Chapter 11

417 25 15
                                    


සහන් පගයා මාවයි විශාල්වයි දොරෙන් ඇතුලට ඉරටු කෑලි වගේ තල්ලු කරලා දැම්මා..මම හිතුවේ මූ තමා අහිංසක හොද එකා කියලා..තූ.. ගස් පරයා තොට හෙන ගහන්නේ ..නොදකින් නොදෝමකින්.. අර ශමිලා ලියනාරච්චි ඇන්ටි කියනවා වගේ තොගේ ඇට දෙක පුක වටේ කැරකෙන්න දෙන්න ඕනේ..

"අහ්..පලයවු දෙන්නම  ස්ටේජ් එකට.., දණ ගහපන් අර මයික් තියෙන තැන.."
මූ අපි දෙන්නව බල්ලෝ බලල්ලු ගානට ශර්ට් කොලර් එකෙන් ඇදලා දැම්මා..කැරි නවිරු යි කැරි ශයනුයි ඉන්නවා පාප්ප ගගා උන්ට නෙවෙයි වගේ..හෝල් එකේ ඔක්කොම එවුන් උන්ගේ වැඩ..එක පකෙක් නෙවෙයි ස්ටේජ් එක දිහා බැලුවේ..පෙනේද පෙනේද අවස්ථාවාදී ත්‍රස්තවාදී මූසලයෝ..අපි නටද්දි මුන් වල්ල කරකෝ කරකෝ හිනා උනේ..දැන් බලහන්කෝ..අපි නිකන් අදෘසමාන එවුන් වගේ මුන් හැසිරෙන්නේ..මට පේනවා අර කැරි බල්ලෝ දෙන්නා මට නක්කලේට හිනා වෙනවා..ඉදපන්කෝ හු#ලා ගන්නම් මේක ඉවර උනාම මම..එහෙම හිත හිත විශාලුයි මමයි අර මයිකුයි වයරුයි තව තව රෙද්දවලුයි පිරිලා තියෙන ස්ටේජ් එකේ කොනේ දණ ගැහුවා..

අපි දණ ගහනවාත් එක්කම තව ප්‍රිෆෙක්ට්ලා ටිකක් ආවා එතනට සබනුයි අනිත් අනන් මනන් ඔක්කෝම උස්සන්..බඩු ටික තියලා අනිත් අතට උන් ටිකනන් හැරිලා ගියා..දැන් ඉතින් පුක ඉරාගෙන මේවා පැකට් කරහන්කෝ ..හත්වලාමේ කීයක් කියලා කරන්නද .මුන්ටනන් වැහි නැති හෙන ගහන්න ඕනේ.. එහෙම හිත හිත ඉද්දිම එතනට වටේට ප්ලාස්ටික් පුටු ටිකකුයි තව ලටස් පටස් ගොඩකුයි උස්සන් මග පගයෝ ටික වැඩියා..උන් අපි ලගම රවුමක් හැඩේට පිටු දාන් වාඩි වෙලා එක එකා උන්ට අදාල වැඩේ කරන්න ගත්තා..හැබැයි මේ වෙද්දි මෙතන HP යි පගයි S.Dhp පගයයි දෙන්නම හිටියේ නෑ..මුන් දෙන්නා කොහාට මකබෑවිලාද දන්නෑ..

'' ඒ කෝ බං තේජ්.." මගේ හිත කියෙවුවා වගේ එතන හිටපු vgc පගා එතන හිටපු අනිත් Dhp ගෙන් ඇහුවා..

"අහ්..ඌ ගෙදර ගිහින් එන්නම් කියලා ගියා බං..නංගිට අසනීපයිලු..අම්මයි තාත්තයි කොහෙද ගිහින්ලු..ඌ පොඩ්ඩක් බලලා එන්නම් කියලා ගියා..කොහොමත් තව පැය භාගයක් ඇතුලත පොර එයි.." ඌ අහපු දේට junior  dhp වෙච්ච සිතර අයියා උත්තර දුන්නා..

දෑස්..Where stories live. Discover now