❤️‍🔥12❤️‍🔥

17 5 6
                                    

......

ජයා හිටියේ නෙතුවගේ අතක් අල්ලගෙන දණ ගහගෙන නැති උනත් ජයා ඉන්නේ නෙතූට වැදගෙන වගේ නෙතුව ඇස් දෙකෙන් රවනවා මූණම රතු වෙලා.... ඒක නෙවේනෙ වැඩේ හරස් බිත්තියට හේත්තු වෙලා ආශී හොරාවට ඒ කපල් එක දිහා බලන් ඉන්නවා.....

" ඕවා නම් නැහැදිච්ච වැඩ...."

ඇගම බිත්තියට වහගෙන හොරා වගේ මූණ විතරක් එලියට දාන් කපල් එක දිහා බලන් ඉන්න ආශිගෙ උරහිසට දැනෙන නොදැනෙන ගානට තට්ටුවක් දාපු මම එහෙම කිව්ව කිව්ව උනත් මගෙ හිතට ආවේ චකිතයක්.... ආශී දැන් ජයා එක්ක නෙතූ ඉන්නව දැකල ප්‍රශ්නයක් දායිදෝ කියල හිත කිව්වේ.... උන් දෙන්නගෙ පලහිලව්ව දන්නෙ මෙහෙ දෙතුන්දෙනෙක් විතරයි පහල උන් දන්නෙ නෑ....

" එයාලා 👉👈 මේම ද...."

" කෝමද...."

" මේම මේම......."

" දන් නෑ අහලම බලන්න වෙයි... එන්නකො..."

වටපිට බැලුව මම ආයෙම ගානක් නැතුව එයාගේ අතින් අල්ල ගත්තෙ ඒ පැත්තට යන්න උනත් මම ඉස්සර උනාට ආශි එන්නෙ නෑ වගේ හින්ද මම ආයෙම පිටිපස්ස හැරුනා

" අත් ඇල්ලුව කියල මේම මෙම වෙන් නෑ නේද එකාතකට...."

"ම්ම් ඔව් නේද එකාතකට.... එන්නකෝ ඔයාට මේ පැත්ත පෙන්නන්න... මේවත් අරව වගේම තමා... ඩෙනිම් ඕඩර්ස් දාන්නේ haily group එකෙන් අපි ගොඩක්ම... තව දෙක තුනක්ම තියනවා..."

මම අල්ලගෙන ඉන්න එයාගේ අත දිහා බලලා ආශි කිව්වම මට හිනා යන්න ආවා.. ආශී කියන සමහර දේවල් කියුට් කියන්නත් බෑ ඇත්තටම පොඩි එකෙක් වගේ... ඒක එයා හිතලම කරනවද නැත්තන් ඒ එයාගේ හැටිද.... මේ තරම් හුරතලයක්....

මම අන්තිම ටික සද්දෙට කිව්වේ ටිකක් බර අඩි තියන ගමන් වෙද්දී මූන රතු කරන් හිටිය නෙතුවා අපිව දැකලා ගැස්සුනා....

" ජයාශ් නේද ඔයා ඔයාව උඩට ට්‍රාස්න්සර් කරාද..."

"අහ්... ම්ම් මේ නෑ මම ස්ටොක් බලන්න ආවේ....,"

"හ්ම්ම්.... අපි දැක්ක නේද ඒයි මෙයා ස්ටොක් බලන හැටි....."

නෙතුව ගල් ගිල්ල වගේ බලාගෙන ඉන්නවා.. ඒ අස්සේ වරදක් කරපු පොඩි එකෙක්ට තරවටු කරනව වගේ ආශි ජයාව අල්ලගෙන .... එක එක ඒවා අහ අහ නේද ඒයි කියල මගෙ උරිස්සට ඇගිල්ලකින් අනිනකොට මම බලාගෙන නෙතුවා ලොකු උන ඇස් වලින් මගෙ දිහා බලාන ඉන්නවා

❤️‍🔥ශාර්වදීල් ❤️‍🔥  🌷(YiZhan) 🌷Where stories live. Discover now