28

1.6K 237 194
                                    

" ඇයි ආපහු යන්න ඕනේ වගේද ? "

" ඔව් "

ධමීර හරීම සන්සුන් විදිහට ස්වේන්ගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවා වගේම ස්වේනුත් වැඩිපුර වෙලා ගන්නැතුව 'ඔව්' කියලා තනි වචනෙන්ම ඒකට උත්තර දීලා දැම්මා . ඒ මොකද කියලා කිව්වොත් , ස්වේන්ට කොහොමත් ධමීරට බොරු කරන්න ඕනේ වුණේ නෑ

ස්වේන් ලංකාවට ආවේ මාස හයකට , ඒ මාස හය ගෙවුණට පස්සේ තමන් ලංකාවට ආපු වැඩේ කරගත්තත් නැතත් ආපහු යනවා කියන තැන තමයි එයා හිටියේ . අනික ස්වේන්ගේ සම්පූර්ණ කැරියර් එකම තිබුණේ ලංකාවෙන් එහා වෙද්දි ධමීරගේ හිත හදන්න හරි 'මට ආපහු යන්න ඕන්නෑ' වගේ දෙයක් ස්වේන් කියන්න ගියේ නෑ

මොකද , ස්වේන්ට ඇත්තටම ආපහු යන්න ලොකුවටම ඕනකමක් තිබුණා !

ටික කාලෙකට හරි තමන්ට circuit එකෙන් අයින් වෙලා වෙන දේකට කාලේ වැය කරන්න , අලුත් දේවල් ට්‍රයි කරන්න පුළුවන් වෙයි කියලයි ස්වේන් මුලින්ම හිතන් හිටියේ . ඒත් , සීසන් එක පටන් ගත්තත් එක්කම ඒ අදහස ස්වේන්ගේ ඔලුවෙන් ඉබේම අයින් වෙලා ගිහින් එයාට F1 සම්බන්ධ හැමදෙයක්ම වගේ පුදුම තරම් මිස් වෙන්ම ගත්තා

කොහොම හරි ස්වේන්ගේ ඒ උත්තරෙත් එක්කම ධමීරගේ මූන ලාවට ඇඹුල් වෙලා ගියා කිව්වොත් හරියටම හරි . හැබැයි ධමීර ඒ වෙලාවේ ඒකට මුකුත්ම කියන්න ගියේ නෑ . මොකද ස්වේන්ට ආපහු F1 circuit එකට යන්න කොච්චර ලොකු උවමනාවක් තියෙනවද කියන එක ධමීර ඒ වෙද්දිත් හොදටම දැනගෙනයි හිටියේ

ඒ නිසාම ධමීරත් මුකුත් නොකියම ලොකු කල්පනාවකට වැටෙද්දි එයාට එකපාරටම ඇහුණේ ස්වේන් 'ඒත් දැන්ම මම යන්නෑ!' කියපු විදිහ . ඒත් එක්කම ස්වේන් කලින් වගේම එයාගේ ඔලුව ධමීරගේ උරහිස්සෙන් තියාගත්තත් හරි ධමීර දිගම දිග හුස්මක් පාතට දැම්මා

" දැන්ම නොගියට තමුසෙට කවදහරි යන්න වෙනවනේ "

" ඒක ඒ කාලෙට බලමු "

ඇත්තටම ස්වේන් කිව්වත් වගේ එයා දැන්ම ලංකාවෙන් යන්නෑ . ඉතින් , එයා යන එක ගැන හිතලා දුක් වෙනවට වඩා ඉන්න ටික කාලේ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් කියලා කල්පනා කරපු ධමීරට හිතුණෙම එයා දැන් ඉන්නේ අවුල් ගොඩක පැටලිලා කියන එක විතරයි

SR || Ongoing Where stories live. Discover now