Chapter 31

109 13 12
                                    

| I'll captivate, you're hypnotized |

-----------------------------------------------------------

ටේහියොන්ගෙ හුස්ම හිර උනා .ඒක හරිම අමුතු හැගීමක් වචන වලින් විස්තර කරන්න බැරි මහා පුදුම හැගීමක් . එනෝලා හීනෙන් පවා බය වෙලා තියෙන්නෙ තමන් ගැන ?

තවමත් ටේහියොන්ගෙ නිරුවත් ඉන බදාගෙන එනෝලා මුමුනනවා එකම වචන ටික එනෝලා මුමුනනවා...

ටේහියොන් එනෝලාගෙ ඔලුව අත ගාන්න වගේ අත් දෙක එනෝලාගෙ ඔලුව ලගටම ගෙනාවත් ආයෙත් අත් දෙකම මිටිමොලවන් එනොලාගෙ ඇගේ ගෑවෙන්නෙ නැති වෙන්නම අයීන් කරගත්තේ සීරුවෙන්.

" එනෝලා "

ටේහියොන් කතා කරේ හරිම ගැබුරු බැරැරුම් කටහඩකින් .
එනෝලා ටික ටිකම සන්සුන් වීගෙන හරි සිහියට ආවෙ තමන් ඉන්න විදිය ගැන මතක් වෙලයී .
ඉක්මනින්ම ටේහියොන්ගෙ ලගින් ඈත් උන එනෝලා අහක බලාගෙන බිම බලාගත්තේ ලැජ්ජවටයී අසිද්ද්ස් උන අපහාසයටයී.

ටේහියොන් මුකුත් නොකියා කාමරෙන් එලියට ගියේ එනෝලට සැනසුමේ හුස්ම ටිකක් හෙලන්න උඩ දීලා වගේ.

එනෝලාගෙ ඇස් නැවතුනේ එයා හිටිය ඇදේ එහා පැත්තට....
ටේහියොන් අඩුම ඇදේ එහා පැත්තෙන් හාන්සි වෙලා තියා ඉදගෙනවත් නෑ කියලා එනෝලට තේරුනේ ඇද ඇතිරිලි ඒ විදියටම තිබ්බ නිසා.

එනෝලා ඒ නිසාම වෙලාව බලන්න හිතාගෙන phone එක අතට අරගත්ත .
වෙලව දෙකයී හතලිහයී . මෙච්චර වෙලා ගිහිල්ලත් ටේහියොන් නිදාගන්න ආවෙ නෑ ඒත් ඇයී ?

එහෙම හිත හිත හිටිය එනෝලා දක්කේ couch එක උඩ තිබ්බ laptop එක වගේම duvet එකයී කොට්ටෙයී...
එතකොට ටේහියොන් මෙව්චර දවසක් නිදාගෙන තියෙන්නෙ එතන ?
එනෝල එයාගෙන්ම ප්‍රශ්න කරගත්තා.

එනකොටම රූම් එකේ දොරත් ඇරගෙන් ඇතුලට ආවෙ ටේහියොන් වතුර වීදුරුවකුත් අතේ තියාගෙන එනෝලා ලගින් නැවතිලා වතුර වීදුරුව දික් කරන් හිටියෙ හරියට එනෝලට වතුර වීදුරුව ගන්න කියන්න වගේ.

එනොලා මුලුත් නොකියා පුදුමෙන් වගේ වතුර වීදුරුවයී ටේහියොන්ගේ මුන දිහයී මාරුවෙන් මාරුවට බලන්න උනේ සිද්ද වෙන කිසිම දෙයක් නොතේරුන නිසයී.

𝖍𝖊𝖑𝖑 | 𝖔𝖓𝖌𝖔𝖎𝖓𝖌Where stories live. Discover now