හැත්තෑ දෙවන දිගහැරුම ~

3.1K 455 397
                                    

සීතලයි! ඒ/සී එක වැඩ නොකලත් කා' එක ඇතුල ඒ වගේ සීතලයි....මං දන්නවා ඒ නුවරඑලියට අපි ලං වෙලා ඉන්න නිසා කියලා....අවුරුදු ගානකින් ආයෙමත් හිතට දැනෙන ඒ අමුතුපහේ සීතල අතරින්ම කා' එක ඇතුලේ ප්ලේ වෙන දිලූ ගේ භාවනාවකට සමාන කටහඬ අඬ නින්දේ උන්නු මාව එක එක හීන ලෝක වලට අරන් යන්න හදනකොට එයාගේ අත බදාගෙන උන්නු මං එයාට තව ටිකක් තුරුල් වෙලා ඒ අත් ගොබේ වහගෙන හිටිය කලුපාට ජැකට් එක උඩින්ම මගේ කම්මුල එහා මෙහා කලා....අද පාන්දර වෙන්න තියලා නිදාගත්තත් ආයෙම පහට නැගිටින්න වුන නිසා වගේම ඊයෙත් පාන්දර දෙකේ ඉදන්ම නැගිටලා නිදි මරපු නිසාම මං හිටියේ කියාගන්න බැරි තරම් ලොකු නිදි මතකින්....ඒත් එයා වගේම මගේ හිතේ උඩින්ම ඉන්න මං වැඩිපුරම ආදරය කරන හැමෝම මාත් එක්ක හිටපු නිසාද මන්දා, අසනීපේ නිසා මට මීට කලින් හැමදාම වගේ දැනුන ඒ අමුතු මහන්සියයි දුකයි කම්මැලි ගතියයි දැන් දැන් මගෙන් ගොඩක් දුරට ඈත් වෙලා ගිහින් කියලා මට හොදටම දැනුනා....!

මට තාමත් සැරින් සැරේම මතක් වෙන්නේ ඊයේ දවස....ඇත්තමයි ඒක නම් මට තනිකරම හීනයක් වගේ !!

ඒ ගෙවුන දවස ඇත්තක් නේද කියලා මටම වෙලාවකට මතක්වෙනකොට මට මැරෙන්න තරම් සතුටක් දැනෙනවා....
ඒත් දැන් ඊට වඩා සතුටුයි....මොකද අද අපි හැමෝම නුවරඑළියේ යනවා....මං මුලින් හිතුවේ අපි දෙන්නා විතරයි කියලා වුනාට පස්සේ අර යෝධයෝ ටිකත් ලෑස්ති වුනාම තමයි දන්නේ එයාලාත් එනවා කියලා.....මං දන්නවා ඉතින්....ඕක අනික් අයට ට්‍රිප් එකක් වුනාට ඉතින් අපි දෙන්නාගේ....ම්හ්ක් ! අනේ මට බෑ අනේ....මං අපේ මිනිහා වගේ නෙවෙයි නේ අනේ....

ම්හ්ක්! මට ඔව්වා කියන්න ලැජ්ජයි කෙල්ලනේ....අනික් එක මං ලැජ්ජ බයට හැදිච්ච ලමෙක්....ඔය අපේ මිනිහා වගේ මූණටම ඒම කියන්නේ නෑනේ....ඇයි වදේ? මෙයාට තමයි කිසිම මෙව්වා එක්ක නැත්තෙ....නැත්තං අර ඊයේ කිව්ව නැත කතාව....මහ ඕන්නෑ....මට නම් මතක් වෙද්දිත් තාමත් කේන්ති අප්පා....ඔව්වා නම් අර දියවන්නාවෙන් පුරුදු වුන ඇමති ගතිපැවතුම් තමයි....ම්හ්ක්!

" චූටි..."

" ම්ම්ම්..."

" නිදිද ? "

~ සමුද්‍ර සිහිනය ~Where stories live. Discover now