❤️‍🔥15❤️‍🔥

10 3 7
                                    

.......
......
.........................

' බිසී..... මෙච්චර වෙලා..... '

නාගෙන කාමරේට ආව මම ඇදුමක් වත් මාරු කර ගන්නෙ නැතුව ෆෝන් එක ඔන් කරේ ආශිට කෝල් එකක් ගන්න... මහන්සි ඇගට සීතලට වතුර වැටෙද්දී දැනුන පහසත් එක්ක මට ආශිව තව තව මතක් වුණා කිව්වොත්..... මංදා මේ බැදීම... ඇත්තටම ගත්තොත් අර මැඩම්ගේ ෆෝන් එකේ උන්න චූටික්කිට ඇදුන හිත ඒ කොල්ලෙක් කියල දැන දැනත් තවමත් එතන නතර වෙලා තියන හැටි.... කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන එක අදාල නොකරගෙනම ඒ හිත දැන් ආදරේක පැටලිලා තියන හැටි...

ආශි කියන්නෙ මට අතේ දුරින් තිබුණත් නෙලා ගන්න බැරි මලක් වෙද්දි මට හැමදාම ඕනේ අතේ දුරින් තියාගෙන හරි ඒ මල විදින්න.....

ඒත් නෑ.. තකහනියේ මං ඇවිල්ල කෝල් කරාට ආශි බිසී.... පුලුවන් වෙලාවට ගද්දිත් එයා නෑ... කෝල් ඩයල් කර කරම අලු ට්‍රව්සර් එකකට සුදු පාට ටී ශර්ට් එකක් දා ගත්ත මම කාමරෙන් එලියට ආවේ ෆෝන් එක ඔහොමම චාර්ජ් වෙන්න දාලා.. මොකද දැන් මල ගෙදර ගියාම ආයේ එන්න වෙන්නෙ නෑ...

වෙන්න හිටිය මාමණ්ඩියේ මලගෙදර යන්නයි මම මේ ලෑස්ති වුනේ.... සෙනූ බබා නිදි හින්දා අක්කා ගෙදර ඉන්නම් කිව්ව හින්දා මම අක්කගේ ස්කූටි එකට නැග්ගේ අප්පච්චී අම්මයි අප්පච්චිගෙ බයික් එකට නගිද්දී...

ගියාට පස්සේ ආයේ ෆෝන් එක ඔබන්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ... ඕනෙ තරම් වැඩ තියෙයි කරන්නත්....

අවුල් ගිය හිත හදාගෙන ආශිට පුලුවන් වෙලාවක ගන්න කියල මැසේජ් එකක් දැම්ම මම ෆෝන් එක සාක්කුවට දා ගත්තේ.. ringing volume එක උපරිමේටම දාගෙන....

' මට ඔයාව මගෑරෙද්දි හරි දුකයි ආශී.... ආත්ම ගානක් එකට ඉදලා පුරුද්දටම මගෑරිල යනව වගේ ...'

" ආ... සයුලා.. උඹ ආ එක හොදයි වරෙන්කෝ......."

බයික් එකෙන් බැස්සා විතරයි ඔන්න කතා කරනවා ..

" අනේ සයුල්.... අප්... අප්පච්චි.... එ.. එයා... එයාට එන්න කියන්නකෝ.. ස... සයුල් එයා ඔයාට ආදරෙයිනෙ මටත් වඩා... මටත් වඩා එයා ඔයාට ආදරෙයි ඔ.... ඔයා කිව්වොත් එයි....."

සුරේන් මාමව ලස්සනට අන්දලා තිබ්බට ආයෙ කවදාවත් ඒ මූණෙ අර අහිංසක නිහතමානී හිනාව ගන්න බෑ කියල මතක් වෙද්දි මගෙ ඇස් ඉබේ තෙත් වුණා...

❤️‍🔥ශාර්වදීල් ❤️‍🔥  🌷(YiZhan) 🌷Where stories live. Discover now