Tea Pov 🐯
මගේ කුකී ලන්ඩන් ගිහින් අදට අවුරුදු දෙකක් වෙනවා. මටවත් විශ්වාස නැ මං තාම ජිවත් වෙනවා කියන එක
ඔයාව මතක් නොවුනු විනාඩියක් නැ ...හැම තප්පරේම ජන්ග්කුකී කියන නම විතරයි මට මතක් උනේ. මගේ පන ...ඔයාව මේ හදවතින් පිටමන් කරන්න බැ ...අපේ අත් අතහැරෙන්න ඇති ඒත් හදවතින් මං ඔයාව හරි තදට අල්ලන් ඉන්නවා කුකී...කවදාවත් පිටමන් වෙන්න බැරි විදියට ...හැමදාමත්.මට කම්පනි එක දීලා අවුරුදක් වෙනවා...එයාලට දැන් රෙස්ට් එකේ ඉන්න ඔනිලු මං මෙවා භාරගන්න කාලේ හරිලු ....අනේ මන්දා ඔම්මයි අප්පයි තමයි කියන්නේ 😄
හොදම දේ තමයි හියුන්ට ආදරේ කරන්න කෙනෙක් හම්බුනා ....හ්ම් ... නාම් ජුන් හියුන් . එයා නම් ඩොක්ටර් කෙනෙක්...ගිය අවුරුද්දේ ඒ දෙන්නා මැරි කලා. හියුන් වගේම තමයි මට හරි ආදරෙයි ඉතින් ...එයාගේ එකම වැරැද්ද අහු වෙන දේ කඩන එක කැඩුම් බිදුම් කියලා තමයි අපේ හියුන් කියන්නේ පව් හනෙව් ....හියුන්ට පන වගේ ආදරෙයි අහ් මගේ හියුනුත් ඉතින් ඒම තමයි ජුන් හියුන් තමයි එයාගේ පන වෙලා තියෙන්නෙ දැන් මගේ පනට දැන් මාව අමතක උනාට.👧" ටේ බබා ....කෝ ඔයා ...ආ මේ ඉන්නේ මගේ ටේ බබා ඉක්මනට එන්නකෝ ඔයාගේ බ්‍රෙක්ෆස්ට් රෙඩි බබෝ"
කැම්පසුත් අවුට් වෙච්ච කම්පනි එකක සීඊඕ කෙනෙක් උන මාව අපේ ඔම්මට තාම බබා
මට ඉතින් එක වෙලාවකට ඒකට හිනා ඒත් ජන්ග්කුකීගේ ඔම්මා අප්පා මතක් උනාම මගේ ඔම්මා අප්පා රත්තරන්
දැන් ඉතින් එයා එහෙනෙ එයාගේ ඔම්මා ඉන්නවා අප්පා ඉන්නවා ඉතින් තව මොනාද
ආ වෙලාවත් හරි තව මොනාහරි හිත හිතා හිටියොත් අද යන්න වෙන්නැ👧" ටේ බබා එන්න අද ඔයා ආසම දෙයක් තියෙන්නෙ"
🐯" ගුඩ් මෝනින් හියුන්ලා "
👧" ටේ බබා ඉස්සෙල්ලාම මිල්කි එක බීලා ඉන්නකො "
දැන් බලනවා නේද හියුන්ලට ගුඩ් මෝනින් කියලා ඔම්මටයි අප්පටයි කිව්වේ නැත්තේ ඇයි කියලා...එයාලට ගුඩ් මෝනින් කියන්නැ කිෂ් එකක් තමයි දෙන්නෙ...ටිකක් අමුතුයි නේද ...කෝහොමහරි දන්න කාලේ ඉදන් මෙහෙම තමයි ....මායි හියුනුයි දෙන්නම.
👧" මොනාද ටේ බබා අත ගගා ඉන්නේ ඔයා කන්නැනෙ "
ඔම්මට කොහොමද කියන්නේ මං තාම කැවේ නැ කිෂ් එකක් ගැන හිතුවා කියලා...
🐯" නැ ඔම්මා මුකුත් නැ මං මේ කනවා "
අපේ ඔම්මගේ කෑම නම් රසම රසයි. ඒ අත් ගුණේම තමයි අපේ හියුන්ටත් තියෙන්නෙ. හැබැයි එයාගේ සෝස් පෑන් පාර තමයි කන්න බැරි
ආ මේ ඇති තව කැවොත් ඉස්මුරුත්තාවට එයි වෙලාවත් නැ ජෙයියනෙ මං සීඊඕ හින්දම හොදයි. වෙන රස්සාවක් කරන්න උනා නම් එහෙම ටේ පුතේ උබට අබ සරණයි.🐯" ඔම්මා මං යනවා "
👧" පරිස්සමෙන් ගිහින් එන්න ටේ බබා "
පැය භාගෙකින් වගේ මට එන්න පුළුවන් උනා. patrice එක තමයි ඉතින්. අපේ ඔම්මගේ ටේ බබා කාර් පිස්සෙක් කියලා දන්නෙ ගෙදර කට්ටියයි මගේ හා පැටියයි විතරයි ඉතින්
💂" Good morning sir "
ඒ සිකුරිටි අන්කල්....මෑන්ට හතලිහක් විතර ඇති ...මං එද්දී කට පුරෝලා හිනාවෙලා ගුඩ් මෝනින් කියනවා ඉතින්...මට මොන good ද අන්කල් මගේ කුකී නැතුව. මං මේක අස්සේ පොඩ්ඩක් හරි හිනාවෙනවා නම් ඔය මනුස්සයා එක්ක විතරයි. පොඩි මිනිහා කොහොමත් අදාළ දේ විතරක් කරගෙන පාඩුවේ ඉන්න එකානෙ....එහෙව් මිනිස්සු ගාව ඔය ලොකු කම් නැ
ඔන්න ඉතින් වට්ටි අම්මලා සෙට් එක... ඔච්චර කොටට කොටේ ඇදගෙන පෙර මග බලාගෙන ඉන්නෙ මං එනකන්නෙ....ඇත්තට කියන්නත් හිතයි නංගි මං ටේකන් කියලා 😌 ඕවා කෙරෙන්නැ හලු ....උබලගේ ඇගවල් පෙන්නුවයි කියලා මේ මාව නම් තම්බන්න බැ ඉතින්...උබලා ඔක්කොටම වැඩිය ලස්සනයි බන් මගේ කොල්ලා🍄" Good morning sir "
ඒ ඉතින් මගේ සෙකට්‍රි ...ඔව් මගේ සෙකට්‍රි මිස්ටර් පාක් ජිමින් 😌
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🖐️
YOU ARE READING
DONT LEAVE ME 🖤
Fanfictionමං සතුටින් ...ඇයි දන්නවද .... උබට ආදරේ කලා ....නොකිව්වට උබත් මට ආදරේ කලා .... මං තව දුරටත් සමාජය ප්රශ්නයක් කරගන්නැ... මොකද්ද මට ඇති වැඩේ... උබ මගේ නම් මං උබේ නම් උබේ උනුහුමත් ලබන්න පුළුවන් මට විතරයි නම් ඇයි යකෝ සමාජයක් ගැන හිතන්නෙ මං .... කසාද කො...