Chapter 3

134 13 3
                                    


° Baby girl , You are trapped in this hell with me °

° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° °

Enola pov:

ටේහියොන් කිව්ව නිසා මාත් මුකුත් නොහිතා කාර් එකට නැග්ගා.
මම පොඩ්ඩක් වට පිට බල බල ඉද්දී දැක්කේ  ඩ්‍රයිවර්ට එහා පැත්තේ හිටිය කලු කෝට් එකක් ඇදගත්ත මහ අමුතු හිනාවක් තියෙන මනුස්සයක් එයාට තිබ්බේ සිල්වර් කලර් හෙයා එකක්. මන් ටේහියොන්ට එහා පැත්තෙන් වාඩි උනම එයා පිටිපස්ස හැරිල ඇස් වලින් හිනා උනා.
හරි දැන් නේ අදුර ගත්තේ මේ ටේහියොන්ගෙ security,
Mr.park jimin
එයා ටිකක් අමුතු මනුස්සයෙක් .
අමුතුයී කියන්නෙ පවුද්ගලිමව මහ ලොකුවට දන්නෙ නෑ ඒත් දැක්කාම බය හිතෙනවා හැබැයී මිනිහට තිබ්බේ මහා අහින්සක අමුතු හිනාවක්..අමුතුයී කියන්නේ අනේ මන්දා හිත් ඇදගන්න පුලුවන් හිනාවක් එයා ටේහියොන් එක්ක බලද්දී එච්චර උසක් තිබ්බෙ නෑ, ටේ එක්ක එයා හැම ඉන්ටවිව් එකකටම එනවා මම දැකලා තියෙනවා..

මම වාහනේට නැග්ගත් හරී ටේහියොන්  එක වචනයක් මාත් එක්ක කතා කරේ නෑ.
ඇයී දන්නෙ නෑ....
අම්මෝ එයගෙ side profile  එක මන් හිතන්නෙ කිම් සෝහියුන් පරාදයී මේ ලුක් එකට...
මන් හොදට දැකලා තියෙනවා එයා සමන්‍යයෙන් අදින්නෙ සුදු,කලු,රතු පාට වගේ ඇදුම්...

මාත් මුකුත් නොකියා ඔහේ වාහනේට නැගලා ආවේ කොහොමත් අප්පගෙන් බැනුම් අහන බව දැනගෙන අනික ඉතින් අප්පා බනින එකක් නෑ මන් ආරක්ෂිතව එනවනේ අනික එයගෙ යාලුවෙක් එක්ක නේ. හදිස්සියේවත් බැන්නොත් අප්පා ,ඒකත් මෙයා ඉස්සරහා පුදුම ලැජ්ජාවක්....

හිතට මොක්ද්දෝ බයකුත් දැනෙනවා නිකන් කිසිම දෙයක් හොදින් නෙමෙයී වෙන්නෙ වගේ හැගීමක්.

" මිනිහා ගෙදර ඉදලද ජිමින්''

" ඔව් සර්...ඌ අපේ කට්ටිය එක්ක ඉන්නවා "

ජිමින් නුයී ටේහියොන්  නුයී කතා වෙන්නෙ මොනාද කියල හිතා ගන්න බැරුව මන් දෙන්නම දිහා මරුවෙන් මාරුවට බැලුවා...මොකද්ද කියලා අහන්නත් ගිහින් මන් මුකුත් ඇහුවෙ නෑ මොකද ඉතින් ඕවා අපිට වැඩක් නෑ නේ....

ගෙවල් ලගට එද්දී ඈතින් මන් දැක්කා ලොකු දුමක් නගිනවා මන් ජනේලේන් ඇස් ලොකු කරන් බලන් ඉදියේ කොහෙද මොනාද මේ ගිනි ගන්නෙ කියලා..
එතකොටක මට දැනුනේ මට පිටිපස්සෙ කෙනෙක් මගේ කන ලගට පහත් වෙනවා මන් හොදා කාරවම දන්නවා ඒ කව්ද කියලා ඒත් මට බයක් දැනුනා පිටි පස්ස හැරිලා ඒ මූන බලන්න මම බය උනා.... බයක් කියන්නේ ඇගත් එක්කම පන නැති වෙලා යනවා වගේ දැනෙන්නේ ඇස් දිහා කෙලින් බලන්න අමාරුයී..

𝖍𝖊𝖑𝖑 | 𝖔𝖓𝖌𝖔𝖎𝖓𝖌Where stories live. Discover now