කොහොම හරි අපි අපේ උපන් වාසභවන දාලා කොළඹ කියන මිනිස්සු පිරුන දහ ජරාවට යන්න ලෑස්ති වුණා.ගෙදර එකම කාලකෝට්ටියයි.තාත්තා එහෙන් නටනවා අම්මා මෙහෙන් නටනවා මම මෙහෙන් නටනවා..විසාල කරදරයක් උනා මේක.
"චූටි පුතා..ඔක්කොම ගත්ත නේද ඕන ලියකිවිලි අන්තිමට ආයේ ඕවට මෙහෙ එන්න තියාගන්න එපා..ඔය ලමයට අවුරුදු 18 ක් උනාට තියෙන්නේ අවුරුදු 90ක මනුස්සයෙක්ගේ අමතක වීමක්නේ.."
අම්මගේ අවදානම් සහගත හා අතිශය කින්ඩි කටහඬ ඇහුන ගමන් මම ආයෙ මගේ පර්ස් එකයි අතේ තිබ්බ ෆයිල් එකයි රිචෙක් කරා.පරක්කු උන පාර අර යන්න ඉන්න අලුත් කසිකබල් ඉස්කෝලේට ඕන කරන රෙද්දවල් ටික දාපු ෆයිල් එක මම අතට ගත්තා..ඒක ගැන තමා ඔය අහන්නේ..
"චූටි පුතා යැයි යැයි තමා.."
මම ඉක්මනට ඒක කියලා කට ඇද කරගෙන අහක බලා ගන්න යද්දිම මං දැක්කෙ තාත්ත පැත්තකට වෙලා මගේ මූණ දිහා බලාගෙන හිනාවෙන හැටි. ඔව් ඔයවගේ ඒවා කියලා ක්ෂණික කිව්වෙ නෑ වගේ ඉන්න ඕන නැත්නම් ඉතින් අම්මගේ අතේ තියෙන්නේ මොකක්ද ඒක කෙලින්ම මුහුණෙ හරි ඇඟේ කොහේ හරි තැනක අනිවා වදිනවම තමා..පුදුමේ කියන්නේ අවුරුදු 18ක පැට්රිස් එකටද කොහෙදෝ අපේ අම්මට කවදාවත් අපේ අම්මා ඉලක්ක කරපු තැන නං වැරදුන් නෑ.
දොහොත් මුදුන් තියලා අන්තිම වතාවට අපේ අම්මා අපේ බුදු ගෙදර පහනට වැන්දා..ඒ ඇස් වල ලොකු බලාපොරොත්තු ගොඩක් තියෙන බව මට පෙනුනා.එයත් ආස ඇති ලොකු ඉස්කෝලෙක ප්රින්සිපල් කෙනෙක් වෙන්න.. ඒක එයාගේ ජීවිතයේ තිබ්බ එක ලොකු ගෝල්ස් වලින් එකක්.තාත්තට ඕනවුනේ නුවර ඉන්න හොඳම ආයුර්වේද වෛද්යවරයා වෙන්න.
බොහෝ දුරට ඒක එහෙම තමයි.එයාගේ නම කිවුවහම නොදන්න කෙනෙක් හොයාගන්නම නැති තරම්.ඒත් ඒ කවුරුත් හිතුවද මට ඕනේ මොනවද කියලා.එයාලා එයාලගේ හීන පස්සෙ දිව්වා මිසක් එයාලා හිතුවද එයාලගේ එකම පුතාට කවදහරි වෙන්න ඕන උනේ කවුද කියලා.ඉගෙන ගත්තු පලියට ළමයෙක් එහෙම අත් ඇරලා දාලා හරියනවද.ලොකු උනා කියල ඒ ළමයට ආදරේ ඕනේ නැද්ද.ලොකු උනා කෙසේ වෙතත් ඉතින් මෙයාල පොඩි කාලෙවත් මට හරියකට ආදරයක් දුන්නේ නෑනේ..මගේ හිතේ කා එක්කවත් තරහ නෑ. එයාලා එයාලගේ හින පස්සේ ගියපු දෙන් මට මම පුළුවන් විදියට මගේ වැඩ ටික කරගන්නවා.මම දැකපු සමහර ළමයට කන්න බොන්නවත් නෑ.ඉතින් මට මේ ලැබිලා තියෙන දේවල් කොච්චර දෙයක්ද මං කොච්චර වාසනාවන්තද.උන්ට කන්න බොන්න නෑ මට ආදරේ නෑ..උන් කෑම බීම සාගතයෙන් පෙළෙද්දී මම ආදරේ කියන සාගතයෙන් පෙලුනා.ඉතින් මේ පුංචි අශිකට පොඩ්ඩක්වත් දුක නෑ..මම ලොකූ හුස්මක් අරන් හැමදේම අමතක කරලා දැම්මා.
YOU ARE READING
දෑස්..
Romance"උබට ඌගේ එක කෙස් ගහකට අත තියන්න මම දෙන්නෑ..දැනගනින්..ජීවිතේ එක පාරක් වෙච්ච වැරැද්ද ආයේ වෙන්න මම ඉඩ තියන්නෑ.."