හැත්තෑවන දිගහැරුම ~

2.8K 492 458
                                    

" මානමාල ජෝඩුව දැන් මල්මාලා හුවමාරු කරගන්න..."

පූජකතුමා, අපි ඉස්සරහ දැවෙන ගින්දරට එක එක ජාතියේ තෙල් පුංචි ලී හැන්දකින් එකතු කර කර මොන මොනාදෝ මන්දා කිය කිය අන්තිමට අපි දෙන්නා ඉන්න පැත්ත බලලා මල්මාල මාරු කරගන්න කියද්දි මෙච්චර වෙලාම එයා මේ දැන් අතුරුදහන් වෙලා යයි කියන්න වගේ බයෙන්, එයාගේ නහර පෑදුනු ගොරෝසු අතක ඇගිලි කිටි කිටියේ අත් දෙකෙන්ම අල්ලගෙන හිටිය මං හෙමීට එයා දිහා හැරිලා බලද්දි එයා මං දිහා බලලා ආයෙමත් අපිට පිටිපස්සෙන් ඉන්න අම්මි දිහා බැලුවා...

එතකොටම වගේ අම්මිත් අර අතේ තියාගෙන හිටිය එයා ගෙනත් දුන්න රතු රෝස මල්මාලේ දාපු තැටිය මං ලගට ලං කරද්දි එහා පැත්තෙන් එයාටත් සුදු රෝස මල් වලින් හදපු ලොකුම ලොකු මල්මාලයක් තියපු තැටියක් ලං වුණා...
හැබැයි ඒ තැටිය එයාට දුන්න කෙනා දැකලා මගේ ඇස් ගැස්සුණා...

දුශේන්...?

උගුරෙන් හඬක් පිට නොවුනට මගේ තොල් වලින් ඒ නම ඉබේටම මිමිණුනා...
පුදුමෙටම මගේ කටත් බාගෙට ඇරෙන්න ඇති මයේ හිතේ....අපි දෙන්නා දිහා හරිම අහිංසක විදිහට බලාගෙන හිනාවුනු දුශේන් එයා දිහා පුදුමෙන් බලාගෙන ඉන්න මට ඇස් වලින් රතුරෝස මල් මාලේ පෙන්නද්දි මේ ලෝකේ සිහියට ආව මට, දුශේන් මීට ටික වෙලාවකට කලින් ඒ කිව්ව දේවල් ගැන අග මුල ගැටගහන්න බැරුව උන්නු මට, දැන් දැන් ඒ කිව්ව දේවල් මොනවද කියන්න කිසිම අපහැදිලිකමක් නැතුවම තේරුම් ගියා....

කොටින්ම කිව්වොත් අන්තිම වතාවට--- නෑ! ඒ ගෙවුන විනාඩි දහයටම මට සුදූ කියන්නද කියලා අහපු මනුස්සයා කලින් ඉදන්ම මේ වෙන්න යන දේවල් දැනන් ඉන්න ඇති....ඒ කොහොම වුනත් මට දැන් ඒ වචන මතක් කරනකොට දැනුනේ සතුටක්....කවදාවත් එයාට සතුටක් නොලැබෙන තැනක නතර වෙලා දුක් විදිනවට වඩා එයා මාව තේරුම් අරන් මගෙන් ඈත් වුණ එක මට සතුටක්....! කවදා හරි එයාටත් හොද කෙනෙක් හම්බෙයි....එයාගේ ආදරේට ගැලපෙන කෙනෙක් !

පුංචි හිනාවක් මූණ පුරාම පැතිරිලා යද්දි දුශේන් දිහා බැලුව මං තවත් පරක්කු නොකර හෙමීට අම්මි මට දුන්න රතු රෝස මල් මාලේ අතට ගද්දි එකම එක තප්පරේකට මගේ ඇස් වෙඩින් හෝල් එකේ තැන් තැන් වල ගල් ගැහිලා උන්නු දෙමල ප්‍රජාව දිහාවට හැරුණා....

~ සමුද්‍ර සිහිනය ~Where stories live. Discover now