❤️‍🔥11❤️‍🔥

21 7 7
                                    

........
....
...

නින්ද ගියෙ කොයි වෙලෙද ගානක් නෑ....  හරි සැහැල්ලුවට නින්ද ගියා කිව්වොත්.... නින්ද උපරිමයෙන් වින්දා කිව්වොත්....  ඒ හුරතලේ දැන් මගෙ හීනත් හොරකම් කරගෙන හිත අස්සෙම පැල වෙලා.... උදේ ඇහැරුනේම මම මූණට හිනාවක් එක්ක...

ආශී ලගින්ම ඇලවුණ මට එයා ලගම නින්ද ගිහින් තිබුණා වගේම එයාව තුරුල් කරගෙන නිදියපු මට එයා හාදුවක් තිබ්බා....  උදේ ඇහැරුනේ හීනෙන් වුණත් එයාගේ කටහඩ එක්ක...  ගුඩ් මෝනින් සයූ කියලා නලලට කිස් එකක් දුන්නා... ඒක හරි ලස්සන හීනයක්... කවද හරි හැබෑ වුණොත්... එකම එක දවසකට හැබෑ වුණොත් හොදයි කියල හිතුන ලස්සන හීනයක් වෙද්දී  මම ඒ  හීනේ අමතක නොකරන්න වග බලා ගත්තා .

       " ගුඩ් මෝර්නින්ග් සයුල්..."

"ම් මැඩම්... ගුඩ් මෝනින්ග්....."

  මැඩම්  හෑන්ඩ් බෑග් එකත් එක්කම වාහනේ යතුරත් අතේ තියාගෙන ආයෙම  ගේ දිහාව බැලුවා.....

" කෝ තිලකසිරි බබාට මෙච්චර වෙලා යනවද අදින්න .... "

" ලෑස්ති වෙලා ඉවරයි මං හිත.... ආ බේබි එනවා මැඩම්...."

" මේ ළමයව හොදටම නරක් කරල.... සයුල්.. යං අපිත් එක්ක යන්න පුලුවන්.... අහ් සයුල්... ඔයාට තව්ද් ජොබ් එකක් දෙන්න කියල මම හදන්නේ.... මොකද කියන්නෙ...."

සුපුරුදු සීරියස් බැල්මෙන්  මිදුණ මැඩම් ඒක නිකන් විහිලුවට වගේ කිව්වයින් මාත් මැඩම් එක්ක හිනා වුණා.... මොකක්ද ඒ පාර ජොබ් එක.... මාව කම්පැනි එකට ගත්තේ  එක තනතුරකට.. ඒ වුනාට දැන් මම ඒකේ නොකරන දෙයක් නෑ.. ඒ අස්සේ ඩේ කෙයා එකක් වගේ බබාලත් බලාගන්න වෙලා... ඒ ඇරුණකොට මැඩම් මට තව ජොබ් දෙන්න හදන්නේ...

" අඩිය උස්සල එන්න ළමයෝ.. පරක්කු වෙලා තියෙන්නෙ..... "

  ආශී එනව කිසිම කතාවක් නෑ මේ දවස් ටිකේම මොකක් හරි හේතුවකට ආශී මැඩම් එක්ක ගේම අල්ලනව කියල දකින ඕනෙ කෙනෙක්ට තේරෙනවා...

" සයුල් වාහනේ ගන්න....."

වාහනේට ගිහින් පිටිපස්සෙන් වාඩි වෙලා තමා  මැඩම් මට වාහනේ ගන්න කිව්වේ... ඩ්‍රයිවින් ජොබ් එකක් දෙන්නදෝ හදන්නේ  . හැබැයි මටත්  හොදයි යද්දි එද්දි බස් වල ගාටන්න ඕනෙ නෑ....

❤️‍🔥ශාර්වදීල් ❤️‍🔥  🌷(YiZhan) 🌷Where stories live. Discover now