හැට අටවන දිගහැරුම ~

3.3K 439 312
                                    

රෝස මල් සුවඳ....පිච්ච මල් සුවඳ....
දාස්පෙතියා සුවඳ....මන්දා....බලන බලන හැමතැනම අද මං දැක්කේ මල් ජාතිම විතරයි....! හුස්මක් ගත්තොත් නහයට දැනුනෙම සාම්බ්‍රානි සුවඳ එක්ක මුහු වුන ඔය සුවඳම විතරයි....මල් වැල්, මල් වට්ටි මදි පාඩුවට ගෙදර විතරක් නෙවෙයි ගෙදරින් එලියේ තිබුණ ගල් බංකු, මේස උඩ පවා මල් පෝච්චි තියලා තිබුණා....කොටින්ම කිව්වොත් මං ඔය කිව්ව මල් ජාති වල සුවඳින් වගේම මල් වලින් අද අපේ මුළු ගෙදරම වැහිලා ගිහින් තිබුණා....!

හවස් වරුව හිමින් හිමින් ගෙවිලා යන්න පටන් ගන්නකොට තනි තට්ටුවට හැදුන අපේ පුංචි ගෙදර අස්සක් මුල්ලක් නෑරම හිටියේ ඇස් නිලංකාර වෙන තරම් සැර, පාට පාට වයි වාරණ දිලිසෙන සාරි ඇඳගත්ත දෙමළ ප්‍රජාව වෙනකොට ඒ මිනිස්සුන්ගේ කච කච කියවිල්ලෙන් දැනටමත් මගේ කන් ගොඩ වෙලා ගිහින් වගේ කියලා මට දැනුනා....!

ඒ කියලා මං මොනා කරන්නද....? එන්න එපා, මං කැමති නෑ කියලා බනින්නද....? මට පාඩුවේ ඉන්න දෙන්න කියලා එලවන්නද....? බෑ....ඔය කිසි දෙයක් හිතින් හිතුවොත් මිසක්, මට ඒ මිනිස්සුන්ගේ මූණට කියන්න බෑ....මට කරන්න පුලුවන් වුන එකම දේ වුනේ කරදරයක් වුනත් මූනිච්චාවට හිනා වෙලා ඒ මිනිස්සු එක්ක කතා බහ කරන එක....මොකද මේ සේරම අප්පච්චිලාගේ ගේ සතුට වෙනුවෙන් මං කරන ඕන රඟපෑම්....!

එකත් මට ඉවසගෙන ඉන්න තිබුණා පැයක් දෙකක් නම්....ඒත් මේ විකාරේ අද උදේ ඉදන් එහෙමයි....දුශේන් ගේ මුලු පරම්පරාවම අපේ ගෙදර අරක් ගෙන....! එහෙන් කන් කරච්චලේ ඉවරයක් නෑ....අනිද්දට වෙඩින් එක නිසා අද අපේ ගෙදරින් මුලු දෙමල ප්‍රජාවටම dinner party එකක්....!

මගේ පැත්තෙන් කියලා හිටියේ නැන්දලයි අපේ අක්කාගේ නෑදෑයෝ දෙතුන් දෙනෙක් එක්ක අපේ මාමාගේ සහෝදරයෝ ටිකක් විතරයි....ඒත් දුශේන්ට නම් හත්මුතු පරම්පරාවක්ම උන්නා....නැන්දලා දුසිමක් විතර මාමාලා දුසිමක් විතර....අක්කලා නංගිලා අයියලත් මදි නොකියන්න....මුලු ලංකාව හතර කොනේම හරිස්චන්ද්‍රන් ලා අද අපේ ගේ අස්සේ වෙනකොට මං උන්නේ දෙමළ ප්‍රජාවගේ නොතේරෙන අන්ඩර් දෙමල නිසා හොදටෝම හෙම්බත් වෙලා....!

~ සමුද්‍ර සිහිනය ~Where stories live. Discover now