" මේම මේම කරන්නකෝ......"
මම කියන කියන එක කරල සම්බෝලෙට දාන්න ඕනේ දේවල් ටික දාලා කොල්ලා ආයෙම මගෙ දිහා බැලුවෙ පූස් පැටියෙක් වගේ.... සම්බෝලෙ අනන්න තේරෙන්නෙ නෑලූ ඕකනෙ ඔය කියන්නෙ....
" ඇයි ඉතින් මෙහෙම අනන්න... බත් අනනව වගේ අනන්න...."
" බත් වගේ බෑ.. ඒක ඔයා කරන්නකො සයූ....."
සයූ........?????
" කෝ මෙන්න මෙහෙම... කෝ දෙන්නකො අත...... ම්ම්ම් හිමීට හිමීට....පොල් මිරිකනව වගේ එපා..... හා ඔහොම.... "
" මට දෙන්න දැන් මට මිරිකන්න පුලුවන් සයූ......."
ඒ පාර මිරිකන්න පුලුවන්ලු... සම්බෝලෙ අනල ඉවර වෙලත් මේකා මිරිකනව... මම අත හෝදගෙන ඒ එක්කම පිගන් දෙකකුත් හෝද ගත්ත ... ඇටයට මගෙත් එක්ක කන්න ඕනෙ වෙලා අද....මට ශුවර් මැඩම් එක්ක වලියක් දාන් අද ඔය ඇවිල්ල තියෙන්නෙ... ගෙදර බත් කාඩ් එක කපාගෙන මෙහෙ ඇවිල්ල මගෙ ජොබ් එකත් නැති කරල දායි වගේ.....
" ඇති ඔය...."
" බෑ බෑ හොදට මිරිකන්න ඔනෙ එතකොටයි රස.... "
ඕනෙ තරමක් මිරිකගනින් කියල මම ඒකට කන්න ඉස්සරලම බත් පිගානක් බෙදුව... ඉස්සරලම කිව්වට ඉස්සරලමත් නෙවේ .. බත ඉදුණ ගමන්ම පූස්ට කන්න දීලා තමා සම්බෝලෙ හදන්න ගත්තෙත්.....
" ඇයි ඔය දෙකක්......"
තව ටිකකින් පොල් කුඩුයි පොල් කිරීයි වෙන් වෙනව සම්බෝලේ..... කමක් නෑ පොඩි එකාගෙ ආසාවනේ....
" ඇයි දැන් කන්න ඕනෙ කිව්වෙ මෙහෙන්...."
" ඔයා මට කවන් නැද්ද....."
" ඒ ඇයි.... කවන්නෙ...."
" දව.....ල්..... මේ දකුණාතින්නෙ පොල් මිරිකුවෙ... දනවනෙ අත... අනික අර ලූනට අත කැපුන.... කවන්න බෑද......"
" ලූනට අත කැපුනා...???? අත දනවා... ආ... එහෙමද......."
" ඔව්නෙ.... ඒ හින්ද කවනවද...."
ඇයි මට ඒ චූට්ටන් කට දෙපැත්තෙන් අල්ලල මිරිකල චුට්ටක් හපල රිද්දන්න ඕනෙ වගේ එකක් දැනෙන්නෙ.... ඇත්තටම මට දැන් හිතෙනව ගිහින් තුරුල් කරන් හපල කම්මුල් දෙකම කිස් කරන්න..... ඇස් දෙකත් බෝල කරන් ඉන්න විදිය... කොල්ලෙක්.... මම මෙහෙම කොල්ලෙක් ජීවිතේට දැකල නෑ.... කෙල්ලෙක් වත් මෙච්චර හුරුබුහුටි.... මෙච්චර ලස්සන..... ඔව් ආශි හරි ලස්සනයි......
YOU ARE READING
❤️🔥ශාර්වදීල් ❤️🔥 🌷(YiZhan) 🌷
Romanceහද ගැස්මකම.... හැම හුස්මකම.... නුඹ ඉන්න ඕනේ මගේ ජීවිත කතාවේ මැදින්෴.........