.....
" බේබි මොකද කියන්නෙ මහත්තයා..."
" පූසා එක්ක කියෝ කියෝ හිටියෙ...."
මං එක්ක හිනා වෙලා තිලකසිරි අංකල් යන්න ගියා... මම කිව්වත් මහත්තය කියන්න එපා කියල දැන් ඒක කටටම හුරු වෙලාලු....
බාතෲම් එකට ගිය මම කණ්නාඩියෙන් මගෙ මූණ බැලුව..... ඉබෙමට මගෙ දකුණු අත මගෙම පපුව උඩ නැවතුනා වෙද්දි මම ඇස් පියා ගත්තා....
තාම දවසයි ගෙවුනෙ.... නෑ දවසක් වත් ගෙවුනෙ නෑ.... ඒ කොල්ල මට මෙච්චර ලං උනේ කොහොමද... මෙච්චර ලගයි වගේ දැනෙන්නෙ කොහොමද...
මං හිතන් හිටියෙ ...
මවාගෙන හිටියෙ ලොකුකමට ඉන්න අහංකාර ලස්සන කෙල්ලෙක් වුණත් ඒකෙම අනිත් පැත්ත.... ශදීල්.....කොණ්ඩෙ කොටට කපපු කිසිම අහංකාර ලොකුකමක් නැති හැබැයි ලස්සන කොල්ලෙක්.....
මූණ ටිකක් හෝදගෙන මම ඒලියට ගිහින් මගෙ කාමරේ ඉස්සරහම ගහ යට තියෙන ලී බංකුවෙන් වාඩි උනා.... මිදුලෙ එහා පැත්තෙ මැදට වෙන්න හදපු සුදු පාට ඔන්චිල්ලාව දිහා බලාගෙනම ලී බංකුවෙන් ඉද ගත්ත මම ඉර බැහැල උනත් කරුවල නොවුණ අහස දිහා බැලුවා....
ඉරත් නැති හදත් නැති තරුත් නැති අහස දිහා එකම එක නිමේශයක් බලන්න මට පුලුවන් උනා..... තප්පර ගානක් විනාඩි ගානක් යද්දි අහසෙ තැන් තැන් වල ලා පාට එලි මතු වෙන්න ගන්න හැටි මං එක හෙලාම බලාන හිටියා....
" මහත්තයා....."
" අංකල්...."
"තේ එකක් බොමු....."
"අනේ මොකට කරදර උනාද අංකල්....,"
" හැමෝටම හදන ගමන්නෙ මහත්තයා... ඕක බොන්න....."
පහමාර හය විතර වෙද්දි තේ එකක් බොන එක මැඩම්ගෙ පුරුද්ද උනායින් තිලකසිරි අංකල් ඒ වෙලාවට මටත් එක්ක තේ එක හදනවා වගේම මම පේන්න නැත්තන් කාමරේටම ගෙනල්ල දෙනවා.....
කරුවල වේගන එන අහස දිහා බලාගෙනම තේ උගුරක් තොල ගෑව මම ආයෙම බැලුවෙ ඒ විශාල ගේ දිහා....
මට පිටවුණේ බර හුස්මක්.... මේ ගෙදරම ඉන්නව වගේ මට දැනෙන්නෙ... හැමදේම මගෙ වගේ....
YOU ARE READING
❤️🔥ශාර්වදීල් ❤️🔥 🌷(YiZhan) 🌷
Romanceහද ගැස්මකම.... හැම හුස්මකම.... නුඹ ඉන්න ඕනේ මගේ ජීවිත කතාවේ මැදින්෴.........