Chapter 7

331 37 6
                                    


මම කොහොමද යකෝ දන්නේ මේ මොකාද කියලා..

"මේ ඉන්නේ අපේ ශයියගේ නැන්දගේ පුතා..සරවල කිවුවොත් ශයියගේ මස්සිනා..තවත් කැටයං දැම්මොත් අප පාසලේ වර්තමාන හෙඩා..යුහස් අංජාන් වික්‍රමභාහු.."

නවිරු ගැම්මෙන් කියලා මගේ දිහා බලද්දි මාවත් එක්ක උඩ ගියා..ටහුඩු මේ හෙඩා ද..නලුවෙක් වගේනේ..

"අහ් අහ් අශිකයා උබ මොනාද හිතුවේ..මේ වගේ හරක් පල්ලෙක් කොහොමද හෙඩා උනේ කියලා නේ..ඔව් බං අපිටත් පුදුමයි..මට සැක හිතුනා මූ දවසට එක පාරක් හරි ප්‍රින්සිපල් ගේ ඔෆිස් එකේ ඉදන් කලිසම හද හද එලියට එනවා දකිද්දි..මොනා කරන්නද බං ඉතින්..මෙවුවා තමා ලෝක සොබාව.."

නවිරු ගස් බල්ලෙක් වගේ අරූගේ සායමම හෝදලා දාද්දි අරූ ඩෝං ගාලා අතේ තිබ්බ හෙල්මට් එකෙන් නවිරුගේ පිටට කෙලියා.

"කැ# පො#නයෝ..මොනාද හු#තෝ මේ අලුත් කොල්ලෙක් ඉස්සරහා කියවන්නේ උබ..වයසට ගරු කරපන් පොඩි පගයා."

යුහස් ගේ මූන පඩික්කම වගේ උනේ අරූ තැන නොතැන නොබලා උගේ ගොන් ආතල් එක ගන්න නිසා..ඔව් ඉතින් ඌට පොලව පලන් යන්න හිතෙන්න ඇති ජීවිතේට නොදැක්ක එකෙක් ඉස්සරහා මුන් මෙහෙම ඌව නෝන්ඩි කරද්දි..අනික යකෝ ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් ව..

"හරි හරි බං..ඌ දන්නවා හොදට ජෝක්..උබ දන්නවනේ මේ නවිරු ආවට ගියාට මිනිස්සු තෝරගන්නේ නැති වග..ඒක නෙවෙයි උබ මොකද මේ දවස්වල ඉස්කෝලේ පෙන්න නැත්තේ..අම්මපල්ලා උබලගේ ටොප් බෝඩ් එක මහ whocana මිනිස්සුනේ බං..මම හැමදාම උදේට දකින්නේ උබල්ගේ ගේමලා දෙන්නා විතරයි..උබලගේ අනිත් එවුන් ඉස්කෝලේ මොන පුක අස්සෙද රිංගන් ඉන්නේ.."
නවිරු තාම කියෝනවා..මට හිතුනේ මූ ශයියගේ නැන්දගේ පුතා නෙවෙයි නවිරුගේ නැන්දගේ පුතා කියලා..මොකද ශයන්ට නෙවෙයි තාම මේ පගයා වචනයක් කතා කරන්න දුන්නේ..

"ඒවා රහස් හරිද..අපේ ටොප් බෝඩ් එක එහෙම මේ උජ්ජ බරටයි රෙන්ඩ බරටයි සමාජෙට් පේන්න එන එවුන් නෙවෙයි.අවශ්‍ය වෙලාවට ගේමට එන්ටර් වෙන එවුන්..අනික එහෙම ජාතික වස්තු පාසල වටේම හැමදාම ඇවිද්දහම කිසිම ගැම්මක් නෑනේ සුද්දා..ඉදලා ඉදලා දකිද්දි තමා අපේ රැස් විහිදෙන්නේ උ#ත.."

දෑස්..Where stories live. Discover now