හැට තුන්වන දිගහැරුම ~

2K 405 270
                                    

ගන්නවද නැද්ද ? ගන්නවද නැද්ද ? ගන්නවද....එක්කෝ එපා....එක්කෝ ගන්නම්....එයා බනීද? අනිවාර්යයෙන්ම ඔය මිනිහා මට බනී....ඒවුනාට ආස නෑනේ මං බැනුම් අහන්න....අනේ කමක් නෑ විනාඩියක් කතා කරන්න බැරි වෙන එකක් නෑනේ....වැඩකට යනවා කරදර කරන්නත් එපා කිව්වා හැබැයි....ඒත් මං කොහොමද අනේ එහෙම කරදර නොකර ඉන්නේ....ඇයි වදේ? යකෝ මං කරදර නොකර අපේ මිනිහට වෙන කවුරු කරදර කරන්නද ? ම්හ්ක් ! ඒවුනාට බැන්නොත්....අනේ ඕන එකක් අනේ....බැනුම් ඇහුවට මොකද? මගේ මිනිහා නේ....පිට එකෙක් යෑ....මිනිහා ගෙන් බැනුම් ඇහුවා කියලා මුකුත් වෙන්නේ නෑ....අනික් එක මං අහලා නැති බැනුම් යෑ ඔය....ඔන්නෝහේ තව පාරක් ගන්නවා....ම්හ්ක් !

කට පැත්තට හදාගත්ත මං දිව හපාගෙන කෝට් එක අස්සේ තිබුණ ෆෝන් එක ඇදලා එලියට අරන් අද දවසේ පනස් වෙනි වතාවටත් එයාගේ නම්බර් එක ඩයල් කලා....මං බලන් හිටියා....බලාපොරොත්තු පිරුණු ඇස් වලින් දිව හපාගෙන බලන් හිටියා....
ඒත් මේ කෝල් එකත් කලින් සැරවල් වල වගේම විනාඩියක් විතර යනකල් රින්ග්ස් ගිහින් ඉබේටම කට් වෙලා යනකොට මගේ මූණ බෙරි වුනා....

උදේ යනවා කිව්ව වැඩේනේ අනේ....
තාමත් වැඩ ද මෙයා....? මෙයා මට නොකියන ඔච්චර හදිස්සි වැඩේ මොකක්ද දන්නේ නෑ....? ඇයි වදේ? මටත් වඩා වැදගත් රාජකාරියක් නම් හොයලා බලන්න ඕන කාරණාවක් ඒක....හුහ් ! මේ මිනිහට මං ඉස්සර ඉදන්ම කියනවා මාව පතම රාජකාරිය කරගන්නෙයි කියලා....කොහෙද ඉතින් ඒකෙක් අහනවද මං කියන එවා....?

නෑනේ නෑනේ....! මට රැවුල නෑනේ....මේ සේරම අපේ මිනිහා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් වුන නිසා තමයි....!

කැෆටේරියා එකේ රවුම් මේසයක් උඩින් ඔලුව තියන් පැය බාගයක් තිස්සේ ෆෝන් එක දිහා බලන් උන්නු මං කන්ටැක්ට් තියෙන ඇප් ඒකෙන් එලියට ඇවිත් ගැලරියට පියෑඹුවා....ම්හ්ක් ! ගැලරිය පිරෙන්නම තියන්නේ පොඩි දෙන්නාගෙයි එයාගෙයි ෆෝටෝස් විතරයි....තිබුණ කම්මැලි කමටම මං ඒ එකින් එක බලන්න පටන් ගන්න ගමන් ඔහේ තනි වුන මේසෙට වෙලා කාලේ කෑවා....!

නපුරු මිනිහා ! ර්ර්ර්....මේ මිනිහට තියෙන්නේ පුදුම ලොකු කමක්....මාව සත පහකට ගනන් ගන්නේ නෑ....කෝල් එකක් ගත්තම ආන්සර් කරන්න බෑ....! ඇයි වදේ? එක්කෝ තරහයි නම් මූණටම කියන්න ඕන....එහෙමත් නෑනේ මං යස්සයා...උඹ මට කලින් ඇයි ඕක නොකිව්වේ කියලා කෑ ගහලා බැන්නා නම් එතනින් එක ඉවරයි නේ....!

~ සමුද්‍ර සිහිනය ~Where stories live. Discover now