මගෙ නින්ද සම්පූර්ණෙන්ම අතුරුදහන් වෙලා තිබ්බා. මං හිතන්න මට මෙහෙම ගියොත් පිස්සු හැදෙනව. ශීට් එකට ඔලුව හේත්තු කරගත්තපාර අසුරන් තාම නැගිට්ටෙ නැති වෙද්දි එයාගෙ එහ හෙළවීමක්වත් නැති තැන මට හිතුන එයා මැරිලද කියලත්. මං හිමීට සීට් එකෙන් එහෙ මෙහෙ වෙලා එයාගෙ මූණට පාත් උනා..
අහ් පන තියනවා. මං නැගිටල ඉඳගන්න ගියා විතරයි එකපාරටම එයා ඇස් ඇරියා. මං එයාගෙ මූණ ඉස්සරහ මූණට එබිලා හිටියෙ. එයාගෙ ඇස් මගෙ මූණ පුරා යද්දි මං අහක බලාගෙන සීට් එකෙන් ඉඳගත්තා
"යෙන්න?"
"ඔන්නුම් ඉල්ලෙයි. මට කියනවද අඩුම මාව කොහෙටද එක්කන් යන්නෙ කියලවත්?"
මං ඇහුවා. අනුමාන වැඩක් නෑනෙ අහල දැනගන්නෙපැයි මට කැමතිනං යනව නැත්තං මහපාර මැද ඉඳගෙන කෑගහල අඬනව. කොහොමත් එයාපෝට් එකෙන් වෙන්න ඇතිනෙ බස්සන්නෙ. හිටපන්කො මං කෑගහල අඬනව මගෙ අප්පාව මරල වනචර වැඩ කරන්න මාව එක්කන් ආවා කියල.
"ලංකාවට"
එච්චරයි එතනින් එහාට එයාගෙ කටින් වචනයක් පිට වුනේ නෑ.. හිතනවද මගෙ හිතේ මේ මනුස්සයට තියන තරහා නිවෙයි කියල.. නෑ කොහෙත්ම නෑ...
"තමුසෙ මහ මිනීමරුවෙක් අසුරන්. මගෙ අප්පා මැරුවා වගේ මාවත් මරනවා. වෙන මුකුත් ඕන නෑ ඕයි මගෙ අහිංසක අප්පව මරාගත්තා වගේ උඹ මාවත් මරපන්. කාලකණ්ණිකම. අනේ අම්මපා හෙනයක්වත් ගහන්නෑනෙ මූට. ඇත්තමයි මාර යකෙක් කොහොමද ඔහොම ඉන්නෙ ආ? කියනවා තමුසෙ ලැජ්ජ නැතුව කොහොමද මාව එක්කන් ලංකාවට යන්නෙවත් ආ?"
මං කෑගැහුවා. එයා මං දිහා බලන් හිටියා. තවත් තරහ යනව ඇත්තටම මේ මිනිහා මොකෙද්ද?මං ආය කට අරින්න හදනකොටම එයා එයාගෙ සීට් බෙල්ට් එක ගැලෙව්වා.. ගලවල මගෙ තොල් උඩින් ඇගිල්ලක් තිබ්බා
"තමුස්-බ්බ් හ්හ්ක්"
"ශ්... ශ්... රුද්‍ර කියන්න"
එච්චරයි ඒ මනුස්සයා එහෙම්ම නැගිටලා යන්න ගියා. ඇයි ඉතින් ගියෙ. පව් හැබැයි. මොන පව්ද මගෙ අප්පා මැරුවෙ ඒ මිනිහා. මම හරිබරි ගැහිලා සීට් එකේ හාන්සි උනා. එකපාට්ටම මට දැනුනෙ සීතල ඇඟිලි වල පහසක් වෙද්දි මං ඉක්මනට ඇස් ඇරියා මට දැනුනා මගෙ තොල් උඩින් ආයම එයාගෙ ඇඟිල්ල ඇදිලා ගියා.. කවුරුත් නෑ මායවක්ද හොල්මනක්ද . දෙයියනේ ඒ අස්සෙන් මට හොල්මනුත් පේනවා. අත ඇදුම්කද්දි මං සීට් එකට ඔලුව තියාගත්තා...
YOU ARE READING
Asuran 💉
Fanficමට අමතක උනාත් , පුළුවන් නම් ඊගාව ආත්මෙ මාව මතක තියාගන්න. එහෙම කරනවා නේද ? ....🤍..... මම ඔයා එනකල් බලන් ඉන්නවා.. පරිස්සමෙන් ඉන්න.. මගෙ ආදරණීය රවුඩියෝ.. -මම ඔයාගෙ රුහාන්...🤍... End - 2024/10/25🥺❤️ Don't copy my story ©️all ri...