උදෑසනම මගේ සුන්දර බොඩිය පිරිසිදු කරගන්න ඕන නිසා.කොහොමත් මං හිතන්නේ මට ඇග හෝදන්න එච්චර වෙලා යන්නෑ.. වි.15ක් හොඳටම ඇති.වැඩිවුණොත් විනාඩි 20ක් යයි. වෙලාවත් තියෙන  නිසා මේ  රාජ කුමාරයා තීරණය කරා උදේ පාන්දරම ස්නානය කරන්න.මොකක්ද අප්පා මං මේ පාර අරන් ඇවිල්ල තියෙන ෂැම්පු වර්ගේ.අනේ මං දන්නෑ බඩු ගන්න ගියහම අතට අහු වෙන එකක් දාගන්නවා මොන මගුලක් දාගන්නවද කියලා මම දන්නේත්  නෑ. සමහර වේලාවට මට ඕනෙ බඩුව නෙමෙයි මම දාන් ඇවිල්ල තියෙන්නේ.උදාහරණයක් විදියට ගත්තොත් දවසක් අම්මා මට මම ක්ලාස් ඇරිලා එද්දි  කෝල් කරලා කැරට් 250g ගේන්න කිව්වා මම ඒ ළඟ තිබ්බ කීල්ස්  එකට ගොඩවෙලා මගේ සිරියහන් ගබඩාවට වෙලා මට කන්න අවශ්‍ය කරන  යම් කිසි සුකුරුත්තන් ටිකක් ගන්න ගමන් ඉද්දි මට එකපාරට අම්මා ගේන්න කිව්වා භාන්ඩේ  අමතක වුණා..කොහොම හරි එළවළුනෙ ගේන්න කිව්වේ.මම ඇස් දෙකට දැක්කෙ වම්බටු මම වම්බටු 1kg අරන් ගියා.කියන්නත් සතුටුයි අම්මා මට සතියක් එක්ක දිගට ඉස්කෝලේ ගෙනියන්න වම්බටුම විතරක් හදලා දුන්නා.ඒ නිසා මම කොච්චර අපේ එවුන්ට නෝන්ඩි  උනාද කියනවනම් අන්තිමට මට නමකුත් වැටුනා වලව් ගෙදර වම්බට්ටා කියලා.මේ පාර නම් මම මොන ෆ්ලේවේ එකේ ෂැම්පු එකක් අරන් ඇවිල්ල තියෙනවද මං දන්නෑ ඒක ආමන්ඩ්   සුවඳයි ආමන්ඩ් සුවදක් වෙන්නේ ඉතින් ආමන්ඩ් අන්තර්ගත මොනාහරි ලබ්බක්  අරන් ඇවිල්ලා තියෙන නිසානේ.මම ඉතින් හයියෙන් සින්දුවකුත් දාගෙන  අලුත් ශැම්පු එක  ගාලා සබනුත් ගාලා පැයක් විතර හොඳට නා ගත්තා.කොහොම හරි මම බාත්රූම් එකෙන් එලියට එද්දී වෙලාව 7:20 යි..
ඊළඟට මම ගියේ කබඩ් එක ලඟට.මොනාද ඉතින් අද මේ දුනුසිංහ කුමාරයා අදින්නේ.මම ක්‍රීම් කලර් ට්‍රවුසර් එකට ග්‍රීන් කලර් ශර්ට් එකක් ඇදලා ලෙදර් බෙල්ට් එකක් දාලා ලෙදර් වලින්ම හදපු ශූ දෙකත් දැම්මා.මම ගොඩක් වෙලාවට ඇදුම් ගන්නේ තනියෙන් ගිහින්.අම්මා සාමාන්‍යයෙන් මට වැඩිය සල්ලි දෙන කෙනෙක් නෙවෙයි .එයාගේ විව් එක අනුව ලමයිට ඕනවට වඩා සල්ලි අතට දෙන්න හොද නෑ..ඒත් තාත්තනන් එහෙම නෑ.මට කොහොමත් තාත්තා මාසෙකට සරිලන ගානක් එයා ගානේ මට දෙනවා.අම්මා ඒක දන්නෑ හැබැයි.මම ෆුල් රෙඩි වෙලා හරියටම 7:45 වෙද්දි සාලෙට ආවා..ඒ වෙද්දි අම්මයි තාත්තයි දෙන්නම ලෑස්තිවෙලා උදේ කෑම කනවා.ඒ දෙන්නම කොහොමත් දන්නවා මම ඔන් ටයිම් වැඩ කියලා. ඒ නිසා මට ඇහැරවන්න ඇගිල්ලෙන් ඇන ඇන ඉන්නේ නෑ.ඇත්තටම එයාලට ඒකට වෙලාවකුත් නෑ.උදේ කෑමට ඉදිආප්පයි කිරි හොදී හදලා තිබ්බා.
