04

1.2K 222 137
                                    

ධමීර එක්ක එකට වාඩි වෙලා උදේ කෑම ගත්තට පස්සේ ස්වේන් ආපහු උඩට ගිහින් වොශ් එකක් දාගත්තා , ඊටපස්සේ ධමීර කියපු විදිහටම 'ගැලපෙන ඇදුමක්' හොයන්න මුලු අල්මාරියම පෙරලලා පන්සල් යන්න අදින්න හරියන සුදු ෂර්ට් එකකුත් හොයාගත්තා . ඒකේ ඉස්සරහා එක පැත්තකට Puma ලෝගෝ එක වගේම අනික් පැත්තේ 'Redbull Racing' කියන නම ප්‍රින්ට් කරලා තියෙද්දි තමන් ගාව තියෙන්නෙම මේ වගේ ෂර්ට්ස් නේද කියලා කල්පනා කරපු ස්වේන් ඒක ඇද උඩින් තිබ්බා , ඒ ටී එක ෆෑන්ස්ලගේ කලෙක්ශන් එකේ එකක් නිසා ස්වේන් වැඩිපුර ඒක ගැන හිතන්න ගියේ නෑ

අනික , වයිට් ටී එක අදින්න කලින් කාර්ගෝ පෑන්ට් එකක් විතරක් ඇදපු ස්වේන් ඊලගට එයාගේ ස්කින් කෙයාර් රූටින් එකම ෆලෝව් කලා , ඊටපස්සේ එයා කලින් තෝරගත්ත ටී එක ඇදපු ස්වේන් එයාගේ Richard Mille RM 011 වොච් එකත් අතට දාගෙන මිරර් එකෙන් පේන තමන්ගේ රූපේ දිහා තත්පර ගානක් බලන් හිටියා . මිරර් එක දිහා බලාගෙනම ඩිම්පල්ස් දෙක පේන විදිහට හිනාවක් දාපු ස්වේන් ඊලගට කලේ අවුල් වෙලා තියෙන කොන්ඩේ පොඩ්ඩක් අතින් හදාගත්ත එක

ඒකෙන් පස්සේ පැත්තකට විසි කරලා තිබුණ එයාගේ සපත්තුවක් අතට ගත්ත එයා ඒකේ අනික් සපත්තුව කොහෙටද දැම්මේ කියලා මතක් කරන්න ගත්තා . කලින් දවසේ රෑ ඒකත් ඇදුම් එක්කම අල්මාරියට එබුවා නේද කියලා පස්සේ ස්වේන්ට මතක් වෙද්දි ටක් ගාලා සපත්තුව හොයාගත්ත එයා එක සපත්තුවක් විතරක් කකුලට දාගද්දිම වගේ ස්වේන්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවා , ඒ වෙලාවේ තමන්ට කතා කරන්නේ කවුද කියලා එයාට කුතුහලයක් ආපු නිසාම තනි කකුලෙන් පැන පැන ගිය ස්වේන් ෆෝන් එක අතට ගත්තා

හැබැයි , ස්ක්‍රීන් එකේ වැටිලා තිබුණ කන්ටෑක්ට් නේම් එක දැකපු ගමන්ම ස්වේන්ට කේන්ති ගියා . ඒ කේන්තිය නිසාම මූනත් රතු කරන් හිටපු එයා ෆෝන් එක ආපහු ඇද උඩටම විසි කරලා අනික් සපත්තුවත් දාගෙන කෙලින්ම කාමරෙන් එළියට ගියා . එයාට ආයෙමත් ෆෝන් එක දිහා හැරිලවත් බලන්න කිසිම ඕනකමක් නොවෙද්දි ස්වේන් කොන්ඩෙත් අතින් හදන ගමන්ම පඩිපෙළ දිගේ පහළට බහින්න ගත්තා , ඒ විදිහට පහළට ආපු ස්වේන්ව දැක්කාම ධමීරගේ වගේම ශාරධා මැණිකේත් එයා දිහා මාරම පුදුමෙන් වගේ බලන් හිටියා

SR || Ongoing Where stories live. Discover now