"අනේ ඇයි රුද් ඔයා මං එපා කියද්දි ගියෙ.. මට පොරොන්දු වෙන්න ආය එහෙම යන්නෙ නෑ කියලා.."
ලෙඩ ඇඳේ ඉඳපු රුද්ගෙ අතක් මගෙ අත් අතරට මැදි කරන්ම මම ඇහුවෙ ලෙඩ ඇඳේම මට පොරොන්දුව ගන්න.. මගෙ සද්දෙටද කොහෙද අණ්ණලා දෙන්නත් දුවන් එද්දි මම එහාට නොවී ඒත් රුද්රවම අල්ලන් හිටියා.. මං දන්නව දැන් රුද්ට මට තුරුල් වෙන්න ඕන ඇති. රුද්ගෙ ඇස් මෙච්චර හරියක් වෙලා තියෙද්දිත් මං දිහා බලන් ඉද්දි මට තේරුනා ආදරේ කියන්නෙ කොච්චර අමාරුකම් තිබුනත් තමන් ආදරේ කරන කෙනාගෙ එක ස්පර්ශෙකින්, බැල්මකින් මුළු හිතම සුවපත් කරන්න පුළුවන් එකට කියලා...
"මං උඹට කිව්ව තනියම යන්න ඕන්නෑ කියල"
රාජ් කෑගහද්දි කාමරේ දොරට දාල තිබුන කර්ට්න් එකක් හෙළවුනා.. හුලඟක්වත් ආවද?.. නෑනෙ.. මට දැනුනෙවත් නෑ..
"එයාට කෑගහන්න එපා රාජ් අණ්ණා.."
හොඳ හුස්මක් ගත්ත ආදි අණ්ණා ඇවිත් රුද්ගෙ මූණට අත තිබ්බ..
"අපි බය උනා.."
"ක්-කාමරේට යන්න.."
ටිකක් වෙලා ඉඳපු අණ්ණලා ආපහු කාමරේට යද්දි රුද් මටත් කිව්වා.
"ඔයාව දාල මම කාමරේට යන්නෙ නෑ. මේක හරි මගුලක්නෙ. මම නං යන්නෑ. නා පෝග මාට්ටේන්.. "
එයාගෙ තොල් අතරෙ ඇඳුනෙ හීනි හිනාවක්.. එයා අමාරුවෙන්. පව් දෙයියනේ..
"පොරොන්දුවෙනවද මාව දාල යන්නෑ කියල?"
''ම්ම්.."
අයිය ඔළුව වනද්දි මං ඒ අත්ලට හාද්දක් දීලා නින්ද යනකල් හිමීට ඒ කෙස් අස්සෙන් ඇඟිලිතුඩු ගෙනිච්චා.. දියර ජාති තමා දෙන්න කිව්වෙ.. හෙට අණ්ණලා දෙන්න ගිහින් හදන්න මොනව හරි ගෙනාවොත් හොඳයි.. අම්මා මට සමහර කෑම හදන්න කියල දුන්නා නැත්තන් මට හරියට බිත්තරයක්වත් බැදගන්න බෑ. දෙන දේ ගිලින්නනං පුලුවන්..
.
.
.
.
🍂දවස් කීපයක් ගෙවිල ගියෙ රුද්ගෙ තුවාලත් ටික ටික සනීප වෙද්දි.. මට තේරෙන්නෑ මේ ජීවිතේට මෙච්චර දුක් විඳින්න ගිය ආත්මෙ කොච්චර පව් කරලද කියල. මොන දේ උනත් මං ප්රාර්තනා කරන්නෙ හැමදාම අපිට එකටම ඉන්න ලැබෙන්න කියල..
YOU ARE READING
Asuran 💉
Fanfictionමට අමතක උනාත් , පුළුවන් නම් ඊගාව ආත්මෙ මාව මතක තියාගන්න. එහෙම කරනවා නේද ? ....🤍..... මම ඔයා එනකල් බලන් ඉන්නවා.. පරිස්සමෙන් ඉන්න.. මගෙ ආදරණීය රවුඩියෝ.. -මම ඔයාගෙ රුහාන්...🤍... End - 2024/10/25🥺❤️ Don't copy my story ©️all ri...