පනස් අටවන දිගහැරුම ~

2.4K 426 475
                                    

මං උන්නේ සම්පූර්ණයෙන්ම ගොළු වෙලා....මං දන්නේ නෑ.....මට පිස්සු හැදෙන්න වගේ....! මගේ පපුව ගැහෙන වේගේ එන්න එන්නම වැඩි වෙනකොට ඒ දේ මාව නොසන්සුන් කලත් එයා ඉස්සර ඉන්න නිසාම මං බොහොම අමාරුවෙන් මගේ නොසන්සුන් හිත පාලනය කරගත්තා....දන්නවද එක හරි අමාරුයි....හදවත පිස්සු නටනකොට පිටතින් සන්සුන් වෙලා වගේ පෙන්නන එක....ඊටත් වඩා එයාව අඟල් දෙක තුනක් දුරින් ඇස් මායිමේ තියාගෙන මෙහෙම ඉවසන් ඉන්න එක....

ඇත්තමයි මං එයා දිහා නොබලා බිම බලන් හිටියේ බොහොම අමාරුවෙන්....
මං එයා වචනයක් හරි කියනකල් බලන් හිටියේ....ඒත් එයා මෙතනට ආව තප්පරේ ඉදලා මං දිහා ගල් වෙලා වගේ බලන් ඉන්නකොට එයාගේ විතරක් නෙවෙයි මගේ වචනත් ලොප් වුනා....
ඇයි මේ මනුස්සයාට දැන්වත් කට ඇරලා මාත් එක්ක කතා කරන්න බැරි? ඉවසීම කියන දේත් සීමාවක් තියෙනවා දෙයියනේ....මෙයා මෙහෙම ඉන්නකොට මට මැරෙන්න හිතෙනවා....!

" දවස් කීයක් විතර යයිද බං චූටි ඕක හොද වෙන්න...? "

මායි එයයි උන්නු තැනට ටිකක් එහාට වෙන්න පුටුවකින් වාඩි වෙලා උන්නු තුවාන් අයියා සද්දෙන්ම එහෙම අහනකොට එයාගේ අතේ තිබුණ ගැඹුරු කැපුම් තුවාලේ හිමීට සේලයින් වතුර වලින් ක්ලීන් කරන ගමන් එයා කතා කරයි කියලා බලන් ඒ සිහියෙන් උන්නු මාව ගැස්සිලා ගියා....!

ඒත් එක්කම මං හිමීට ඇස් කැරකුවා....
තුවාන් අයියාට උත්තරයක් දෙන්නවත් මට කතා කරගන්න බැරි වෙද්දි මං යාන්තම් ඔලුව උස්සලා එයා දිහා බැලුවේ නිකමට වගේ....ඒත් ඒ ඇස් මහා අමුතු විදියට මගේ මූණටම වැටිලා තියෙනවා දකිනකොට මට දැනුනා මගේ කම්මුල් රත් වෙලා යනවා...අහේතුවකට මගේ කම්මුල් වලට ලේ පිරෙනවා....මං ඒ සැනින් ආයෙමත් අහක බලාගත්තා....

අනේ ඇත්තමයි....මේ මනුස්සයාට වචනයක් කතා කරන්න බැරි හැටියක්....!

කෝපි කෝප්පයක් බොන්න හිතන් එලියට ආව මං කීයටවත් හිතුවේ නෑ එයා මේ වගේ වෙලාවක මාව හම්බවෙන්න එයි කියලා....ඒකත් මේ විදියට....මං දන්නවා ඒක අහම්බයක් නෙවෙයි....ඒත් මං දන්නේ නෑ මොකක්ද වුනේ කියලා....එයා මං ළඟට ආවෙම වීදුරු බෝතලේකට එයාගේ දකුණු අතේ මුලු අල්ලම කපාගෙන වෙද්දි වචනයක් වත් කතා කරන්නේ නැති එයා වෙනුවට තුවාන් අයියා මට කිව්වේ ඒ තුවාලෙට බෙහෙත් දාගන්න ආවා කියලා....ඒ වෙනකොටත් තුවාලෙන් හෝ ගාලා ලේ ගලනවා....

~ සමුද්‍ර සිහිනය ~Where stories live. Discover now