"මට බෑ මෙතන ඉන්න....."
......
"ඇයි මම කෑ ගහනවා......"
ෆයිල්ස් ටික සයින් කර ගන්නයී තව වැඩ කීපෙකටයි වගේම ගමේ යන්න නිවාඩු ඉල්ලන්නත් එක්කම මම මැඩම්ගේ ඔෆිස් රූම් එකේ දොර ලගට ඇවිත් ටයි එක ටිකක් හදාන දොරට තට්ටු කරන්න හැදුවා විතරයි ගෙදරදිත් කන පිනා යන මිනි කිංකිනි රාවය දොර ලග හිටිය මට ඇහුනා...
මැඩම්ගේ කටහඩ නම් ඇහෙන නෑහෙන තරමට තිබ්බ උනත්... 'මැම මැලක්...' කිව්ව එකාගේ කුංචනාදේ... හම්මේ... මල පැනලා වගේ...
"මමී හිතන් ඉන්නෙ මම පොඩි එකෙක් කියලද... මමීගේ අස්සෙ ඉන්න බෑ... ඉන්නව නම් මට වෙනම ඔපිස් රූම් එකක් වත් ඕනේ..."
මූණම රතු කරගෙන දොර ඇරපු මැඩම් දොර ලග ඉන්න මාව දැකල ස්ටක් උනා වගේම දොර ඇරුණයින් මගෙ කන් අඩි පැලෙන්න ආවේ අර මලේ සද්දෙට....
" ඇයි සයුල්..."
"මැ.....මැඩම් මේ... මේ ටික ගේන්න කියල පණිවිඩේ එවල තිබුණා.."
"අහ්.. මම අයේශ්මටනේ ගේන්න කිව්වේ..... "
"අයේශ්මට ටිකක් සනීප නෑ වගේ මැඩම් පව්නේ මම කියන්න ගියෙ නෑ..."
මැඩම්ගේ උරිස්සට උඩින් කටුස්සෙක් වගේ ඔලුව දදා ඉස්සි ඉස්සී බලන ආශිව තඹේකට මායිම් නොකර මම මැඩම් එක්ක කතා කරා වගේම වෙච්ච කිරිච්ච හැමදේම අමතක උන ගානට දොර ඇරන් එලියට යන්න ගිය මැඩමුත් ආපහු ඔෆිස් රූම් එක පැත්තට යන්න හැරුනා....
" දොර ලොක් කරන්න සයුල්..."
මැඩම් මට දොර ලොක් කරන්න කිව්වා.. සමහර විට ගෙදරම ඉන්න මම මේ කරච්චලේ ගැන දන්න හින්ද වෙන්න ඇති මැඩම්ට මම ආවට ගානක් නැත්තේ...
මං ඉස්සරහ දැනටමත් නම්බුව ලෙප්ට් වෙලානෙ තියෙන්නෙ
දොරත් ලොක් කරගෙන මේ වෙද්දී අදෘශ්‍යමාන ගානට ඉන්න ආශිව කොහොමට වත්ම ගනන් නොගෙන මැඩම් අතින් අවසරේ දෙනකන් ඉදලම මම පුටුවෙන් වාඩි උනේ මගෙ අතේ තිබ්බ ටැබ් එක මැඩම්ගේ අතට දෙන ගමන්මයි...
අයේශ්මට අරන් එන්න තිබ්බ ෆයිල් ටිකත් ටේබල් එකේ පැත්තකින් තියපු මම හීනියට ඇහැ දැම්මේ අදෘශ්‍යමාන බ්ලවේගේ දිහාට.... අත් දෙකත් පපුවට බැදගෙන..... ඉන්නෙ ඔය පුපුර පුපුර... මැඩමුත් ආශිව සත පහකට වත් ගනන් ගත්තෙ නැතුවම මං එක්ක කතා කරා වෙද්දී ආශී අඩි හප්ප හප්ප ගිහින් ඔෆිස් රූම් එකේ කොණක තිබුණ සෝෆාවෙන් වාඩි උනා මගෙ ඇස් කොණට චායාවක් වගේ පෙනුනා...
YOU ARE READING
❤️🔥ශාර්වදීල් ❤️🔥 🌷(YiZhan) 🌷
Romanceහද ගැස්මකම.... හැම හුස්මකම.... නුඹ ඉන්න ඕනේ මගේ ජීවිත කතාවේ මැදින්෴.........