Koo POV 🐰
2 ago
සමාවෙන්න ටේ. මට සමාවෙන්න කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ රත්තරන්. වෙනදා වගේ කතා කරලා සමුගන්න ගියා නම් ඔයා මට යන්න දෙයිද ....මට යන්න පුළුවන් වෙයිද ? නැ ටේ අපිට එහෙම සොදුරු සමුගැනීමක් උරුම නැ , ඒ සොදුරු බවට ගොඩක් ලෙංගතු නිසා.
ඔයාගේ කෝපී පාට ගැඹුරු ඇස් දිහා බලාගෙන ඔයාගේ හා පැටියා කොහොමද හෙට යන්නේ මගේ කොටි පැටියව තනි කරලා ....මං එච්චර ගල් හිතක් තියෙන මනුස්සයෙක් නෙවෙයි ටේ
මේ අපේ ඉරණම වෙන්න ඇති අපිට අපි අයිති නැතුව ඇති . නැ අපේ නෙවෙයි මේ මගේ ඉරණම ...හ්ම්ම් ඔව් මට ඔයාව අයිති නැතුව ඇති රත්තරන්. ඉතින් අත් හැරීම නේද හොදමඅපේ මතක අපි එකට ගෙව්ව කාලේ රැයක් දවාලක් නැතුව ඔහේ කියවපු කතා සමහරවිට ඒවා අපිට අදාළ නැ ඒත් ඒ ඇතුලේ තිබ්බ සතුට , ඔයාට තියෙන්නෙ හරි ලස්සන කට හඩක් ටේ නිවාඩු දවසේ වෙරළ කොනක ඉදගෙන ඈත ක්ෂිතිජය දිහා බලන්න තමයි ඔයා ආසම. එතකොට ඔයා භාවනාවක් ටේ මං ගිටාර් එක අතට දීලා සින්දුවක් කියන්න කිව්වම ඔයා දන්නවා මං ආසම සින්දුව හරි ලස්සනට කියන්න .
එතකොට ඒ භාවනාව ඇතුලේ මට ධ්‍යානගත වෙන්න පුළුවන් ටේ. ඔයාට වගේ මට ලස්සනට සින්දු කියන්න බැ කොටියෝ. ඒත් මට විදින්න පුළුවන් වැඩියෙන්ම ඔයාගේ හඩ.
හැබැයි හෙටින් පස්සේ මේ මුකුත්ම නැ නේද කියලා මතක් වෙනකොට ඇල්පෙනෙති තුඩු දාහස් ගානක් පපුවට අනිනවා වගේ හීන් රිදුමක් දැනෙනවා ටේ. ඔයාට ඔය රිදෙන තරමටම මටත් රිදෙනවා ටේ. ආයෙත් ලගින් ඉන්න බැරි වෙයි ඒත් මගේ ඇගේ දුවන හැම ලේ බින්දුවකම තියෙන්නෙ ඔයාට දුන්න ආදරේ විතරමයි. ඒ හදවතට වෙන කෙනෙකුට අයිතිවාසිකම් කියන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නැ. මගේ කොටියා හැමදාමත් මෙතන ඉන්නවනෙ ඔය රූපේ කවදාවත් මැකෙන්නැ.
පපුව ලගට ගත්තු අත දිහා බලාගෙනම හිටිය මං කාමරේ දොර දිහා බැලුවේ ඔම්මගේ කටහඩ ඇහුන නිසා.👩" වොෂ් එකක් දාගත්තේ නැද්ද දරුවෝ කෑම ලැස්ති සෝදගෙන කන්න එන්න "
🐰" හරි ඔම්මා"
මං ඉක්මනට බාත් රූම් එකට ගියේ තවත් මෙතන හිටියොත් ඔම්මාගේ ටේප් එක අහන්න තමා වෙන්නෙ.