තා තමන් දිහා බලලා මගේ අවුට්ෆිට් එකට  මහපට ඇගිල්ලෙන් තම්සප් එකක් දුන්නේ මගේ අවුට් ෆිට් එක පට්ටම හොඳයි කියලා මට ඉඟි කරන ගමන්.අම්මා නම් බලලා ගත්ත විතරයි.මටත් මොකද ඉතින් මම කවද්ද එයා කියන දේවල් ඇහුවේ කලේ.මම කලෙ මට ඕන දේනේ.අපි හරියටම 8:05 වෙද්දි ගෙදරින් එළියට ආවා මොකද අම්මගේ උත්සවය පටන් ගන්න තිබ්බේ 8:30 ට.අපේ කා එක් Vezel එකක්.අම්මානම් ඇල්ටෝ එකක් යූස් කලේ ඒක තාම නුවර මගේ සුදු චූටියා එක්ක. අපි හරියටම 8:45 වෙද්දි ඒ ඉස්කෝලේ ලග හිටියා.ඒකත් මම අලුතෙන් යන්න ඉන්න ඉස්කෝලේට ටිකක් එහයින් තියෙන ඉස්කෝලයක්.ඒකේ ළමයි ජයටම ලෑස්තිවෙලා වගේ අලුත් මැඩම්ව පිලිගන්න.
අපි කා එක පාක් කරලා කාර් එකෙන් බැහැලා එද්දිම එයාලගේ වෙස්ටන් බෑන්ඩ් එක ඉස්කෝලේන් එලියේ හිටියා අපිව පිලිගන්න බලාගෙන.ආයේ ඉතින් කෙල්ලො ටික මේ හැන්ඩ්සම් කොලුවා කවුද කියලා බලන්න පොරකන හැටි මම ඈත තියාම දැක්කා..මම තමා යකෝ උබලයේ මැඩම්ගේ එකම පුත්‍ර රත්නය..නැතුව මම සිංහබාහු නෙවෙයි.ඔච්චර ඇස් ලොද එලියට දාන් මං දිහා බලන් ඉන්න තරන්.මෝඩ ගෑනු.කලිසමක් පේන්න බෑ නේ මුන්ට.අනේ මමනන් මගේ පුකටවත් ගනන් ගනී.මෙහෙමයි ඒක ට්‍රික් එකක්.අපි කෙල්ලො දැකලා ටිපර් උනොත් මචංලා උන් ජීවිතේට අපි දිහා හැරිලා බලන්නෙවත් නෑ.අපිම අපිව මී බෙට්ටක් තරන්වත් උන් ගනන් ගන්නෑ සත්තයි.ඒත් අපි පෙන්නුවොට් අපිට උන්ව ඩෝන්ට් කෙයා කියලා අපි කොච්චර කැත උනොත් උන් අපේ පස්සෙන් එනවා එනවා එනවනමයි ඒක මේ අශික දුනුසිංහ පල්ලා උබලා විශ්වාස කරනවනන් විශ්වාස කරපල්ලා නැත්තන් මට වැඩකුත් නෑ උත්ත.

දෑස්..Where stories live. Discover now