බාබන්ඩේසි - විසිවන දිගහැරුම

18 7 14
                                    

එදා සඳුදා දවසක් නිම්න උදේම නැගිටලා කන්න මොනවා හරි අටවගෙන මේ තදියමේ ලෑස්ති වන්නේ කොළඹ යන්න. එයාට අද මෙඩිකල් කෑම්ප් එකකට ආරාධනා ලැබිලා. ඉතින් එයා ඒකට යන්න අවශ්‍ය දේවල් සූදානම් කරන ගමන් ලෑස්ති වෙන්නේ ඒ ගමනට.

ඊයෙ එද්දි ගොඩක් රෑ උන නිසා එයාට ඇඳුම්වත් ලෑස්ති කරගන්න පුළුවන් උනෙ නෑ. ගෙදර ආපු ගමන්ම කාලා ඇඳට පැන්නා මිසක අද ගමනට ලෑස්ති වෙන්න එයාට සිහියක් තිබ්බ එකක් යෑ? ඉතින් ඒවත් ලෑස්ති කරන්නේ දැන්. මතක් වෙන මතක් වෙන දේවල් සැරින් සැරේ සූට්කේස් එකට එබුව නිම්න අනිත් මහතැන්ල දෙන්නව ඇහැරන්න ගියා. ඒකනෙ තියෙන ලොකුම රාජකාරිය ඉතින්.

නිම්න කොළඹ ගිහින් එහෙම්මම අම්මලවත් බලලා එන්න කියලා හිතාගත්තෙ ගොඩ කාලෙකින් එහෙ නොගිය නිසා. ඒ නිසාම එයා එක්ක හංසත් යනවා ගමනට. හංස උසස්පෙළට ගණිත අංශයෙන් ඉදිරිපත් උනාට එයාටත් ඔය පොඩි පොඩි බෙහෙත් එහෙම දෙන්න බැරි කමක් නෑ. එයත් උදව් වෙන්න කියලා අද ගමනට එන්නම් කිව්වට, එයාගෙ උදව් නිසා අන්තිමට නිම්නට හිරෙ යන වැඩ සෙට් වෙයිද කියන්න දන්නේ හංස ම තමා.

හොඳම දේ මෙච්චර කල් නිම්න ගෙ ගෙදරට ම ඇලිලා හිටිය අවාර්ටත් අද ගෙදර යන්න වෙනවා. මොකද මෙච්චර කල් රටේ නැති ලෙඩ කිය කිය කට්ටි පැන්නට දැන් නම් අවාර්ට එයාගෙ අම්මගෙන් කට්ටි පනින්න අවස්ථාව නෑ. සමහර දාට අවාර්ට කියන්න බොරු නැති තැන එයා දත් කැක්කුම් ගැන පවා කියලා නිම්නගෙ ගෙදර ඉන්න උපරිම උත්සාහය ගත්තා. ඒත් ඒ හැම උත්සාහයකම අවසන් ප්‍රතිඵලය විදියට අද එයාගෙ ගෙදර අයම ඇවිත් අවාර්ව එක්කන් යන්න හදන්නේ.

"අය්යේ....නැගිටින්න අයියෙ. ඔයාලගෙ අම්මලා දැන් ටිකකින් එයි."

"ම්ම්...අනේ සුදු තව චුට්ටක් නිදියන්න දෙන්නකො...."

"ඔය චුට්ට ඔයාගෙ ගෙදර ගිහින් නිදියන්න අයියේ මමත් දැන් යන්න එපැයි"

"ම්..මොකක්?? අපෙ? අපෙ ගෙදර?"

"ඇයි මතක නැද්ද ඔයාට අද ඔයාලගෙ අම්මලා එනවා ඔයාව එක්ක යන්න"

"අනේ...මට බෑ අප්පා එහෙ යන්න. ගිහින් අර කට වටේ ලේ උලාගත්තු මෝහිනීව බඳින්න වෙයි"

You've reached the end of published parts.

⏰ Last updated: 2 hours ago ⏰

Add this story to your Library to get notified about new parts!

බාබන්ඩේසි Where stories live. Discover now