මෙවුවනන් රට පැටලෙන සිද්දි තමා ..කාටද අප්පා මේ වගේ දෙයක් කරන්න උවමනාවක් තියෙන්නේ..අනික කවුරුත් දන්නෙත් නෑනේ මට ඔලුව කැක්කුමක් තියෙනවා කියලා..බැරිවෙලාවත් මේ යුහස් අයියවත්ද..පොඩ්ඩක් හෝව්..මට මොකද එකපාරට ඌව මතක් උනේ..
අශික උබ ගානට වැඩී දැන්..ඌ අරහේ හෝ හෝ ගාලා වැඩ ඇති..ඒත් මොකාද ඉතින් ..කොහොම නමුත් මට මේ සීන් එක මගේ පාප මිතුරෝ දෙන්නට කියන්න ඕන උනේ නෑ..අනේ මංද ඔන්න ඔහේ ඔන්නෑ..කොහොමහරි මම පැනඩෝල් කාඩ් එක මම බෑග් එකේ දාගන්නවත් එක්කම පන්තියට ළමයි ටිකත් එක්ක අපේ එවුන් දෙන්නත් ආවා..නවිරු මට 4න් එක් අරන් දෙන්න මාව අද ගෙදරින් හවස 6ට පික් කරන්න එනවා කියන පොරොන්දුවත් එක්ක මම ගියේ ස්කූල් වෑන් එක නවත්තන තැනට..ඉතින් ඇහැල ගහ යටට එද්දිම මට මතක් උනේ අර නෝට් එක..කවුද දන්නෑ මේ පොර..අශික...මේ පාරත් මරාලයක්නන් එපා...
****************************
කොහොමහරි තවත් සතියක් ගෙවිලා ගියේ අපේ සාමාන්‍ය දින චර්යාව පොඩ්ඩකවත් වෙනස් නොවෙද්දි...දැන් අශික කිවුවහම සෙක්ශන් එකේ ගුරුවරුන්ගේ සිට පන්තියේ අන්තිමයා තෙක්ම මාව දන්නවා..කුඩා කාලයකින් මා ඉතා ඉහල ප්රසිද්ධියකට පත් උනා කිවුවොත් මා නිවැරදී මං හිතන්නේ. ඒකට ඉතින් එක එක හේතූන් තිබුනා.. ලොකුම එක විදිහට ගන්න පුලුවන් මගේ චෙස් වලට තිබ්බ ටැලන්ට් එක..මොකද දවසක් මැත්ස් සෙක්ශන් එකේ එකෙක් ආව. ඌ තමා කැ#යා කියලා හිතන් ඉදපු.මම චෙස් ප්ලේ කරනවා කියලා දැනගෙන මාත් එක්ක ඔට්ටුවක් දැම්මා..ඌ මාව පරාද කරොත් මම උගේ ක්ලාස් එකේ ඩස්පින් එක අස් කරන්න ඕනේ කියලා සතියක් යනකන්..අනේ හු#තෝ මේ මම උබලගේ කුනු අදින්න..අදී මම උබේ ඇටෙන්..මමත් ඉතින් හරි වරෙන්කෝ එහෙනන් කියලා ගේම පටන් ගත්තා..විනාඩි 20න් පොර නිකවුට්..එව්ව්..ගොන් හැලපයා.මූ ආවෙනන් කොහොමද..හම්මට එදා තමා ආතල්ම මැත්ස් එකේ එවුනුයි අපේ එවුනුයි මරාගත්තේ නැති ටික විතරයි..මොකද අන්තිමට සතියක් යනකන් අපේ ක්ලාස් එකේ ඩස්පින් එක අස් කලේ ඌ..මං හිතන්නේ අපේ එවුන් ස්කෝලේ අන්තිම වෙද්දි ඒ ඩස්පින් එකට නොදැම්මේ උන්ගේ ලංකට් එක විතර්යිද කොහෙද..කොහොමහරි ඒ සීන් එකෙන් මම ප්‍රසිද්ධ වුනා වගේම ඉස්කෝලේ පලවෙනි හතුරාත් මට ඇතිඋනා..ඌගේ නම තිවංක ලු..තූ නොදකින් ගල් මූසල ගොබිලයා..ඕකෙන් මේකෙන් මම ඉස්කෝලේ ජනප්‍රිය වෙද්දි ක්ලාස් වල එවුනුත් සෑහෙන මට ෆිට් උනා..
YOU ARE READING
දෑස්..
Romance"උබට ඌගේ එක කෙස් ගහකට අත තියන්න මම දෙන්නෑ..දැනගනින්..ජීවිතේ එක පාරක් වෙච්ච වැරැද්ද ආයේ වෙන්න මම ඉඩ තියන්නෑ.."