නළලේ මැස්සෙක් වහනව වගේ දැනුන මං ඇස් අරින්න වගේම අත පය හොල්ලන්නත් තිබුණ කම්මැලිකමට ඔලුව හෙලෙව්වා..... 𝐜𝐚𝐫𝐲 මැස්සා ආයෙ එනවා.... ඔලුව හොලවද්දී ආයේ යනවා...
ඒ කියලා ඇස් අරින්න වත් නින්දෙන් මිදෙන්න වත් අත උස්සන්නවත් බැරි තරම් මට මහන්සී වගේ.....
නෑ මේ නම් අපේ පූස් වෙන්න ඇති ශුවර් ශොට් පූස්......
නළල ගාවින් පටන් ගත්ත ගමන හිමින් හිමින් ඇහිබැම් අතරින් ගානට නහය දිගේ නැගලා ආයෙම පල්ලම් බැස්සා වෙද්දී ඒ පහස...... නෑ.... පූස් නෙවේ......
මගෙ තොල් දෙක ළගින් දැනෙන ස්පර්ශය අදුර ගන්න මම චුට්ටක් ඒ පහසට අවදානය දුන්නා... මට දැනෙන්නෙ මොකක් හරි පාටියක් දවසට රෑ මැද්දේ පාටි දාලා ජයා එක්ක කරටි කැඩෙන්න ගහලා මහ පාන්දර ජාමේ නිදා ගත්තම ඇගට මහන්සිය..... ඒ වෙලා......
හෝව් හෝව්.. පොඩ්ඩක් හෝව්.... මොකක්.... කරටි කැඩෙන්න ගහලා.... ඔව්මනේ ඊයේ රෑ වහන්තරාවක් ආවනෙ එහෙම....
මගෙ උඩු තොලේ මෙච්චර වෙලා තිබිලා යටි තොලට මාරු වෙන්න හදන්නේ මොකක්ද මේ කියලා මට තේරුනා.... සීතලම සීතල ඇගිල්ලක්.... ඔව්... වෙන කෙනෙක්ගෙ වෙන්න බෑ ඒ ආශිගේ....
ඇස් පියාගෙනම එහෙමම ඉන්න ට්රයි කරා උනත් මට බෑ... මාව කිචී ඒ අස්සේ මේ උදේ පාන්දර සීතලේ..... ඒ හින්දම එක පාරම මම මගෙ අතින් ඒ අත අල්ල ගත්තේ එහෙමම ඇස් දෙකත් අමාරුවෙන් අරින ගමන්...
" ගූ....ඩ්ඩ්ඩ් මෝ..නී...න්......"
"චහ්....."
ආශිගේ අත ගස්සලා වීසි කරපු මම දඩෝං ගාලා ඇදෙන් බැහැලා කෙලින්ම ආවේ බාත් රූම් එකට....
ඒකා නම් සැප නින්දක් දාලා... ඇයි ඉතින් නාවලා කරලා පුයර බබා වගේ නිදි කරවන්න හිටියනෙ එකෙක්.... ඒකට මම... කණ්නාඩියෙන් මගෙ මූණ බලපු මටම මාව අප්පිරියයි වගේ....
" මේ දොර අරිනවා....."
"ඒ මොකටද...."
"වොශ් රූම් යන්න..."
" ගෙදර යන්න...."
"එතකන් ඉන්න බෑ...."
"මොන විකාරයක්ද!!!............."
ඇහැරුනා නම් ඇහේ දුරින් පේන ගෙදර දුවන්නෙ නැතුව ආශී කරේ මගෙ කල්පනා ලෝකේ බිදලා දැම්ම එක... යකා නැගපු මම දොර ඇරියෙත් ආවේගෙන්...
YOU ARE READING
❤️🔥ශාර්වදීල් ❤️🔥 🌷(YiZhan) 🌷
Romanceහද ගැස්මකම.... හැම හුස්මකම.... නුඹ ඉන්න ඕනේ මගේ ජීවිත කතාවේ මැදින්෴.........