....
....
" හෙලෝ හායි... මම ලංකාවට ගොඩ බැස්සා අනෙව්... යා යා... එන්නම් එන්නම්........... ඕප්ස්... පාටි... පාටි මට දීහල්ලා....."
වාහනේට නැග්ග වෙලේ ඉදල කට කියවනවා..... මැඩම්ට අරන් පැය බාගයක් විතර හුරතල් වෙලා ආයෙ ආයෙම තුන් දෙනෙක්ට කෝල් කරා...
දැන් මේ හතර වෙනියා.....
හප්පේ... ඇති යන්තම් කට් කරා....
" මේ කවුද සයුල්..... අයියෙක් වෙන්න ඇති නේ....?? සයුල් අයියේ....."
" ඔව්.....කියන්න"
" මල් ගන්න පුලුවන් තැනකින් නවත්තන්නකෝ....... "
"මල් ගන්න......"
" ඕ ඕ....."
දැන් උඹ මලක් කිව්වෙ අති පණ්ඩිතකමට ඇටයා..... තවත් මොකටද මල්..... ආයිශ් මල් කඩයක් පහු උනා කිලෝ මීටර් දෙකකට විතර කලින්....
මම එහෙමම කාර් එක අයිනකට දාලා නැවැත්තුවත්... මෙතන යූ ටර්න් එකක් ගන්න බෑ කියල තේරුන හින්දා ආයෙම ඉස්සරහට ගත්තෙ ඉස්සරහින් තියෙන පාරෙන් හරවල ගන්න හිතන්....
" ඇයි ආයෙ හරවන්නෙ... වාහනේ නවත්තනකොට කියන්න දන්නෙ නැද්ද.... හනේ මංදා දැං කාලේ හැදෙන කොල්ලො නම් ගන්න දෙයක් නෑනෙ...."
දැන් කාලෙ හැදෙන කොල්ලො....
මේ ඇටය දැං කාලෙ හැදෙන කොල්ලෙක් නෙවේද එතකොට... පිස්සු කෝළම..." මල් කඩයක් පහු උනා... ඉස්සරහට තියෙයිද ශුවර් නෑ... මතකයක් නෑ මට...."
"ම්ම්ම්.. මල් කඩ ගැන අවධානෙන් ඉන්නකෝ.. වැටෙන් ලයින් එකට කෙල්ලට රෝස මලක් ඒත් අරන් දෙන් නෑද ඔයා...."
" මො... මොක ලයින්...."
"මුකුත් නෑ....."
එහෙනම් යමං කට වහන්.... ආව මෙතන.... අහිංසක හුරුබුහුටි සුදු කොණ්ඩෙ දිහ කෙල්ලෙක් හිතෙන් මවාන හිටියෙ... අන්තිමට මට හම්බුනේ කට කමසෙයියාවක් නැතුව මරු කියවන පණ්ඩිත කොල්ලෙක්ව.....
" ඔයත් යං...."
"මං ඇයි....."
"එන්නෝකෝ එනෝකෝ අෆ්ෆා....මොකක්ද බං අයියෙ...."
"බං....???"
" උප්ස්....!!!! සොව්..රී..... බං නෙවේ අයියේ......"
YOU ARE READING
❤️🔥ශාර්වදීල් ❤️🔥 🌷(YiZhan) 🌷
Romanceහද ගැස්මකම.... හැම හුස්මකම.... නුඹ ඉන්න ඕනේ මගේ ජීවිත කතාවේ මැදින්෴.........