විසිහය වන දිගහැරුම ~

4.1K 525 512
                                    

මං ගෙදර ඇවිත් දැන් පැය තුනකටත් වැඩී....බස් එකෙන් බැහැලා එයා මාව ගෙදරටම එක්කරගෙන ඇවිත් ආයෙත් යන්න ගියා....මං මුකුත් කිව්වෙත් නෑ එයා මගෙන් ඇහුවෙත් නෑ....එදා වගේ නෙවෙයි එයා මගේ මූණටම ආදරෙයි කියලා කියද්දි අනේ මං ගොඩක් අසරණ වුනා....උත්තරයක් නැතුව නෙවෙයි මට....ඒත් මට බය හිතුනා....එකපාරටම උත්තරයක් දෙන්නවත් කතා කරන්නවත් මට බැරි වුනේ මං බය වුනා....එයා එහෙම එකපාරටම මාව බය කරවන වචන ටිකක් එක්ක ආදරෙයි කියලා එකපාරක් විතරක් කියද්දි මට බය හිතුනා එයත් එක්ක කතා කරන්න....

මාව ලඟට ඇදලා ගත්ත එයා මගේ කම්මුල් වලින් අල්ලගෙන මගේ හිතේ නැතත් එයාගේ හිතේ තියෙන සේරම පලවෙනි වගේම අන්තිම වතාවට කියන්නේ කියලා මගේ ඇස් දිහා බලාගෙන මට ආදරෙයි මාව අයිති එයාට විතරයි කියලා කිව්වා....මට ඒ වෙලාවේ කියන්න මොනාද කියලා හිතාගන්න බැරි වෙන එක සාධාරණයි නේද....? ආදරේ කියන වචනේ අඩුවෙන් කිවුවත් මාව සම්පූර්ණයෙන්ම අයිතිය එයාට විතරයි මට මාවවත් අයිති නෑ කියන වචනේ මගේ හිතට කාවදින්නම හරි තදට හයිලට් කරලාම එයා සැරින් සැරේට කියවද්දි මගේ හිතේ බය තවත් වැඩි වුණා....දෙයියනේ එයා ඒ වෙලාවේ මොන සිහියකින් හිටියද කියලා මට හිතාගන්න බෑ....! තාමත් මතක් වෙද්දි පපුව පුපුරන්න වගේ....

මට සතුටුයි ඒත් මට උත්තරයක් දීගන්න බැරි වුන එක ගැන මට දුකයි....
එයා මාව ගෙදරටම එක්කගෙන ආව වෙලෙත් මං එයාගේ මූණවත් නොබලා ගෙට ආවා මිසක් පරිස්සමින් යන්න කියලාවත් කියන්න බැරි වුනා....මොකද මට ඒ වෙලාවේ දැනුනේ මාව ගොලු වුනා වගේ හැගීමක්....එයා එක්ක කතා කරන්න ඕන වුනත් කටහඬ පිට වෙන්නේ නෑ වගේ හැගීමක්....

ඒත් මං ඒ වෙලාවේ උත්තරයක් දුන්නේ නැති එකත් හොදයි කියලා හිතෙනවා....
මට එයාට කියන්න ඕන මාත් එයාට ආදරෙයි කියලා....ඒත් එයා වගේ කලබලෙන් නෙවෙයි....ඒක කියන්න ඕන මගේ වගේම එයාගේ හිතට දැනෙන විදියට....එයා කිව්ව හැම වචනයක් ම මගේ හදවත පතුලෙම නතර වුනා වගේ මං කියන හැම වචනයක්ම ත් ඒ හිතට දැනෙන්න ඕන....

ම්හූ! මං පණ්ඩිත වෙලාද? ටිකක් විතර....මටත් දැනෙනවා....මං හිතන්නේ හැමෝම ආදරේ කරද්දි වෙනස් වෙනවා කියන්නේ මේකට වෙන්න ඇති....

~ සමුද්‍ර සිහිනය ~Where stories live. Discover now