ඉක්මනට වොෂ් එකක් දාගෙන කලු පාට ආම් කට් ටී එකට අලු පාට ශොට් එක ඇදලා කිචන් එක පැත්තට ගියේ ඔම්මා හදලා තියෙන දෙයක් ගිලලා එන්න කියලා ....බොරු මරිසි නැනෙ මං ලග ....පැත්ත ගහලා ගියත් ඇත්ත කියනවා.... අපේ ඔම්මා හදන මිල්කි එකයි පෑන් කේක් ටිකයි තමා මරු....ආයේ ඉතින් මේවා කවදා කන්නද ....ඕ දැන් ඔය බලන්නේ අර කලින් හොටු පෙර පෙර අඩපු කොල්ලා කෝ කියලා නේද .....මේමයි ඔනම දෙයක් ඔනාවට වැඩිය එපා නෙහ්
අඩන්න අඩන්න ජිවිතේ සුන්දර වෙනවා නම් බැරියැ .... ප්‍රශ්නයක් උනාම හරි දුක හිතුනාම හරි ඒ මත්තෙම ඉන්න එපා බන් .... අඩපන් අඩලා ඉවරයක් කරපන්.
... ආදරේ අමතක කරන්නැතුව ....අවංක ආදරේට වටිනාකමක් තියෙනවා බන් ඒක ඌත් දන්නවා මාත් දන්නවා ....දන්නවද හැමදේමටම කදුලු ඉස්සර ගන්නේ දුර්වල මිනිස්සු ...කදුලු මිනිස්සුන්ව දුර්වල කරද්දී ආදරේ මිනිස්සුන්ව ශක්තිමත් කරනවා ....හැබැයි අවංක වෙයන් ...අවංකව ආදරේ කරලා බූටක් කෑවත් කමක් නැ...👩" මොනාද දරුවෝ කල්පනා කරන්නේ මං දැන් කෑම එක බෙදලා කොයි වෙලේද අතක්වත් තියලා නැනෙ "
🐰" ආ නැ ඔම්මා මුකුත් නැ "
👩" හ්ම් මුකුත් නැත්තං කන්නකෝ....ඕක කාලා ඔයාගේ ලගේජ් එක රෙඩි කරගන්න "
🐰" හරි මගේ සුදු "
ඒ මගේ සුදු ඔම්මනෙ ....කොච්චර කොහොම උනත් ලගින් ඉන්න ටික වේලාවේ මට එයාත් එක්ක සතුටින් ඉන්නයි ඔනේ.... අර කොටියා ගැන කියලා මගේ සුදුව තරහා කරගන්න බැ අනේ ....සුදුටයි සුදාටයි ඉන්නෙත් මං විතරයිනෙ ....මට තමා ඉතින් මේ දෙන්නම ආදරේ .... හ්ම්ම් ගෙදර එකම ලමයා උනාම වාසී වැඩි කියන්නේ නිකන් නෙවෙයිනෙ 🌚
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
හායී කප් කේක්ස් ❤️
කෝ බලන්න ඒම වාසී තියෙන කප් කේක්ස්ලා අන්න අර පොඩි තරුව ඔබාගෙන යන්න පොඩි කමෙන්ට් එකකුත් දාලාම 🌚
අපේ ටැනී බෝලේ තවත් ටිකක් ලොකු වෙලා නේද ❤️
YOU ARE READING
DONT LEAVE ME 🖤
Fanfictionමං සතුටින් ...ඇයි දන්නවද .... උබට ආදරේ කලා ....නොකිව්වට උබත් මට ආදරේ කලා .... මං තව දුරටත් සමාජය ප්‍රශ්නයක් කරගන්නැ... මොකද්ද මට ඇති වැඩේ... උබ මගේ නම් මං උබේ නම් උබේ උනුහුමත් ලබන්න පුළුවන් මට විතරයි නම් ඇයි යකෝ සමාජයක් ගැන හිතන්නෙ මං .... කසාද කො...