Pov 🐰
අදත් ඉර පායනවා වගේ අපි දෙන්නත් උදෙන්ම නැගිටලා සුපුරුදු දින චර්යාව තමා ඉතින් ....මොනවා උනත් නලු බට්ටා වගේ ඉන්න එපා ඇයි ... කුනු යන්නම බොඩි වොෂ් දාලා තුවාය පිටින්ම කාමරේට ඇවිල්ලා කලු පාටින්ම ඇද ගත්තා ....කලු ඉතින් මගේ ජාතික වර්ණයනෙ ....හේසෝකා පහල ඉදන් කෑගහනකොට මං ඉක්මනට කොන්ඩෙත් පස්සට පීරලා පහලට ගියා... ඒ යනකොට මූ කාර් කී එක කරකව කරකව ඉන්නවා.
🐰" මං හරියෝ "
මූ වචනයක් කතා කලේ නැ...බලනවා තියෙන කැත කම ඔච්චර කට නැද්ද ඒනම් යමු කියලා කියන්න...අනේහ් මං මොකටද මේ හේසොකාට සෙකන්ඩ් වෙන්නෙ මාත් ශටර් එක දිහා බලාගෙනම ගියා....මු පව් නිසා යන්නම් කියාගෙන බැස්සා....මොනවා උනත් මිනිහා හැමදාම මාව කැම්පස් එකට දානවනෙ...හ්ම්
ඇතුලට යනකොටම යුන්ගියා ගාට ගාට යනවා ....මේ මනුස්සයා ඇවිදින්නෙත් නිදාගෙනද මන්දා ....පාඩම වේලාවෙත් නිදි ....මේ යකා කැම්පස් එන්නෙ නිදාගන්න විතරයි
🐰" ඒයී යුන්ගියා ඕම හිටපන් "
අනේ අම්මපා මං ගිරිය කඩන් කෑගහන්නම ඔනි මේකව නවත්තගන්න ....නැත්තං ඕම ඇස් වහගෙන ගිහින් කාගේ ඇගේ හැප්පෙයිද දන්නැ
🍟️" ආ උබ එනකන් හිටියේ බඩ්ඩක් කියන්න "
🐰" මෙතන බැ...යමන් ඇතුලට ....ලෙක් එකට වේලාව හරි ...පිටිපස්සෙන්ම පේලියේ ඉමු"
අපි ගිහින් පිටිපස්සෙම පේලියේ ඉදගත්තා ....යුන්ගියා බැග් එකත් ඩෙස්ක් එක උඩින් තියලා හරි බරි ගැහිලා ඉදගන කතාවක් කියන්න වගේ ලෑස්ති වෙනවා...මුට ඉදගන්න යන වේලාවේ මං මේකා කොයි වේලාවෙද කියන්නේ කියලා බලන් ඉන්නවා ....අනේ ඉතින් යුන්ගියා
🍟️" අහපන්කෝ "
🐰" අහගන තමා බොල ඉන්නේ "
🍟️" මැදින් ඇඩ් දාන්නෙ නැතුව හිටපන්කෝ ....ඔන්න මං වෙනදා වගේ කැම්පස් එක අයිනෙන් මං බිම බලාගෙන ආවා හරිද ....මාව ගිහින් හැප්පුනානේ
🐰" කොහෙද හැප්පුනේ උබට තුවාලද පෙන්නනවා "
🍟️"පොඩ්ඩක් හිටපන් ඒම හැප්පිල්ලක් නෙවෙයි ...හැන්සම් කොල්ලෙක්ගේ ඇගේ ගිහින් හැප්පුනේ ...ඌ පට්ට කියුට් බන් "
YOU ARE READING
DONT LEAVE ME 🖤
Fiksi Penggemarමං සතුටින් ...ඇයි දන්නවද .... උබට ආදරේ කලා ....නොකිව්වට උබත් මට ආදරේ කලා .... මං තව දුරටත් සමාජය ප්රශ්නයක් කරගන්නැ... මොකද්ද මට ඇති වැඩේ... උබ මගේ නම් මං උබේ නම් උබේ උනුහුමත් ලබන්න පුළුවන් මට විතරයි නම් ඇයි යකෝ සමාජයක් ගැන හිතන්නෙ මං .... කසාද කො...