Chapter 5

191 17 7
                                    

උදේ 5 ට පුරුදු විදිහට මගේ එලාම් එක වැදුනට පස්සේ මම නැගිට්ටා.අද මේ අශික ජීවිතය වෙනස් වෙන්න යන්නේ. අවුරුදු 18 ක් ජීවත් උන ගෙදර වෙනුවට අලුත් ගෙදරක් ඒ මදිවට  දැන් අලුත් ඉස්කෝලයක්.කමක්නෑ වෙන මගුලක් වෙයිනේ.අම්මා නිසා තමා මේ ඉස්කෝලෙට පැනගන්න මෙච්චර ලේසි උනේ.නැත්තන් මෙහෙම ගහෙන් ගෙඩි එන්මා වගේ මාව ගනීද මේ ඉස්කෝලේ ට.අම්මාපල්ලා මේක මෙච්චර ලොකුයිද මං අහන්නේ.. මම මේ යුනිෆෝම් එක ඇන්දහම මට දැනුනේ මේ පරණ ඉන්නේ අශික නෙවෙයි වගේ.
මම එලියට එද්දි අම්මා කිරිබත් එහෙමත් හදලා.ඇයි දන්නෑ අද අමුතු ආදරයක්.

"අශික..නුවර , ඔයාගේ ඉස්කෝලේ අර පරණ නඩා ගහපු යාලුවෝ ඔක්කොම අමතක කරලා අලුත් ආරම්භයකට ලෑස්තිවෙන්න පුතා.ඔයාට අපි එක්ක තරහ ඇති.ඒත් යම් දවසක ඔයාට තේරෙයි,අපි මේ ගත්ත තීරණය ඔයාට කොච්චර වටින එකක් ද කියලා."

අම්මා පිගානකට කිරිබත් බෙදන ගමන් කෑම මේසේ වාඩිවෙලා හිටපු මට කිවුවා.ඒ එක්කම එයාලගේ කාමරෙන් එලියට ආවේ තාත්තා.

"කොල්ලා දක්ශයි වර්ශා.එයා එයාගේ වැඩ කරගනී" ශර්ට් එකේ බොත්තම් පියවන ගමන් තාත්තා මේසෙන් වාඩිගෙලා මගේ පිටට එකක් ගැහුවා.

"ම්ම්..තාත්තයි පුතයි බලාගන්නකෝ එහෙනන් ඒවා."
කියලා අම්මත් කෑම මේසෙන් වාඩි වෙලා අපි තුන්දෙනාම සද්දයක් නැතුව කෑම කන්න ගත්තා.
කොහොමහරි උදේ 7 වෙද්දි අපි හිටන් හිටියේ ඒ ඉස්කෝලේ ඉස්සර කොළඹ ප්‍රසිද්ද පාසලක් වුන ඒ ඉස්කෝලේ ගේට් එකේ එයාලගේ ඉස්කූල් ලෝගෝ එක ගහලා තිබ්බා ඒක යටින් තිබුනේ
"අප්පමාදෝ අමත පදං'"

ඉතින් මමයි අම්මායි තාත්තයි මුලින්ම ගියෙ එයාලගේ ප්‍රින්සිපල්ගේ රූම් එකට අපිට වි.10ක් විතර එලියේ බලාගෙන ඉන්න උනා.ඊටපස්සේ අපේ වාරේ ආවා.ගිය ගමන් අපේ අම්මවයි තාත්තවයි අදුරගත්ත එයා අපිට දුන්නේ උණුසුම් පිලිගැනීමක්.
''අහ් වාඩි වෙන්න Mr & Mrs දුනුසිංහ . ඔයාලව සාදරයෙන් පිලිගන්නවා. අශික පුතාව අපේ පාසලට සාදරයෙන් පිලිගන්නවා.."
සර් මගේ දිහාට ඇහැ දාලා කිවුවා.

"ඇත්තටම කීයටවත් මේ වගේ ප්‍රථිපලයක් එක්ක වානිජ අංශයට අපි ලමයි බදවගන්නේ නෑ Mrs.එරන්දතී ඒත් ඔයා මගේ සෑහෙන ලොකු හිතවතෙක් වෙන නිසාත් අශිකට චෙස් ක්‍රීඩාවෙන්  සැලකිය යුතු දක්ශතා පෙනවලා තියෙන නිසාත් අපි අශිකට මේ අවස්තාව දෙනවා.ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අශික මේ අවස්තාව අපතේ නොදමයි කියලා.."

දෑස්..Where stories live. Discover now