Chapter 2

503 36 1
                                    


එහෙමම හිතලා හිතලා නිදාගත්ත මම රෑට කෑවෙත් නෑ.අම්මා ඇවිල්ලා දොරට තඩි බානවා ඇහුනත් මං ඇහෙන්නේ නෑ වගේ හිටියා. අන්තිමට තාත්තම අම්මව ශේප් කරන් එක්කන් ගියා කියලත් මට ඇහුනා.

ඊළඟ දවස උදේ මං කෑම කාමරේට ගියේ තාත්තා විතරක් එතන ඉතුරු වෙලා ඉද්දී.

''අහ් ඉලන්දාරියා යසයි නැගිටින වෙලාව.ජනේලෙන් එළිය වැටිලා පුක රත් වෙන්න ඇතිනේ  ඒකනෙ ආවේ එලියට.."

ඔන්න පටන් ගත්තා  උදේ පාන්දර මෙයාගේ බයිට් එක.

''අම්මා කෝ''

එයාගේ මරි මංගල් කතා ගණන් ගන්නේ නැතුව මම ෆ්‍රිජ් එකෙන් ෆ්‍රෙශ් මිල්ක් බෝතලයක් අරන් බීගෙන බීගෙන ගියේ කුස්සියේ ජනේලෙන් එලියේ පේන පේර ගහ දිහා බලාගෙන.

"අම්මා ගියා එයාගේ ට්‍රාන්ස් එකේ වැඩ වගයක් බලන්න.මමත් තව පැය භාගයෙන් විතර යනවා.වත්තේ වැඩ කරන අංකල් තව පැයකින් විතර එයි..පුතා එයාට පිටිප්ස්සේ ළිද ගාව සුද්ද කරලා අර පල්ලෙහා මඩුවේ දර ටික අඩුක් කරලා යන්න කියන්න..දැම්මම ඔයාගේ බඩු  ටික ටික  ලෑස්ති කරගන්න පුතා අන්තිම මොහොතේ නටන්න ඕනේ නෑනේ.

"ම්ම්.."

මම ඊට එහාට මුකුත් නොකිවුවේ එයා මට මුකුත් කියන්න ඉතුරු නොකරපු නිසා.අම්මගේ තීරනේ අවසාන තීරනේ වෙද්දි මගේ ජීවිතේ උඩ ඉන්න දෙයියන්ටම භාර කරන්න මම තීරණය කලා.
අපේ ගෙදර ඇත්තටම හරි ලස්සනයි.පරණවලව්වක් උනාට ඒක හරිම ලස්සනයි.ගේට් එක ඇරගෙන වත්තට යද්දිම තියෙන්නේ දෙපැත්ත ලොකු අඹ ගස් දෙකක්.ආයෙ එකේ පිටිපස්සේ පේර , නමිනං, කාමරංගා වගේ පලතුරු තියන ගස් ජාති ගොඩක් තියෙනවා.මගේ ජනේලයෙන් එළිය බැලුවහම ඈත පේන තේ ඉඩම් වගයක් පේනවා..අහ් තව අර අඹ ගහේ එක අත්තක ඔංචිල්ලාවක් බැදලත් තියෙනවා..අනේ මේ ඔක්කොම දාලා තිරිසන් කොන්ක්‍රීට් වනාන්තරයට යන එක මොනතරම් අපා දුකක්ද.

ඊටත් වඩා දැන් මම කොහොමද අර මහාමායා එකේ පුංචි මලිත්තිට ලයින් දන්නේ හයියෝ...

මගේ හිත එකපාරට වියෝ දුකින් තලා පෙලා ගියා..පුංචි මලිත්ති කියන්නේ මහාමායා එකේ 11 වසරේ ඉගනගන්න කෙල්ලෙක්ට..ඒකිගේ නමනන් මොකක්ද නිතිනි ද මොකක්ද එකක් මම ඒකිට කියන්නේ පුංචි මලිත්ති කියලා..මොකද ඒ ලමයා හරිම පුංචී..රෝස මලක් ඇවිදිනවා වගේ..කොන්ඩේ ගොඩක් මහතයි එයාට වැඩිය කොන්ඩේ ලොකුයි..මම දැක්කේ එයාව අපේ මැත්ස් ක්ලාස් එකේදි.මට වඩා අවුරුද්දක් බාලයි ඉතින්..අනේ දැන් එයාවත් අමතක කරපකෝ..

දෑස්..Where stories live. Discover now