Chapter 8

214 24 7
                                    

"අඩෝව්....අශිකයා...නැගිටපන් http..."

අනේ මුගේ අම්මලට මේ මහ පාන්දර..මොකාද හු#ත කෝල් අරන් කෑ ගහන්නේ...
මම 4න් එක ආන්සර් කරලා කනේ තිබ්බ ගමන් මොකෙක් හරි කැ#යෙක් ගෑ ගැහුවා..

''මොකද හු#තෝ කෑ ගහන්නේ.."
ටකරං කිංකිනි වොයිස් එකෙන්ම මට නිදිමරගාතේ හරි තේරුනා කතා කරන්නේ නවිරු කියලා..

''අනේ මගේ සුදාත්ති, මේ අහපන් හෙට අපේ ස්කූල් ඇනවසරි එක.. ඒකට හෙට පිරිතක් ඉස්කෝලේ..ඕක ලොකුවට තියෙනවා උබ දන්නෑනේ..ඒකට දැන් පන්තියකින් ලමයි 10 ගානේ ඉල්ලලා හෙට වැඩ වලට අද හවස ආෆ්ටර් ස්කූල් නැවතිලා වැඩ කරන්න..අර හෙඩ් ප්‍රිෆෙට් පකා ඊයේ රෑ දෙගොඩ හරියකට කෝල් කරලා ශයියට කියලා..ඌ මේ දැන් මට කිවුවේ..උබටත් කියන්න කියලා..එහෙනන් සුදාත්ති අද හවස් වෙනකන් ඉන්න බලාගෙන වඩින්න හරිද..ඔන්න එහෙනන් මම තිබ්බා..ආයේ උබට නිදාගන්න දැන් වෙලා නෑ..නැගිටලා වරෙන් ඉස්කෝලෙට.."

"අනේ යකෝ මට ..."
බෑ කියන්න හම්බුනේ නෑ..මේ මෝල් බල්ලා 4න් එක තිබ්බා..දැන් කාපන්කෝ පරිප්පු..දැන් අද හවස ලැට් එකේ ඉදන් සුද්ද කරන්න වෙයි.මම ඉතින් අරුන් 2 න්නටත් බැන බැන නැගිටපු එකේ ඔහොම්මම ලෑස්ති වෙනවා කියලා හිතලා බාත් රූම් එකට යන්න ඇදෙන් නැගිට්ටා..
මලෝත්තයි..මලමහුත්තයි..නිදිමරගාතේ නැගිට්ට මට අමතක උනා 4න් රාජයා ඔඩොක්කුවේ කියලා..ඉතින් ඩෝං ගාලා බිමට වැටුනා කියපන්කෝ..අනේ අම්මපල්ලා මට වෙන්නම මෙහෙම හුකාරිස් වැඩ තමා..තප්පර කිහිපයක් මගේ හද ගැස්සම වැටෙන්නේ නැවතිලා තිබ්බා..ඊටපස්සෙ හිමීට දෙකට නැවිලා මාගේ වසර 3ක් පැරණි ජංගම දු.ක අතට ගත්තා..ගිනිගත් හදකින් යුතුව පවර් බට්න් එක මා එබුවා..ඉතාමත් සන්තෝශයි ඔන් වෙන්නෑ..දැන් බහුකාපන් අශික..අම්මගෙන්නන් ඉල්ලන්න බෑ..මගේ 4න් එක කැඩුන එකට මේ ලෝකේ වැඩියෙන්ම සතුටුවෙන මනුස්සයාගෙන් අයේ 4න් එකක් ඉල්ලනවා කියන්නේ වැඩකට නැති වැඩක්..නවිරු පකා නිසා තමා ඔක්කොම ..ඉදපන්කෝ ඕකගෙන්ම ඉල්ලගන්නවා එකක් උත්ත..මොකද සල්ලි නැතුව ඈ..අනේ මොනා උනත් මගේ 7+ එක..අවුරුදු 3ක් මගේ හිංසා පීඩා විද දරාගෙන අද අවසන් හුස්ම හෙලුවා..

ඔන්න ඔහේ කමක්නෑ කියලා..නවිරුගේ අම්මා මුත්තා මතක් කරගෙන මම වොශෲම් එකට වැදුනා..උදේම අද නාමු..මම මහ පාන්දර 4:30 ට නාන්න ශවර් එක ඇරියා..කිටි කිටි සීතලේ ශවර් එක යටට ගිය මට මතක් උනේ පෙරේදා උන සිද්දි දාමය..
මට වැරදෙන්න විදිහක් නැ...කවුරුහරි බලන් හිටියා මං දිහා..ඒත් මේ පැත්තට අලුතෙන් ආව මං දිහා මොකා බලන් ඉන්නද..අනික අරූ ඇයි එකපාරටම එදා ලිස්සලා ගියේ..ඒ එක්කම මම ඕන්නැති මගුල් හිතනවා කියලා හිතපු මම හයියෙන් ඔලුව දෙපැත්තට ගැසුවා..අශික උබේ කුතුහලේ තමා දවසක උබව ඉක්මනට වලකජ්ජ ගස්සන්නේ බලහන්..උබට මතක නැද්ද ඒ කාලේ උබ සූර සරදියෙල් කියලා හිතාගෙන උබේ තුප්පහි යාලුවෝ එක්ක ගමේ තිබ්බ හොල්මන් තියෙනවා කියලා කටකතා ගියපු  බංගලාවට රිංගලා ඒක මුරකරපු මිනිහා වැලේ වනලා තිබ්බ උගේ සරමට බය වෙලා අන්තිමට තාත්තා දන්න කට්ටඩියෙක් ගෙන්නලා දෙහි කැපුවට පස්සේ තමා උබට සිහියක් පතක් ආවේ..නොදකින් තොට ලැජ්ජ නෑ අශික..
මං මටම බැන බැන හද ගැහෙන ඇග ගැහෙන සීතලේම නෑවා..

දෑස්..Where stories live. Discover now