.....
.... සයුල්.....
නින්ද යන්නෙ නැතිම තැන බලෙන් ඇස් තද කර ගත්තට මොකද මම අඩන්නෙත් නැතුව ඇස් දෙක දනවා.. ඇස් වලින් කදුලු වැටෙනවා.. ඒ එක්කම කාලෙකට කලින් ආව ඔලුව කැක්කුම ආයෙම එන්න වගේ දැනෙද්දි මං ෆෝන් එක අතට ගත්තේ එයාට කෝල් එකක් ගන්න....
මට හරි පාලුයි සයූ.......
එයාගේ ෆෝන් එක ඕෆ්....
මට කිව්වෙ කොහොමද හැවච ගියොච් යැඥ්ඥ බෑ චෙනචුරාජා යඥ්ඥේ.... දැන් බස් එකක් අලුතෙන් දාලද දන්නෙ නෑ එයාට ගෙදර යන්න.... අනේ මගෙ කට...
අඩුම මට කිව්වෙ වත් නෑ... ඒකත් මම දැන ගත්තෙ වෙන අයගෙන්... එහෙමම ගියාලූ.... එක පාරටම ඔෆිස් එකේ ඉදල එහෙමම ගියාලූ... ඇදුමක් වත් කිසි බඩුවක් වත් අරන් ගියෙ නෑලූ....
අද උදේ බලනකොට එයා බඩු ලෑස්ති කරල තියනව දැක්ක මම බෑග් එකක... ඒත් ඒවා අරන් ගිහිල්ල නෑ...
ශෝර්ට් ලීව් දාලා... එයා ගිහින් දැන්... දැන් ෆෝන් එකත් වැඩ නෑ.... එක පාරම අතුරු දහන් වෙන්නෙ ඇයි....
කාලයක් එකටම ඉදලා එක පාරම මිනිස්සු අතුරුදහන් වෙන එක මට නුපුරුදු දෙයක් නෙවේ... ඒත් මට දැන් ඇති.. මට දැන් හොදටම ඇති .....
නින්ද යන්නෙම නෑනේ...
එයා තාම යනව ඇතිද..... සමහර විට ෆෝන් එක ඕෆ් උනා වත්ද... ගිහින් මට ගනී නේද.. ඔව්... ගිහින් මට ගනී....
එකොළහට කිට්ටුයි... එයා තාම යනව ඇති කියල මමම හිතාගෙන සාධාරණීකරනය කරාට මොකද මගෙ හිතම එයාග දොස් කියනවා...
අඩුම මට කියල යන්න තිබුණා....
එනව කිව්වට අම්මිත් තාම ආවේ නැතිකොට තිලකසිරි අංකල් විතරක්ම මනුස්ස පරානෙකට මේ ගෙදර ඉන්නෙ... මට හරි පාලුයි.... මං... මං හිතුවේ මෙහෙ ආවම අම්මි එක්ක ඉන්න පුලුවන් වෙයි කියල ඒත්.... මට කොතනවත් මට මුල් තැන දෙන කෙනෙක් නෑ.....
YOU ARE READING
❤️🔥ශාර්වදීල් ❤️🔥 🌷(YiZhan) 🌷
Romanceහද ගැස්මකම.... හැම හුස්මකම.... නුඹ ඉන්න ඕනේ මගේ ජීවිත කතාවේ මැදින්෴.........