....
ටාරා රම් පම් ටා රා රම් පම්ම්.....
ටාරා රම් පම් ටා රා රම් පම්ම්.....ඩිගි ඩිගි චා.... ඩිගි ඩිගි චා.........
හල්ලාරේ හල්ලාරේ.... හල්ලාරේ.......
කිසිම තාලයක් තනුවක් නැතුව වේග රිද්මෙන් ඇහෙන ඇග කිලි පොලා යන සද්දෙ එක්ක මගෙ නින්ද කැඩිල ගියා... මදැයි නිවාඩු දවසෙ නිදහසේ චුට්ටක් නිදා ගන්න කියල හැදුවා.....
මැඩම්ල කතා කරන සද්දෙ ඒ ගේ ඇතුලෙ ඉදල මගෙ කාමරේට ඇහෙන්නෙම නැති තරම්... ඒත් මම දන්නව උඩ තට්ටුවෙ ඉදන් බෙරිහන් දෙන කොල්ලගෙ කටේ තරම
අද නිවාඩු උනත් උදේ වරුවම ගියෙ ජයාගෙයි නෙතුවගෙයි ආරවුල් බේරන්න සතියක් තිස්සෙ රණ්ඩු වෙලා තරහ වුන උන් දෙන්න අද නම් කිරි පැනි මුට්ටිය උනා...
දැන් ඉතින් නිදියන්න වෙලාවක් නෑ කියල හිතුන හින්දා මම එහෙමම බාත් රූම් එකට ගියෙ නා ගන්න කියල....
'ටා රා රම් පම්.... ම්ම් ම්ම් හ්ම්ම් හ්ම්ම්...... ආයිශ්.. මගුල....'
මටත් මේ අපබ්‍රංශ කියවෙනවා.......
පොඩි ඇටය මම හිතන් හිටියා වගේ කොල්ලෙක් නෙවේ කියල සතියක් ඇතුලත මට වැටහුණා...
මැඩම් වගේ නම් නෑ මේ කොල්ලා... මැඩම්ගෙ තියෙන නිමිච්ච තැන්පත් ගතිය එක මොහොතකට වත් ඒ ඇටය ලග නෑ... මං හිතන්නෙ තාත්තා වගේ වෙන්න ඇති.... මට ආරන්චි හැටියට මෙච්චර කල් කොල්ල හිටියෙත් තාත්ත ලග.....
මැඩම් අනන්තවත් කිව්ව මේ ටිකේම කොල්ලට ඩිග්‍රි එක කරන්න ගන්න කියල ඒත් අහන්නෙ නෑ ගෙදරට වෙලා ලැමිස්සි වගේ ඉන්නව මිසක්.. ලැමිස්සි වගේනම් බැරියෑ මුලු පැත්ත පලාතම දෙදරනව සද්දෙට....
එක්කො මොකක් හරි සිංදුවක් දානව කනක් ඇහෙන්න නැති වෙන්න... එක්කො එයාගෙ සුමිහිරි හඩ..
නාගෙන කාමරේට එද්දි නම් සද්දෙ නැවතිලා තිබුනා මැඩම් බනින්න ඇති....
තිලකෙ අංකල්ට කරදර කරන්න බැරි හින්දා මමම කෝපි එකක් හදාගෙන එලියට ආවේ උද්‍යානයක් වගේ තියන මිදුලෙ අසිරිය නරඹන ගමන් කෝපි එක බොන්න.... එක අතකට මම පිං කරල මේ වගේ තැනක ඉන්න.....
YOU ARE READING
❤️🔥ශාර්වදීල් ❤️🔥 🌷(YiZhan) 🌷
Romanceහද ගැස්මකම.... හැම හුස්මකම.... නුඹ ඉන්න ඕනේ මගේ ජීවිත කතාවේ මැදින්෴.........