එදා රෑ එක එක දේවල් වලට ආ'ගියු කරගන්න ගමන්ම ආපහු වලව්වට ආවත් හරි ස්වේනුයි ධමීරයි දෙන්නම මුලින්ම කළේ බඩ පිරෙන්නම කාලා බීලා හිටපු එක . ඊටපස්සේ , ගුඩ්නයිට් කියන එක ඇරෙන්න වෙන එක වචනයක්වත් කතා නොකරපු ඒ ඩබලම රූම්ස් වලට ගිහින් වොශ් එකක් දාගෙන හොදට නිදාගත්තා . මොකද , එදා දවස හරිම වෙහෙසකර එකක් විදිහට තමයි ඒ දෙන්නම ගත කරලා තිබුණේ
ස්වේන් ගැන ගත්තොත් එයා නම් එහෙට මෙහෙට දුව දුව ස්පෝර්ට්ස් මීට් එකේ වැඩ වලින් ගොඩක් දේවල් කරන්න උදවු කරලා තිබුණා . ඉතින් , එයාට මහන්සි දැනෙන එක හරිම සාධාරණ දෙයක්
හැබැයි , ධමීරට නම් ෆේස් කරන්න වෙලා තිබුණේ මානසික වෙහෙසකට වෙද්දි එයා ටිකක් රෑ වෙනකන්ම ඇදේ පෙරලි පෙරලි එක දෙයක් ගැන ඔහේ කල්පනා කර කර හිටියා . මේ වෙලාවේ ධමීරට තිබුණ එකම ප්රශ්නේ වෙලා තිබුණේ හෙට රෑට ස්වේන් කෞශානුයි එයාගේ යාළුවෝ සෙට් එකයි එක්ක යන ගමන වෙද්දි ධමීරට ඒ සම්බන්ධයෙන් කල්පනා කරන්න දේවල් ගොඩක් තිබුණා
කොහොමත් කෞශාන් කියන්නේ එහෙම නරක ළමයෙක් නෙවෙයි කියන එක ධමීර හොදටම දැනන් හිටියා . අනික කෞශාන්ට තිබුණේ ස්වේන් F1 ඩ්රයිවර් කෙනෙක් වෙච්ච එකේ පිස්සුව නිසා එයාට දේවත්වයෙන් සලකනවා වගේ සීන් එකක් මිසක් වෙන මුකුත් නෙවෙයි කියන එකත් ධමීරට බොහොම හොදටම පේන්න තිබුණා . ඉතින් එහෙම එකේ කෞශාන් එක්ක ස්වේන් ඩිනර් වලට යනවා කියන එකේ ප්රශ්නයක් ධමීරට පේන්න තිබුණේ නෑ
ඒත් , ඒ ගැන මතක් වෙන හැම මොහොතකම කෞශාන් වෙනුවට තමන්ට ස්වේන් එක්ක ඩිනර් එකට යන්න තිබුණා කියන එක ධමීරට රිපීටඩ්ලි කල්පනා වෙන්න ගත්තා . ඒ සම්බන්ධයෙන් කෞශාන්ගේ අතේ කිසිම වැරැද්දක් නොතිබුණත් ඒ වෙලාවේ ධමීර කෞශාන් ගැනත් කේන්ති අරන් තමයි හිටියේ
ඔය විදිහට ධමීර ඒ දේවල් ගැනම කල්පනා කර කර ඉද්දි කෙනුල් කියන විදිහට ස්වේන් දැන් කෞශාන්ව ගොඩක් ළගින් ආශ්රය කරන නිසා තමන්ට ඇත්තටම ඒ ගැන ඊරිසියා හිතිලද කියන ප්රශ්නෙත් ධමීරට ආවා . ඒ වුණාට තාම තමන්ටවත් තේරුම් ගන්න බැරි වුණ හැගීම් ගැන කෙනුල් දන්න ප#ක් නෑ කියලා හිතපු ධමීර ඉක්මනටම ඒ දේවල් අමතක කරලා දාලා නිදාගන්න ට්රයි එකක් දුන්නා
YOU ARE READING
SR || Ongoing
Non-FictionThe Weekend said , '𝐖𝐞 𝐝𝐨𝐧'𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐥𝐨𝐯𝐞 , 𝐰𝐞 𝐣𝐮𝐬𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐜𝐚𝐫𝐬' . Huh ! Someone got both ᡣ𐭩 Start : 07/06/2024 End :