......
හේයි සයුල් ගු.මෝ මචන්... මොකෝ අවුලෙන් තැවුලෙන් වගේ මේ හිමිදිරි පාන්දරම......
අහ් ගුඩ් මෝනින් ජයා... නෑ නෑ අවුලක් නෑ.....
නැත්තෙ නෑ.... උඹ මං ලගට එනව වත් දැක්කෙ නෑනේ....
මේහ්.... බෝඩිමක් හොයා ගන්න වෙන ශේප් එකක් තියෙන්නෙ බං.... තව ස......
මං නැවතුනේ මැඩම්ගෙ අඩි සද්දෙ ඇහුණ හින්දා.... ඒක වෙනමම අහන්න පුලුවන් අඩි සද්දයක්.... ගොඩක්ම නපුරු නැතත් මැඩම්ගෙ අඩි ගැටෙන සද්දෙට අපේ එවුන් .... උන් විතරක් නෙවේ මාත් සුටුස් ගාද්දි වැඩ පටන් ගන්නවා......
ජයාෂ් කිව්ව වගේම ඌ ලගට එනකල්ම මම දැක්කෙ නෑ තමයි බෝඩිමේ ඇන්ටි එක පාරටම කිව්ව මාසයක් ඇතුලට අයින් වෙන්න වෙයි කියල.... මාසෙම එක එක තැන් හෙව්වත් මට නිදහසේ ඉන්න තැනක් සෙට් උනේම නෑ... තව සතියක් එක හමාරක් විතර තියෙනවා....
මේ වෙනකන් කාටවත්ම ඒ ගැන නොකිව්වත් දෙතුන් දෙනෙක්ට කියල තිබ්බ නම් තැනක් හොයා ගන්න පුලුවන් වෙයි නේද කියල කල්පනා කරද්දිමයි ජයා ඇවිල්ල පිටට තට්ටු කරේ....
මැඩම් එනව ඇහුණ හින්දා ජයා උගෙ ශීට් එකට ගිහින් මොනාදෝ ෆයිල් වගයක් අවුස්සන ගමන් ඉද්දි මම පුටුවෙන් නැගිට්ටා....
ගුඩ් මෝනින් මැඩම්
ගුඩ් මෝනින් අයේශ්මා.... මීට්න් එක කීයටද කිව්වෙ....
" 10 ට මැඩම්......"
"ම්ම්ම්ම්.... ඕකේ......."
මැඩම් එද්දි මොන ලෝකෙ ඉදල හරි දුවගෙන එන අයේශ්මා තමා හැමදාම මැඩම්ගෙ ඉස්සරහට එන්නෙ කම්පැනි එකට ආව ගමන්ම... කොහොමටත් මැඩම්ටත් මුලින්ම අයේශ්මා දැක්කෙ නැත්තන් දවසම හිත අවුල් යනවා....
කම්පැනි එකේ මැඩම්ගෙ වගකීම් වැඩ හැමදේම බැලුවෙ අයේශ්මා..... මැඩම් ඇතුලට එනකොට ඒ එක්කම චුට්ටක් පිටිපස්සෙන් අයේශ්මා ඇදිලා ආවා...
" ගුඩ් මොනින් මැඩම්....".
" ගුඩ් මෝනින්ග්.... දහයට මීට්න් එකක් තියෙනවා... ඒක පැයක් එක හමාරක් ඇදෙයි... මම අයේශ්මට දන්වන්නම්... සයින් කරන්න තියෙන ෆයිල්ස් ඔක්කොම රෙඩි කරල භාර දෙන්න ලෑස්ති කරන්න....."
YOU ARE READING
❤️🔥ශාර්වදීල් ❤️🔥 🌷(YiZhan) 🌷
Romanceහද ගැස්මකම.... හැම හුස්මකම.... නුඹ ඉන්න ඕනේ මගේ ජීවිත කතාවේ මැදින්෴.........