° You thought that shoe fit but i ..... °° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° °
Enola pov :
වට පිටාවම හරිම කලුවරයී . ඇස් ඇරලා කියලා දැනුනත් මගේ ඇස් වලට දැනුනේ මහ බරක් සමහර විට මම පැය ගානක් අඩපු නිසා වෙන්න ඇතී .
අප්පාව අරන් ගිය වෙලවෙදි මම ගොඩක් ඇඩුවාමාව ගාර්ඩ්ස් ලා බලෙන්ම අරන් එන්න හැදුවත් මම උන්ට ඉඩ දුන්නෙ නෑ මම කෑ ගහ ගහ ඇඩුවා..මන් හිතන්නේ බලන් ඉන්න බැරිම තැනයී ටේහියොන් මගෙ කම්මුලට ගහලා එයාගෙ කර්උඩට මාව අරන් කාර් එකට දාලා ජිමින්ට මාව බාර දුන්නේ....හිතේ එකේක ප්‍රශ්න ගොඩ ගැහිලා...
ඇයී එයා මගේ අප්පාව මැරුවේ ඇයී මාව මැරුවෙ නැත්තේ..ඇයී එයා මගෙන් පලිගන්නේ දන්න තරමට එයා එදාමයී මාව දැක්කේ...
'ඇයී"
මම තොල් අස්සෙන් මිමිනුවා..මට දැනුන විදියට මම හිටියෙ ඇදක් උඩ අත පය ගැට ගහලා නම් තිබ්බෙ නෑ . හැබයී හරිම කලුවරයී, කාමරේ පුරාම තිබ්බෙ සැර ඇල්කොහොල් ගදක්....
මම ඇදේ හාන්සි වෙලාම හිටියා මට නැගිටින්න ඕන උනේ නෑ අඩුම මට හුස්ම ගන්න වත් ඕන උනේ නෑ .උඩ ස්ලැබ් එක දිහා කිසිම හැගීමක් නැතුව මම ඔහේ බලන් හිටියා කොයී මොහොම්තෙ හරි මාවත් මරලා දායී..
කමක් නෑ මට මැරෙන්න ඕනේ...තවත් ජීවත් වෙන්න හේතු මට ඉතුරුද මම මොක්ටද හුස්ම ගන්නේ එයා මට හුස්ම ගන්න හෙතුවක් පෙන්නුවා දැන් එයාම තවත් හේතුවක් පෙන්නුවා මට හුස්ම ගන්න එක නවත්තලාම දාන්න...." එනවා යන්න "
කවුරු හරි මට කතා කරා ඇහුනත් මම ඔලුව උස්සලා බැලුවෙ නෑ.මට පනක් තිබ්බෙ නෑ ඔලුවක් උස්සන්නවත් .
" ටේහියොන් මොන මගුලකට තමුසෙව මැරුවෙ නැද්ද කියන්න මම දන්නෙ නෑ ඒත් තමුසෙගෙ වෙලව හොදයී...නැත්තන් තමුසෙ අරම ටේහියොන්ගෙ ගේ අතට වෙඩි තියලත් එයා ඉවසන් ඉදිය කියන්නේ ඒක නම් තමුසෙගෙ වෙලාව...එනවා යන්න තමුසෙ තවත් සතුටු වෙන්න ඕනෙ හොද තැනකට විකිනුනොත් "
ඒ මින්නිහා එහෙම කියාගෙන මගේ අතින් ඇද්දා..
කව්ද කියල්ල නම් මම දන්නේ නෑ ඒත් මට අහන්න ඕනෙ උනෙත් නෑ... ඕනෙ දෙයක් වෙච්චාවෙ කියලා මාත් ඇවිදින මලකදක් වගේ එයගෙ පස්සෙන් කාමරෙන් එලියට ආවා. එතකොටයී දැක්කේ මම ඉන්නේ තට්ටු ගානක් උඩ බිල්ඩින් එකක කියලා . හරියටම මම හිටිය තැනට අඩික් මෙහයින් තමයී පහලට යන්න පඩි පෙල තිබ්බේ. මගේ වටේටම බොඩි ගාඩ්ස්ලා වට උනේ මම පැනලායයි කිය ලා බය වෙලාද කොහෙද...
YOU ARE READING
𝖍𝖊𝖑𝖑 | 𝖔𝖓𝖌𝖔𝖎𝖓𝖌
Fanfiction" Mr. Kim Taehyung , තමුසෙ හිතුවද සපත්තුව මගේ කකුලට ගැලපුන නිසා මම තමුසෙගේ සින්ඩරෙල්ලා වෙයී කියලා " . . "Baby girl, I want to hear you scream my name..." . . . " Then do whatever you want to do " . . " please hate me less " " . written by , ...