....
මම තිගැස්සුනා....
ඒ රූපේ මාව තිගැස්සුවා උනත් මට මේ වෙලාවේ ගැස්සෙන්න වත් විදියක් නෑ.... ඔක්කොටම වඩා මට තිබ්බෙ පෙට්ටිය උස්සන රාජකාරිය වෙද්දී ආශිගෙ නම විතරක් කියපු මම හරි හරියට අනිත් පිරිමි එක්ක මිනී පෙට්ටියෙ බර අතට දුන්නා වෙද්දී මං බලාගෙන වචනයක් වත් නොකියා මගෙ දිහා බලාගෙන හිටිය ආශිගෙ ලගට පිටිපස්සෙන් කෙනෙක් ඇවිල්ල ආශිගෙ උරිස්සට අත තිබ්බා....
පෙට්ටිය උස්ස ගත්තා විතරයි මෙච්චරක් වෙලාම සද්ද නැතුව ඉකි ගහ ගහ කදුලු වැක්කෙරුව දීප්ති නැන්දත් මරලතෝනි දුන්නෙ සුරේන් මාමගෙ නම කිය කිය වෙද්දී පෙට්ටිය බිම තියල සුරේන් මාමට කතා කරල නැගිටපං මාමේ කියන්න මට හිතුන උනත් එහෙම කිව්වම එය නැගිටිනව නම් මොනා කරන්න බැරිද..
වැට කඩුල්ල පනිනකොට තවත් බර අතට දැනෙද්දි මං බලාගෙන මගෙ අතේ නහර පවා ඉලිප්පිලා පෙනුනා... මේ වැට කඩුල්ල ලගදිම කී පාරක් නම් සුරේන් මාමා මං එක්ක හිනා වෙලා කතා කරල ඇත්ද...
තුන්මං හංදියත් පහු කරන් කනත්ත පැත්තට හැරුණ අපි එක්කම ශෝකාකූල ගමේ මිනිස්සුත් ඔක්කොම වගේ ඇවිදන් ආවා... මිනිස්සුන්ගේ මූණුවල උනත් හිනා කලදක් නෑ... සුරේන් මාමා අපේ අප්පච්චිටත් වඩා අවුරුද්දක් දෙකක් බාලයි මං හිතන්නේ....
මම එහෙමම බැලුවෙ මගෙ ඉස්සරහින් මිනියට කර ගහන් ඉන්න අප්පච්චි දිහාව... අනේ අප්පච්චි මේ පාරෙන් මට ඔයාව මේ විදියට උස්සන් යන්න උනොත්... දිහාරා කලන්තේ දැම්මට හපන් වේවි මගෙ කලන්තේ...
ඒ අස්සෙන් මට ආශිව මායාවක් වගේ... ඇත්තටම ඒ මායාවක් නම් පසන් ආශිව දකින්න විදියක් නෑ... ආශි කොහෙද මෙහෙ.... ඇරත් මේ මල ගේ අස්සේ.....
හිතා ගන්න බැරි සිතුවිලි කෝටියක් විතර මගෙ පපුව අස්සෙ හිර වෙද්දී සුදු කොඩි වලින් සැරසුණ බොරලු පාර දිගේ ආව අපි කනත්තට කිට්ටු වෙද්දී වල කපන මිනිස්සු වල ලග හිටියා....
වත්තම් කරගෙන ආව පෙට්ටිය ගානට කපාපූ වල ඇතුලේ සදහටම සැගවෙන්න තව සුලු මොහොතයි..... වල ඇතුලෙ තියන පෙට්ටියට අත දික් කර කර අඩන දීප්ති නැන්දව දිසා මාමා වාරු කර ගනිද්දී අතට අහු උන පස් අහුරක් පෙට්ටිය උඩට දාපූ දීප්ති නැන්දා අඩල අඩලම තඩිස්සි උන මූණේ කදුලටම සින්න වුන කම්මුල්වල කදුලු පිහදාගෙන දිසා මාමට වාරු උනා...
YOU ARE READING
❤️🔥ශාර්වදීල් ❤️🔥 🌷(YiZhan) 🌷
Romanceහද ගැස්මකම.... හැම හුස්මකම.... නුඹ ඉන්න ඕනේ මගේ ජීවිත කතාවේ මැදින්෴.........