තෙවන දිගහැරුම ~

4K 534 132
                                    

" අභී! දැන් උඹලාගේ ඉස්කෝලේ නිට්ටෑවන්ටත් පංතියක් දාලද?! "

එයා කාමරේ ඉදන් මට වැදෙන්න අභී ගෙන් ඇහුව ප්‍රශ්නෙට මගේ මූණ නිකංම නිකං තැලිච්ච තක්කාලි ගෙඩික් වගේ බෙරි වෙලා ගියා....පුංචි දේත් ලොකුවට හිතන මට ගොඩක් දුක හිතුනා....එයා මා එක්ක තරහින් ඉන්නේ දවල් වුනු දේ නිසා ද? නැත්තං එයා මං මෙහෙ එනවට අකමැති කියන එක කෙලින් කියන්න බැරි නිසා මට මෙහෙම සලකනවා වෙන්නත් පුළුවන් නේද? සමහරක් මිනිස්සු එහෙමනේ....ඒකත් නෙවෙයි නම් මං මොනා කලාටද අනේ ඔයා මට මෙහෙම සලකන්නේ?

" මං ගිහින් එන්නම් අභී...."

මට දුක හිතුනා! අනේ මන්දා ඇයි කියලා ඒත් මගේ හිතට ගොඩක් දුක හිතුනා....මං දන්නවා මං පොඩි දෙයක් ගැනත් ඕනවට වඩා හිතනවා කියලා....ඒක මගේ හැටි....අනික් එක ඕනවට වඩා හිතන්නත් දෙයක් නෙවෙයි ඒක...ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි කියන්නෙත් කට කහනවට නෙවෙයි නේ....හොද මිනිස්සු වගේම ඔය වගේ මිනිස්සුත් ඉන්නවා ඉතින් ඒක වැඩිය ගනන් ගන්න දෙයක් නෙවෙයි සිහින....

බොරු හිනාවක් මවාගත්තු මං මගේ හිතටම කියාගන්න ගමන් සෝපා එකෙන් නැගිටිද්දි කලබලෙන් වගේ මාත් එක්කම නැගිට්ට අභී මගේ අතින් අල්ලගත්තා....

" සිහිනයෝ....අනේ බං ඒක එච්චර ගනන් ගන්න එපා අපේ යකා ඔහොම්මම තමයි....සොරි! "

" අයියෝ අභී....ඒකට කමක් නෑ හලෝ....මං ගිහින් එන්නම් දැන් රෑ වෙලානේ! "

" පොඩ්ඩක් හිටපන් කෝ! "

එයා කරපු වැරැද්දට අභී කාමරේ හිටපු එයාටත් ඇහෙන් එක්කම මගෙන් සමාව ගද්දි මගේ මූණට පුංචි හිනාවක් ආවා...ආයෙමත් මං ගිහින් එන්නම් කියලා යන්න හැරෙද්දි අභී මට පොඩ්ඩක් ඉන්නෙයි කියලා එයාගේ කාමරේට දුවගෙන ගියා....තෞසේ ලගින් තියන්නවත් බෑ ඕයි අභීව....
නපුරු යකා! අභී ගිය දිහා බලාන උන්නු මං අර මහසෝන් දිෂ්ටිය ඉන්න කාමරේ දිහා බලලා හැටට හැටේ රවන්න ගත්තා....හැබැයි ඉතින් මට එහෙම කරන්න හම්බුනේ ටික වෙලාවයි කාමරේට ගිය අභී ආයෙමත් දුවන් ඇවිත් මගේ අතින් පුංචි කොල කෑල්ලක් ගුලි කරද්දි මට සුදු පාට කොලේ දිහායි අභි දිහායි මාරුවෙන් මාරුවට බැලුනා....

~ සමුද්‍ර සිහිනය ~Where stories live. Discover now