"රුද්..."
"ම්ම්.."
"දන්නවද මගෙ ජීවිතේ තියෙන්නෙ ඔයා ළඟ. මේ ගෙවෙන හැම විනාඩියකටම. මං ජීවත් වෙන හැම තප්පරයකටම එක නපුරු ඇස් දෙකක් තියෙන , මාව දැකපු පළවෙනි දවසෙ මට බොරුවට තර්ජනේ කරප් මගෙ නපුරු අහංකාර මට වඩා දෙගුණයක්ම ලොකු ආදරණීම මනුස්සයාට මං ණයයි"
ඈතට එල්ල වෙලා තිබුන ඒ අහංකාර ඇස් මං ළඟ නැවතුනා. කියවගන්න බැරි හැඟීම්.. ඔව් ඉස්සර කියවගන්න බැරි හැඟීම් වෙන්න ඇති. ඒ උනත් මට එයාගෙ ඇස් කතා තේරුම් ගන්න පුළුවන්. මට එයාගෙ ඇස් කතා තේරෙනවා. වෙලාවකට නපුරු වෙන වෙලාවකට අසාමාන්‍ය විදියට සන්සුන් වෙන එයාගෙ ඇස් කලබලේකින් මගෙ මූණ පුරා දිව්වා.. මං දන්නව එයා දැන් අහයි ණය පියවන්නද ආදරේ කරන්නෙ කියල..
"රූහා.. ණය පියවන්න නම් ආදරෙයි කිව්වෙ ඒක ආපස්සට ගන්න. මොකද ආදරේ හදවතින් දැනිලා කියන්න ඕන දෙයක්. නැතුව මගෙ රූහා ණය පියවන්න වගේ නම්. වේන්ඩා..හදවතින්ම කාදල් කරමු. යෙන්න් ඒළු වර්ශම්. මං බලන් හිටියා. ම්ම්"
" ඉල්ලේ රුද්. නා උනක්කු නෙජමාවේ කාදලික්කිරේන්. රොම්බ රොම්බ කාදල් ඩා. ඔය බලන් හිටියා වගේම ඊළඟ හැම ආත්මෙකම මං වෙනුවෙන් බලන් ඉන්න රුද්. මට වෙන කෙනෙක්ට ඔයාව දැන් ලැබෙන එකවත් හිතන්න බෑ."
"යෙන්න. මගෙ කුට්ටිට ඊරිසියද?"
" මං දන්නෑ රුද්. ඊරිසියාවකට එහා ගිය මගේ කියන හැඟීමක් ඒක. පෙයර් ඉල්ලෙ.."
මං ඒ පපුවට තුරුල් වෙද්දි රුද් මාව තදින් තුරුල් කරගත්තා..
අපි දෙන්නගෙ කතාව... මගෙ රුද් ගෙයි එයාගේ රූහා ගෙයි...කතාව කොහොම ඉවරවෙයිද? සතුටක්..ඔව් අනිවාරෙන්ම සතුටක් වෙයි. අවුරුදු හතක් විඳෙව්වා එයා. අනේ දෙවියනේ මගෙ රුද් මගෙන් ඈත් කරන්න එපා. ඒ පිරිමි පපුවෙ ඕනාවට වඩා උණුහුම දැනෙනකොට මං තව තවත් එයා අස්සට තුරුල් උනා.
"අහ්ම්...රුද්‍ර..."
කෑව කෑව නළඟන අපි දෙන්නගෙ මූඩ් එක කද්දි මං අපි දිහා බලන් පිටිපස්සෙන් හිටගෙන ඉන්න මනීශා... දිහා බැලුවා. රුද් ටත් වඩා වැඩිමල් නාකිච්චි බැඳපන්කො මගෙ මිනිහගෙ කරේ නගින්නෙ. ඒ ඇස් ඉරිසියාවෙන් පිරිල තියෙද්දි මං රුද්ගෙ මූණ ඇදල අරන් තොල් උඩින් ලාවට හාදුවක් තිබ්බා. ඒ ඇස් උඩ යද්දි රුද් මාව එක අතකින් තුරුල් කරගත්ත.
YOU ARE READING
Asuran 💉
Fiksi Penggemarමට අමතක උනාත් , පුළුවන් නම් ඊගාව ආත්මෙ මාව මතක තියාගන්න. එහෙම කරනවා නේද ? ....🤍..... මම ඔයා එනකල් බලන් ඉන්නවා.. පරිස්සමෙන් ඉන්න.. මගෙ ආදරණීය රවුඩියෝ.. -මම ඔයාගෙ රුහාන්...🤍... End - 2024/10/25🥺❤️ Don't copy my story ©️all ri...