පනස් එක්වන දිගහැරුම ~

3.5K 403 293
                                    

" අනේ ලොකූ...! අනේ බං ගහන්න එපා බං...මං ඊලග පාර හොදට ලකුණු ගන්නම් ! "

" පොඩි ! දුවන් නැතුව මෙහෙ වරෙන්...
එක පාරයි කියන්නේ ! "

" අනේ සිහිනයා උඹවත් අයියට කියපන්කෝ...මං ඊලග පාර ලකුණු ගන්නම් කියලා..."

අඩන්න බැරි කමට නාඬා උන්නු අභී අන්තිමට ඇවිත් මගේ අතේ එල්ලිලා මාව ඉස්සරහට දාලා මගේ පිටිපස්සේ ගල් බංකුව යට හැංගෙද්දි මෙච්චර වෙලා පැත්තකින් ඉදගෙන අයියා මලෝ දෙන්නාගේ ලකුණු ප්‍රශ්නේ විසඳන්න මුනිවතින් දායක වුනු මං ගල් බංකුවෙන් නැගිට්ටා....ඒත් එක්කම අපේ මනුස්සයා අභීගේ ක්‍රිකට් බැට් එකත් වන වන මං ලගට ආවා....දන්නවද කෙල්ලනේ කොල්ලනේ දැන් වෙලාව කීයද කියලා....? දැන් රෑ හතටත් කිට්ටුයි....

දවල් ඉස්කෝලේ ඉවර වෙලා අපි ගෙදර එනකොට දෙයියන්ගේ පිහිටෙන් සමුද්ද ගෙදර උන්නේ නෑ....ඇත්තටම ඒ ආරංචිය දැනගත්ත හැටියේ බයේ ගැහි ගැහි ගෙදරට ගොඩ වුන අභීට වගේම මට සැනසීමක් දැනුනා....අපේ මනුස්සයා පේන්න හිටියේ නැති එකම ලොකු දෙයක් කියලා හිතුනා....!

සීයා තාත්තයි ආච්චි අම්මයි සමුද්ද වැදගත් වැඩකට ගියේ කිව්ව නිසා අපි හිතුවේ සමුද්ද ගිහින් එනකොට මේ ප්‍රශ්නේ අමතක වෙලා ඇති කියලා වුනත් ආව හැටියේ අපේ මනුස්සයා ගිහින් අතට ගත්තේ සාලෙට වෙලා කාටුන් බල බල උන්නු අභීගේ බැට් එක....මට ඒ වෙලාවේ එයා ආව විදිය තාම මැවිලා පේනවා අනේ....ම්හ්ක් ! එයා උන්නේ අර උදේ ඇදුම පිටින්මයි....

සමුද්‍ර ගෙදර එනකොට වෙලාව හයටත් කිට්ටුයි....ඒ වෙලාවේ ඉදන් එකදිගටම අභී ගුටි කනවා....අර තඩාර සයිස් බැට් එකෙන් අපේ මනුස්සයා අත දිගෑරලා දෙන හයේ හතරේ පාරවල් නිසා මං නම් හිතුවෙම එකපාරින් දෙපාරින් අභීගේ කොන්ද කැඩිලා යයි කියලා....

පවු අනේ අභී....කරුමේ කියන්නේ සීයා තාත්තාවත් අද අභීව බේරගන්න ඉදිරිපත් වුනේ නෑනේ....ඒ නම් ඉතින් අපේ මිනියා ඒ වයසක මනුස්සයාටත් සැල් එක දාලා බය කරවපු නිසා තමයි....
ඇයි අනේ? ම්හ්ක් ! දැන් ඉතින් ඔය මදෑ....කොච්චරවත් මේ ලමයට තැලුවා කියලා මොකෝ ආයෙම විබාගේ ලියන්නැයි....මල කෝලං....ම්හ්ක් ! හැබෝ පුදුමේ කියන්නේ අපේ මිනියා තාම මට එක වචනයක්වත් කිව්වේ නැති එක තමයි....මං අදෘශ්‍යමාන වෙලාද මන්දා මේ ම්නියාට පේන්නේ නැත්තේ....ම්හ්ක් ! බනින්න නම් ඕන නෑ හැබෝ මං දිහා බැලුවෙවත් නැති එකනේ වැඩේ....මල සමයං අප්පා මෙයාගෙත්....ඒ පාර මොකාආආක් අල්ලගෙන බනීද දන්නේ නෑ....අපේ මනුස්සයා මට නොබැන ඕම ඉන්නවා කියන්නේ ඉතින් පෞද්ගලිකව බැනුම් ආන්න වෙනවා කියන එක තමයි....

~ සමුද්‍ර සිහිනය ~Where stories live. Discover now