මේ මම නුවරට ඇවිත් ගෙවෙන දෙවෙනි අවුරුද්ද. ඔව් මම මේ පැත්තේ කෙනෙක් නෙමෙයි. මගෙ ගම කඳාන. කඳාන ප්‍රසිද්ධ පාසලක ඉගෙන ගෙන ඒලෙවල් බයො කරලා හොඳම රිසාල්ට් එකකින් පේරාදෙණියට ඇවිත් කැම්පස් අවුට් වෙලා අඩු වයසින් ඉහළම තලයකට ආපු වෛද්‍යවරයෙක් මම. ඉතින් මගේ පලවෙනි පත්වීම රාගම මහ ඉස්පිරිතාලෙට අරගත්තෙ අපෙ අප්පච්චි ඒකෙ ඩිරෙක්ට නිසා. අඩු වයසින් කිව්ව නිසා දැන් බලනවා ඇති නේද මට වයස කීයස කියලා. මට දැන් විසි හයක්. මම අවරුද්දකට කිට්ටු වෙන්න රාගම රෝහලේ වැඩ කරලා ඊලඟට නුවරට පත්වීමක් හදා ගත්තෙ මම නුවරට ඒ තරම්ම ආසා නිසා. නුවර අහස යට ඉන්න මම මොන තරම් ආසද කියනවා නම් මම නිතරම වගෙ ඉස්සර නුවර මාළිගාවට එහෙම ගියා. මොන වැඩෙ තිබ්බත ඒක නම් මම මගෑරියෙ නෑ. මොකද මම එතරම්ම නුවරට ආදරෙයි. නුවරට පය තියනකොටම එන ඒ අමුතු හැඟීමට ඇත්තටම කියන්න වචන නෑ. මම ඒ හැඟීමට ආසයි. නෑ මම ඒකට ආදරෙයි. ඒ නුවර හැඟීම ඇත්තටම මගේ හැම ප්‍රශ්නයක්ම නැති කරනවා වගෙ. ඒක ටිකක් අමුතුයි වගෙ හිතෙනවා ඇති ඔයාලට. ඒත් මගෙ කාර්යබහුල ජීවිතෙත් එක්ක මගෙ ඔළුවෙ තියෙන බර නිදහස් වෙන තැනක් තමයි මහනුවර දළදා මාළිගාව. කව්රුහරි ඇහුවොත් ඔයා ඇයි මේ රටට මෙච්චර ආදරෙ කියලා මම කියන්නේ ඒ නුවර නිසා කියලා. ඇත්තටම ඔව් මම නුවරට පුදූම විදියට ආදරෙයි,මගේ උපන් ගමටත් වඩා. ඉතින් මේ නුවර අහස යට තියෙන විස්තර මෙහෙමයි කියලා කියන්න බැරි තරම්. ඒ තරම්ම ලස්සනයි. සමහර කතා ගොඩක් දිගයි. ඒ වගේම සමහර කතා විස්තර කරගන්න බැරි තරම්.
වැහි දවසක නුවර අහස යට ඉඳගෙන උනු උනු කොපි කෝප්පයක් තොල ගාන ගමන් එකේක දේවල් හිත හිත ඉන්න එක මගෙ පුරුද්දක්. ඇත්තටම මේ රටාවකට වැටෙන වැහී බින්දු දිහා බලන් ඉද්දි මාව වෙනම ලෝකෙකට අරන් යනවා. මොන තරම් ලස්සනද ඒක දිහා බලන් ඉද්දි. දෙවියන්වහන්සේ මොන තරම් ලස්සනට මේ දේවල් මවලද කියලා මට හිතෙනවා. මේ වෙලාවට මට ගොඩක්ම මගෙ ජීවිතය ගැන මගෙ හිතේ තියෙන බලාපොරොත්තු ගැන මතක් වෙනවා. ඒ වගේම මම විඳපු දුක් කරදර වගේම සතුටු දේවල් පවා මතක් වෙනවා මේ වගේ වෙලාවට. මට හිතෙන්නේ මේ වගේ වැහිබර කාලගුණය කියන්නෙම ලස්සන මනො පාරකට හොඳ වෙලාවක් කියලා. මොකද මේ වැහි බින්දු තාලෙට පොළොව සිප ගන්න ගමන් අපෙ පරණ මතක අවුස්සනවා. ඒ පරණ මතක අස්සේ ගිලුනම ආයෙ ගොඩ එන්න හිතෙන්නෙම නැති තරම්.
YOU ARE READING
බාබන්ඩේසි
Fanfiction"හැමදාම මගෙ මේසෙ උඩ බාබන්ඩේසියා පොකුරක් තියලා ගියපු හොරාව දැන් මම දන්නවා" "ආ...ඒ කව්ද?" "මම බාබන්ඩේසියා වලට ආසයි කියලා දන්න කෙනෙක් ද කොහෙ" "පිස්සු! මම දන්නෑ " "කව්ද කිව්වේ ඔයා දන්නවා කියලා " "ආ...මේ....මේ ඒකනෙ " "මෝඩයො ඇයි ඉතින් ඕක කියන්නැත්තෙ " "ම...